
පුනර්ජනනීය බලශක්තිය හරහා වසරකට රුපියල් බිලියන 125 ක් රටට ඉතිරි කර දුන්නා - කීර්ති වික්‍රමරත්න
‘සූර්ය බල සංග්‍රාමය’ හරහා මෙගාවොට් 1000ක සූර්ය බල ශක්තියක් ප්‍රධාන විදුලිබල ප්‍රවාහයට එක්කරදීම සඳහා මූලිකත්වය ගනිමින් වසරකට රුපියල් බිලියන 125 බැගින් රටට ඉතිරි කර දුන් බව සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ හිටපු සභාපති ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා පැවසීය.
ඩීසල්, ගෑස් හා ගල්අඟුරු සඳහා විශාල වශයෙන් විදෙස් විනිමය ගලායෑම නැවැත්වීම සඳහා පුනර්ජනනීය බලශක්ති (සුළං,ජල, සූර්ය, භූගත තාප හා මුහුදු ජල තරංග බල) භාවිත කිරීම හැකි තරම් වැඩි කිරීම තුළින් නිෂ්පාදන වියදම අඩු කිරීමත්, දැනට පවතින අධික විදුලි බිල අඩු කිරීම තුළින් ජීවන වියදම අඩු කිරීමත්, රටේ පවතින ඉතා ඉහළ ප්‍රවාහන වියදම් අඩු කිරීමත්, මෙම පුනර්ජනනීය බලශක්තිය තුළින් ළඟා කර ගැනීමට හැකි වන බවද අපේ ජනබල පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා කියා සිටියේය.
එමෙන්ම ‘ආලෝක පූජා’ සංකල්පය යටතේ සියලු පූජනීය ස්ථානවලට නොමිලේ විදුලි බලය ලබාදීම හා ‘සැමට සෝලා’ සංකල්පය යටතේ සමෘද්ධිලාභීන්ට හා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවකයන් සඳහා ඉතාමත් අඩු මිලට සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජනනීය බල ශක්තිය ලබාදීම. ‘ගමන – බිමන හිරු එළියෙන්’ සංකල්පය යටතේ කාර්, බස්, ත්‍රිරෝද හා යතුරුපැදි සඳහා ෑඪ බැටරි තාක්ෂණය හඳුන්වාදීමටත් කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා මෙසේද කීය.
“අපි දැනටමත් සෝලා පැනල් හදන කර්මාන්තශාලා සමග කාලයක සිට වැඩ කරනවා. ඒ කර්මාන්ත ශාලා සඳහා අපි තිරිවානා ඇතුළු අවශ්‍ය කරන ප්‍රධාන සංඝටක යම් ප්‍රමාණයකට අගය එකතු කරල යවනවා මේ වන විටත්. ඒගොල්ලන් මේ රටේ සෝලා පැනල් හදන්න ආවේ. හැබැයි මේ රටේ උද්ඝෝෂණය කරල ඒවා විරුද්ධවාදීන් විසින් නවත්වා දැම්මා. අපිට බලය ලැබුණාම අපිට ඉදිරියේදී පුළුවන් වෙනවා ඒ අය ලංකාවට ගෙනල්ලා සෝලා පැනල් දෙන්න.
එතකොට මේ රටට ඉතා අඩු මිලකට සෝලා දෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි විදුලි වාහනවලට අවශ්‍ය බැටරි නිෂ්පාදනය කරන්න අපිට හැකි වෙනවා. එම බැටරි අපේම මිනිරන්වලින් නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට තියෙනවා. එමගින් ජනතාවට අවශ්‍ය ගමන් බිමන් අඩු වියදමට හෝ වියදමක් නැතිව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක නිසා විශාල ප්‍රගතියක් වෙනවා මේ රටේ පරිසරය සංරක්ෂණයට හා රටේ ඩොලර් ඉතිරි කරගැනීමට."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
