වව්නියාව, මඩුකන්ද, ඉරට්ට පෙරිය කුලම් දක්වා මහජනතාව වෙනුවෙන් ධාවනය වූ ලංගම බස්රථය නැවතත් ලබා දෙන්න - වව්නියාව සිංහල ගෝලීය එකමුතුවෙන් ඉල්ලීමක්
වව්නියාව ශ්‍රි ලංගම ඩිපෝව මගින් මහජනතාවගේ පොදු ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් වව්නියාව සිට මඩුකන්ද මයිලකුලම් සිදම්බරම් පුරම් අලගල්ල තීරුවෙගම ඉරට්ටපෙරිය කුලම් හරහා ද නැවත වව්නියාව දක්වා ද ධාවනය කරන ලද ලංගම බස් රථය මේ වන විට ධාවනයෙන් ඉවත්කර ඇති බව වව්නියාව සිංහල ගෝලීය එකමුතුව පවසයි.
අවසන් වරට මෙම මාර්ගයේ මෙම බස් රථය ධාවනය වී ඇත්තේ 2000 වර්ෂයේදීය.
දැනට වසර විසි හතරක කාලයක් ඉක්මවා ගියද මේ ගැන අදාල බළධාරීන් නෑසූ කන්ව පිළිතුරක් ලබා නොදී නිහඬව සිටින බවත්, මේ තත්වය යටතේ මෙම ගම්මාන වල ජීවත් වන ජනතාවගේ සහ දරුවන්ගේ පොදු ප්‍රවාහන අවශ්‍යතාව සපයා ගැනීමට දුෂ්කරතා මතුව ඇති බවත් එම එකමුතුව පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදාල බළධාරීන් වෙත කිහිප වතාවක් දැනුම් දුන්නද ඊට පිළිතුරක් ලැබී නොමැති අතර, එම නිසා ප්‍රවාහන අමාත්‍යවරයා වව්නියාව මහජන නියෝජිතයන් නිසි බළධාරීන් වව්නියාව ශ්‍රිලංගම ඩිපෝවේ වත්මන් කළමනාකාර වරයා සහ නිසි වගකිය යුත්තන් මෙම මහජන අවශ්‍යතාවය වෙනුවෙන් දැන්වත් සාධාරණ පිළිතුරක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් වව්නියාව සිංහල ගෝලීය එකමුතුව සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..