මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 30කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක්
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂකයෝ චෝදනා කරති.
නීති සම්පාදන ආයතනය වූ පාර්ලිමේන්තුව ඊට සෘජුවම වගකිව යුතු යැයිද මෙය මුළුමනින්ම රටේ ජන පිරිසගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයිද මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නීති සම්පාදනයට පාර්ලිමේන්තුව මෙන්ම බලධාරීන්ද කිසිදු උනන්දුවක් දක්වා නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පැවැසීය.
සිරකරුවාගේ සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය මැතිවරණ දිනයේ තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අඛණ්ඩව පෙලඹවීම් කළද එම විෂයට අදාළව ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් ලබා නොමැති යැයි රත්නායක මහතා කීය.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණයත්් මෙතෙක් පැවැති නීති රාමුව තුළම පැවැත්වෙනු ඇතැයි කී හෙතෙම මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවරක් නැතැයිද කීය.
ඔහු මෙසේද සඳහන් කළේය.
“මේවා කිරීම සඳහා නීති පද්ධතියට අපි යෝජනා කළ සංශෝධන කිසිවක් මේ දක්වා සම්මත වෙලා නැහැ. වසර ගණනාවක් තිස්සේ යෝජනා කරන ලද සංශෝධන එහෙමමයි. ඒවත් එක්ක පාර්ලිමේන්තුව තවම ඉදිරියට ගිහින් නෑ. ඒ නිසා මෙතෙක් පවතින පනතේ තිබෙන රාමුව තුළ තමයි අපි වැඩ කළ යුත්තේ”
මේ ගැන අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ කළද ඔහු විදේශගතව සිටි නිසා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට හැකිවූයේ නැත.
ශ්‍රී ලංකාව මැතිවරණ පරිපාටින් සුරැකීම සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් ඇති රටක් යැයිද මැතිවරණ දෙපාර්තමේන්තුව හා කොමිසම ඉමහත් කැපවීමකින් ඒ පිළිබඳව කටයුතු කිරීම ඊට හේතුව යැයිද “අයිරෙස් සංවිධානයේ” විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.
විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව ලක්ෂ 30 ඉක්මවන්නේ යැයිද ඔවුන්ට ඡන්ද ප්‍රකාශ කිරීමේ පහසුකම සැලසීම සඳහා 2016දී පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පැවැතියද එය රැස්වූයේ එකම අවස්ථාවකදී පමණක් යැයිද ඉන්පසු පත්කළ තේරීම් කාරක සභාවද රැස්වූයේ අවස්ථා දෙකකදී පමණක් යැයිද ඵඔහු පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කාරක සභාව ද මේ ගැන සාකච්ඡා කළේ යැයි ද ප්‍රියසාත්් ඩෙප් කමිටුවට ද මේ ගැන යෝජනා ඉදිරිපත් කර ඇතැයි ඒ මහතා අවධාරණය කළේය.
අවසන් මහමැතිවරණයේදී සිරකරුවන් 22,800කට ඡන්ද අයිතිය අහිමි වී යැයිද බන්ධනාගාරයේ විශේෂ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කරගැනීමට නොහැකි වීම ඊට බලපෑවේ යැයිද ගජනායක මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ ලක්ෂ 30ක් 40ක් අතර පිරිසකට සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන්නේ යැයි කී හෙතෙම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතිවරණ කොමිසම මෙම තත්ත්වයට විසදුම් සෙවීම සඳහා ඒකාබද්ධව ක්‍රියා කළද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කට්ටිවාදය හා අවස්ථාවාදය විසින් එම නීති ප්‍රතිසංස්කරණ වළක්වනු ලැබ ඇතැයි හෙතෙම චෝදනා කළේය.
ඡන්ද අයිතිය හිමි පුරවැසියන්ගෙන් විශාල පංගුවකට මෙසේ එම අයිතිය අහිමි වීම දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වන නමුත් ඒ ගැන කිසිදු පරිවර්තනීය වෙනසක් නොවීම ඛේදවාචකයක් යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කීවේය.
මේ නිසා මැතිවරණ සමයේදී පමණක් කෙරෙන සාකච්ඡාවකට ලඝු නොවී එම ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථාදායකයේ කෙරෙන නීති සම්පාදන මඟින් යථාර්ථයක් විය යුතු යැයි ඒ මහතා කීවේය. ඒ අනුව ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවකට මෙම නෛතික හිඩැස පිරවීමේ ප්‍රමුඛ වගකීමක් ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..