News Category
From Date
To Date
Maximum Number of Result

පුද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුපත් ඉහළට

Sep 12, 2024 at 08:54 AM
|

පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 11 දිනයේදී අත්සන් තැබූ අතර ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.

පුද්ගලික අංශයේ සේවා යෝජකයින් සිය සේවකයින් සදහා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාතික අවම මාසික වේතනය වශයෙන් රුපියල් 17,500ක් සමග 2005 අංක 36 හා 2016 අංක 4 දරණ අය වැය සහන දීමනා පනත් මගින් ගෙවිය යුතු රුපියල් 3,500ක අය යැය දීමනා ඇතුළු රුපියල් 21,000ක අවම වේතනයක් ගෙවිය යුතු බවද අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝශික ගෙවීම් සදහා අදාල අවම වැටුප අදාල කරගත යුතු බවද අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

2016 අංක 03 දරන ජාතික අවම වේතනය පනත හඳුන්වා දීම මඟින් පෞද්ගලික අංශයේ සේවය කරන සියළුම සේවකයින් සඳහා 2016.01.01 දින සිට බලාත්මක වන ආකාරයට ජාතික අවම වේතනයක් නියම කිරීමට කටයුතු කර ඇත. මෙම පනත මඟින් මාසික වැටුප් ගෙවන සේවකයන් සඳහා රුපියල් 10,000ක අවම වේතනයක් ද දෛනික වැටුප් ගෙවන සේවයන්ට රුපියල් 400ක දෛනික අවම වේතනයක් ගෙවීමට ද මුල් අවස්ථාවේ දී නියම කරන ලදී. නැවත 2021 වර්ෂයේ දී මෙම පනතට ගෙනෙන ලද සංශෝධනයක් මඟින් අවම මාසික වේතනය රුපියල් 12,500 දක්වා ද දෛනික වේතනය රුපියල් 500 දක්වා ද 2021 අගෝස්තු මාසයේ සිට ඉහළ නැංවීමට කටයුතු කරන ලදී. මෑත කාලීනව රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව පෞද්ගලික අංශ‌යේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් 2021 වර්ෂයේ සිට සිදු නොවීම නිසා අවස්ථා කිහිපයක දී ජාතික කම්කරු උපදේශන සභාවේ දී සාකච්ඡා කිරීමෙන් පසු ජාතික අවම වේතනය රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000කින් ද, දෛනික අවම වේතනය රුපියල් 500 සිට 700 දක්වා ද රුපියල් 200කින් ද ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, අදාළ පියවර අනුගමනය කිරීමෙන් අනතුරුව මෙම සංශෝධන කෙටුම්පත 2024.09.03 වන දින පර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට කටයුතු කළ අතර, ගරු කථානායකවරයා විසින් එකී කෙටුම්පතට අත්සන් කිරීමෙන් පසු මෙම මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ප්‍රකට ධර්ම දේශක පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වූහ.
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කිරීම් සිදුකර තිබේ.
අමාත්‍ය බිමල් රත්නයක මහතාට එරෙහිව එල්ල වන චෝදනා ගැන විමර්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
ප්‍රසාද දීමනා කප්පාදු කිරීමට එරෙහිව අද (29) පස්වරු 12.30න් පසු ලංකා බැංකු ශාඛා පද්ධතිය වසාදමා සියලු‍ ගනුදෙනුවලින් ඉවත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.
2025 පලාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණේ “පංචායුධය ලකුණින්” තරගවැදී තේරී පත්වූ, පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් පසු තේරීපත්වූ සභිකයින් 26 දෙනා ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව සිදු කරන ලදි. පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඔවුන්ට මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කල අතර ඔවුන් සියලු දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුබ පැතුම්ද එක් කළේය. පළාත් පාලන නියෝජිතයන් විසින් ලබාදුන් 9 වැදැරුම් පුතිඥාව පහතින්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

ප්‍රධාන පුවත්

යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි

2025 පලාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණේ “පංචායුධය ලකුණින්” තරගවැදී තේරී පත්වූ, පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් පසු තේරීපත්වූ සභිකයින් 26 දෙනා ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව සිදු කරන ලදි. පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඔවුන්ට මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කල අතර ඔවුන් සියලු දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුබ පැතුම්ද එක් කළේය. පළාත් පාලන නියෝජිතයන් විසින් ලබාදුන් 9 වැදැරුම් පුතිඥාව පහතින්

අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)

අනුර වික්‍රමසිංහ රනිල් සීයා ගිය වැල්පාලමේම ලංකාව නමැති දරුවා වඩාගෙන ඔහේ යන බවත්, රටේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)

පසුගිය කාලයේ රේගුවෙන් පිටකළ ඉහාලුම් එසේ නිදහස් කරන්නට රේගු නිලධාරීන්ට නියෝග කළේ තමන් බව අමාත්‍ය බිමල් රත්නායක විසින් වීරයෙකු මෙන් පැවසූ බවත්, ඔහු වරාය භාර ඇමතිවරයා වුවද ඔහුට එසේ රේගු නිලධාරීන්ට නියෝග දීමට හැකියාවක් නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..

ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය සහ යුද්ධයෙන් පලස්තීන දරුවන් අනාථභාවයට පත්වීම සම්බන්ධයෙන් වහාම මැදිහත් වන්නැයි කාන්තා පරපුර සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

මහානාහිමියන්ට අපහාස කළා යැයි ජෙනරාල් දයා රත්නායකට මහජන විරෝධය..

පාදෙණිය රජමහා විහාරයේ දී චාල්ස් තෝමස් නමැති විවාදාත්මක චරිතයක් ගෙන්වා සිදුකළ වැඩසටහනේ දී ඊට සහභාගි වූ ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මගින් මහානායක හිමිපාණන් වහන්සේලාට අපහාසයක් වූ බවට ලංකා ලීඩර් පාඨකයන් රාශියක් විසින් අදහස් දක්වා තිබේ.

වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

අමරපුර ශ්‍රී සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි හිමිපාණන් වෙත මියන්මාර රජයෙන් මහාසද්ධම්ජෝතිකධජ ගෞරව උපාධිය පිරිනැමීම වෙනුවෙන් පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේදී ඊයේ (25) පැවැති උපහාර උත්සවයට සහභාගි වෙමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති වටිනාකම ලබාදීමට වත්මන් පාලකයින් කටයුතු නොකරන බවට චෝදනා කළහ.

කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..

Colombo Dockyad plc කොටස් 51% ක් ඉන්දියානු රජයට අයිති එරට නාවික හමුදාවට ආයුධ සකසන Mezagon Dock shipbldesr සමාගමට විකිණීමට එරෙහිව අද දින පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද ස්වාධීන වහන්සේ සහ දේශප්‍රේමි ජාතික පෙරමුණේ නායක නුවන් බෙල්ලන්තුඩාව මහතා විසින් ජනාධිපතිට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම බිමල් රත්නායක ඇමතිවරයාට ලිපි යොමු කර තිබේ.

දුමින්ද දිසානායක අත්අඩංගුවට

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකි බවත්, මෙය හෙළිකිරීමට ශ්‍රී ලංකා රජය අකමැති වී ඇත්තේ එනිසාම විය හැකි බවත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.