
2009 දී එල්.ටී.ටී.ඊ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් නොකළා නම් අද රටට සිදුවන්නේ කුමක්ද? - රණවිරුවන් දඩයම් කිරීමට ක්‍රියාත්මක මෙහෙයුම ගැන විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස්ගෙන් අනාවරණයක් (වීඩියෝ)
බෙදුම්වාදී ත්‍රස්තවාදය රට තුළ ක්‍රියාත්මක වෙමින් පැවති සමයේ මෙරට දේශපාලකයන් වැඩ කටයුතු කළේ භීතියෙන් බවත්, අද ඔවුන් සියලු දෙනාට නිදහසේ දේශපාලන කටයුතු කිරීමට හැකි වී ඇත්තේ වීරෝධාර රණවිරුවන් දශක තුනක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කිරීම නිසා බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ 'යුතුකම' ජාතික සංවිධානය විසින් ඉකුත් දා පවත්වන ලද 'මවුබිම හමුවේ ඇති අභියෝග' සම්මන්ත්‍රණයේ දී අදහස් පළකරමිනි.
අද උතුර, නැගෙනහිර එකම නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් කටමැත දොඩවන බොහෝ අය එකල පෙනෙන්නටවත් නොසිටි බව ද ඒ මහතා මෙහිදී පැවසීය.
2009 දී එල්.ටී.ටී.ඊ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් නොකළා නම් අද රට කවර තැනක ඇද්දැයි යන්න සිතා බැලිය යුතු බවත්, ත්‍රස්තවාදය අවසන් කිරීම නිසා රණවිරුවන් සමග මෙතරම් වෛරයකින් පසුවන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතු බවත් ජගත් ඩයස් මහතා මෙහිදී සඳහන් කළේය.
වර්තමානයේ රට බේරාදුන් රණවිරුවන් දඩයම් කිරීම සඳහා ක්‍රියාත්මක වන ක්‍රියාදාමය පිළිබඳව අතිශයෙන් කණගාටුවට පත්වන බවද, රණවිරුවන් දංගෙඩියට යවන ක්‍රියාදාමයේ දී දැනට රණවිරුවන් 52 දෙනෙකුගේ නම් ඒ සඳහා යෝජනා වී ඇති බව ද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
