
මෙරට වෘත්තිය සමිති කප්පම් දේශපාලනයෙන් බේරාගැනීමට වාමවාදී බලවේග එක්විය යුතුයි... රට විනාශ කරන්නට එන වෘක බළකාය පරජය කළ යුතුයි - දිලිත් කියයි
මෙරට වෘත්තිය සමිති ව්‍යාපාරය කප්පම් දේශපාලනයෙන් බේරාගැනීමට වාමවාදී සියලුදෙනා එක්විය යුතු බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (11) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තිය සමිති පක්ෂ මූලස්ථානයේ පැවති හමුවක් අමතමිනි.
ෙසර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් මෙලෙස හමුවිය.ෙඑහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,
"මේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාරය කියන්නේ නිර්මල ව්‍යාපාරයක්. මෙන්ම මේ වෘත්තීය සමිති ව්‍යාපාරය තමයි මේ දම්පාට.. වමයැයි ඇවිල්ලා අද වමනය දාගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණ පාවලා දුන්නේ. අද මේක කප්පම් ව්‍යාපාරයක්. අද පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන්ගේ අයිතිවාසිකම් යනුවෙන් පෙනි සිටිමින් ඒ හාම්පුතුන් සමග ඩීල්වල ඉන්න වෘත්තිය සමිති ව්‍යාපාරයක්. තමන්ගේ ශ්‍රමය හදවතින් දායක කරන ඒ සේවකයාගේ වැටුප් වර්ධකයටත් හොර රහසේ පොකට් ගහනවා නම්... ඒකත් අරගෙන ගිහිල්ලා තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය සඳහා අවශ්‍ය අරමුදලට දාගෙන ඉන්නවා නම්... එවැනි ආයතනයක් තියෙනවා නම්... බිල්ඩිමක් තියෙනවා නම්.. 09 වන තට්ටුවේ... ගහගන්න අකුණු සන්නායකයක්. අපි පෙනී සිටින්නේ මේ රටේ වැඩ කරන ජනතාවගේ ඒ සැබෑ අයිතිවාසිකම් වෙනුවෙන්."
"මම මගේ පළවෙනි සමාගම 1993දී ආරම්භ කරනකොට අපිට හිටියේ එක සේවකයයි. ඒ සේවකයා අවේ අත්උදව්වට. ඔහු ආව පළවෙනි දවසේම මම ඔහුට කිව්වා මට සර් කියන්න එපා... මට දිලිත් කියලා කියන්න කියලා. ඔහු අදටත් මට කතා කරන්නේ දිලිත් කියලා. ඒක නේද අපි විශ්වාස කරන සමානාත්මතාවය."
"ඒ සහෝදරවරුන්ට මතක් කරන්නට ඕනේ මේ සහෝදරත්වය තියෙන්නේ හදවතේ. අපේ රට විනාශ කරන්නට එන වෘක බළකාය. ඔවුන් පරාජය කළ යුතුයි. කොන්දේසි විරහිතව."
මූලාශ්‍ර - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
