
විවාදයකටවත් එන්නෙ නැති පුද්ගලයින්ගෙන් පවතින පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකියි - අරුන් සිද්ධාර්ත්
තමන් වරදක් සිදුකර නැතිනම් ජනතාව හමු වී ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජික සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, පසුගිය 07 වනදා ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් පැවැත්වූ විවාදයට නොපැමිණි අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ඔහු පෙන්වා දෙන්නේ, විවාදයකට සහභාගීවිමට පවා නොහැකි පුද්ගලයින්ගෙන් ජනතාවට පවතින පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවය.
ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන් සිද්ධාර්ත් මහතා,
"අපි දැක්කා අමෙරිකාවේ මේ විවාද, ලෝකේ වටේ මේ විවාද සිදුවෙනවා. ජර්මන්වල, ෆ්‍රාන්ස්වල, මෙක්සිකොවල, එංගලන්තයේ වගේ දියුණු වෙච්ච රටවල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ සෘජුව විවාද කරන එක සංස්කෘතියක්. එ් සිස්ටම් චේන්ජ් එක අපිත් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ විවාදයට මේ කිසිම කෙනෙක් සහභාගි වුණේ නෑ. මේ අය හැමකෙනාම පස්ස ගැහුවා. ඒකම තරුණයන්ට හොඳ සලකුණක්. දිලිත් ජයවීර මැතිතුමා ඇරෙන්න, අර අනිත් අපේක්ෂකයෝ පස්දෙනාම මේ චූටි චෙන්ජ් එකවත් කර ගන්න බැරි වුණ අය. කොහොමද අනිත් ඒවා වෙනස් කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. තමන් ළඟ වරදක් නැත්තන් ඇයි මිනිස්සු හම්බ වෙන්න බය වෙන්නේ. මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බය වෙන්නේ."
"සමාජ මාධ්‍යවල කියනවා දිලිත් ජයවීර මහත්තයා ඇන්ටිජන් හොරකම් කළා කියලා, නැත්තන් නයි පෙන්නුවා කියලා. ඔය ප්‍රශ්න ටික අහන්න තිබුණා නේ විවාදයට ඇවිලා. ඒ ෆයිල් ටික ගෙනැල්ලා අනුර කුමාර මත්තයාට කෙලින්ම ඇවිල්ලා දාන්න තිබුණා නේ. ෆයිල් එකතු කරන්න හොඳ දක්ෂ මිනිස්සුනේ. ඒ නිසා නැවත වතාවක් අපෙන්නම් අහන්න එපා මේ ඇන්ටිජන් කතාවයි, නයි කතාවයි. 07 වෙනිදායින් පස්සේ ඒක වලංගු නෑ."
"අනුර කුමාර මහත්තයා යාපනේ ඇවිල්ලා කරපු ප්‍රකාශයක් තියෙනවා. දකුණේ ජනතාව අපිට තමයි ඡන්දේ දාන්නේ, අපි අනිවාර්යයෙන් ජය ගන්නවා. ඒ ජයග්‍රහණයේදී උතුරේ ජනතාවත් අපිට අනිවාර්යයෙන් ඡන්දේ දාන්න ඕනේ නැත්තන් දකුණේ අය හතුරෝ හැටියට සලකයි කියලා. බය කරලා, තර්ජනය කරලා, මිනිස්සුන්ගෙන් ඡන්දෙ ගන්නේ ඒ වගේ කතාවක් තමයි කියලා ගියේ. ඒ කතාව අපි පැහැදිලිව දෙතුන්පාරක් ඇහුවා. අර ලාල්කාන්තලා දෙන්නේ පුස් ටෝක්. මිනිස්සුන්ව බය කරලා ඡන්දෙ ගන්න. ඒ වගේ කතාවක් ඕක. චණ්ඩිකම් පෙන්නලා ඡන්දෙ ගන්න බෑ අනුර මහත්තයා."
"අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. අපි බලයට ආවොත් කරන දේ කියලා තියෙනවා. මේකට එකඟ නම් අපිට ඡන්දෙ දාන්න කියලා තමයි අපි කියන්නේ. එක තමයි හරි කතාව. ඒ චණ්ඩිකම් දකුණේ තියා ගන්න. උතුරට ඇවිල්ලා දාන්න එපා. දකුණෙත් තියාගන්න එපා. දකුණෙත් ඕවාට අහුවෙන්නේ නෑ."
- දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
