ඇමැති ප්‍රමිත ජනපති රනිල් දිනවන්න පත්‍රිකා බෙදන්න ගිහින් දඹුල්ල උණුසුම් වෙයි... පොලිසිය ඇමැතිව ආපසු හරවා යවයි
ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල නගරයේ කොළ බෙදමින් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට උත්සාහ දැරීමත් සමඟ පොලිසිය පැමිණ එම කටයුත්ත නවතා දැමූ අතර ඒ සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් ඊයේ (08දා) හටගැනිණි.
අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපතිවරයාට සහාය පළ කරමින් කොළ බෙදමින් සිටි අවස්ථාවේ තවත් පිරිසක් පැමිණ ‘හූ’ කියමින් ඊට විරෝධය පාන්නට වූ අතර එහිදී සිද්ධිය තවත් උණුසුම් විය.
මෙම සිද්ධිය ගැන අදහස් දැක්වූ දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ආර්. එම්. වසන්ත මහතා මෙසේ පැවැසීය.
අපි ඇමැතිතුමාට කිව්වා මේ වෙලාවේ ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරත වෙන්න එපා කියලා. එහෙම කළොත් නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා කිව්වා. නීතිය කාටත් එකයි. මේ වෙලාවේ මෙවැනි කටයුතුවලට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා වහාම මේ වැඩේ නතර කරන ලෙසට දැනුම් දුන්නා. ඒ අනුව ඔහු එම කටයුතු නතර කර යන්න ගියා. ඒ අනුව ප්‍රදේශයේ සාමය සුරක්ෂිත කළා.
මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,
“මම හතරපස් දෙනෙක් එක්ක කැන්වසින් එකක් කරන්න පටන් ගත්තා. ගමේ කට්ටිය ඇවිත් එකතු වුණා. ඒකට මට කරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා වෙනුවෙන් මේක කළේ. එතුමාගේ ජයග්‍රහණයට පිරිස එකතු වෙනවා. විශාල පිරිසක් මෙතනට එකතු වුණා.
පොලිසිය ඇවිත් මේක නතර කරන්න කිව්වා. ඒ අනුව අපි මේක නවත්වනවා. හැබැයි අපි දැක්කා සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ පක්ෂ රැලි තියනවා. ඒවට හොඳ ප්‍රචාරයක් ලබාදුන්නා. යූ ටියුබ්වල දැම්මා. ඒ තැන්වලත් නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. කලින් පිරිසකට මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන්න දීලා දැන් මේ ප්‍රචාරණ කටයුතු තවත් පිරිසකට කරන්න නොදීම අසාධාරණයි. ජනාධිපතිතුමා වෙනුවෙන් තමයි මේ අය ස්වෙච්ඡාවෙන් ඇවිත් ඉන්නේ.”
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..