
ඇමැති ප්‍රමිත ජනපති රනිල් දිනවන්න පත්‍රිකා බෙදන්න ගිහින් දඹුල්ල උණුසුම් වෙයි... පොලිසිය ඇමැතිව ආපසු හරවා යවයි
ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල නගරයේ කොළ බෙදමින් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට උත්සාහ දැරීමත් සමඟ පොලිසිය පැමිණ එම කටයුත්ත නවතා දැමූ අතර ඒ සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් ඊයේ (08දා) හටගැනිණි.
අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපතිවරයාට සහාය පළ කරමින් කොළ බෙදමින් සිටි අවස්ථාවේ තවත් පිරිසක් පැමිණ ‘හූ’ කියමින් ඊට විරෝධය පාන්නට වූ අතර එහිදී සිද්ධිය තවත් උණුසුම් විය.
මෙම සිද්ධිය ගැන අදහස් දැක්වූ දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ආර්. එම්. වසන්ත මහතා මෙසේ පැවැසීය.
අපි ඇමැතිතුමාට කිව්වා මේ වෙලාවේ ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරත වෙන්න එපා කියලා. එහෙම කළොත් නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා කිව්වා. නීතිය කාටත් එකයි. මේ වෙලාවේ මෙවැනි කටයුතුවලට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා වහාම මේ වැඩේ නතර කරන ලෙසට දැනුම් දුන්නා. ඒ අනුව ඔහු එම කටයුතු නතර කර යන්න ගියා. ඒ අනුව ප්‍රදේශයේ සාමය සුරක්ෂිත කළා.
මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,
“මම හතරපස් දෙනෙක් එක්ක කැන්වසින් එකක් කරන්න පටන් ගත්තා. ගමේ කට්ටිය ඇවිත් එකතු වුණා. ඒකට මට කරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා වෙනුවෙන් මේක කළේ. එතුමාගේ ජයග්‍රහණයට පිරිස එකතු වෙනවා. විශාල පිරිසක් මෙතනට එකතු වුණා.
පොලිසිය ඇවිත් මේක නතර කරන්න කිව්වා. ඒ අනුව අපි මේක නවත්වනවා. හැබැයි අපි දැක්කා සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ පක්ෂ රැලි තියනවා. ඒවට හොඳ ප්‍රචාරයක් ලබාදුන්නා. යූ ටියුබ්වල දැම්මා. ඒ තැන්වලත් නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. කලින් පිරිසකට මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන්න දීලා දැන් මේ ප්‍රචාරණ කටයුතු තවත් පිරිසකට කරන්න නොදීම අසාධාරණයි. ජනාධිපතිතුමා වෙනුවෙන් තමයි මේ අය ස්වෙච්ඡාවෙන් ඇවිත් ඉන්නේ.”
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
