
වව්නියාව, මඩුකන්ද, ඉරට්ට පෙරිය කුලම් දක්වා මහජනතාව වෙනුවෙන් ධාවනය වූ ලංගම බස්රථය නැවතත් ලබා දෙන්න - වව්නියාව සිංහල ගෝලීය එකමුතුවෙන් ඉල්ලීමක්
වව්නියාව ශ්‍රි ලංගම ඩිපෝව මගින් මහජනතාවගේ පොදු ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් වව්නියාව සිට මඩුකන්ද මයිලකුලම් සිදම්බරම් පුරම් අලගල්ල තීරුවෙගම ඉරට්ටපෙරිය කුලම් හරහා ද නැවත වව්නියාව දක්වා ද ධාවනය කරන ලද ලංගම බස් රථය මේ වන විට ධාවනයෙන් ඉවත්කර ඇති බව වව්නියාව සිංහල ගෝලීය එකමුතුව පවසයි.
අවසන් වරට මෙම මාර්ගයේ මෙම බස් රථය ධාවනය වී ඇත්තේ 2000 වර්ෂයේදීය.
දැනට වසර විසි හතරක කාලයක් ඉක්මවා ගියද මේ ගැන අදාල බළධාරීන් නෑසූ කන්ව පිළිතුරක් ලබා නොදී නිහඬව සිටින බවත්, මේ තත්වය යටතේ මෙම ගම්මාන වල ජීවත් වන ජනතාවගේ සහ දරුවන්ගේ පොදු ප්‍රවාහන අවශ්‍යතාව සපයා ගැනීමට දුෂ්කරතා මතුව ඇති බවත් එම එකමුතුව පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදාල බළධාරීන් වෙත කිහිප වතාවක් දැනුම් දුන්නද ඊට පිළිතුරක් ලැබී නොමැති අතර, එම නිසා ප්‍රවාහන අමාත්‍යවරයා වව්නියාව මහජන නියෝජිතයන් නිසි බළධාරීන් වව්නියාව ශ්‍රිලංගම ඩිපෝවේ වත්මන් කළමනාකාර වරයා සහ නිසි වගකිය යුත්තන් මෙම මහජන අවශ්‍යතාවය වෙනුවෙන් දැන්වත් සාධාරණ පිළිතුරක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් වව්නියාව සිංහල ගෝලීය එකමුතුව සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
