
පාස්පෝට් එකෙන් මෙගා ගැහිල්ලක් කොටුකර ගනී… පාස්පෝට් හිඟය කෘත්‍රිමව නිර්මාණය කරලා
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාස්පෝට් නිකුත් කිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණයක් සිදුව ඇතැයි ලැබුණු පැමිණිලි මත ඒ ගැන පූර්ණ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් දූෂණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශය පුවත්පතට පවසා තිබේ.
දැනට පවත්නා පාස්පෝට් හිඟය කෘත්‍රිම ලෙස නිර්මාණය කරන ලද්දක් බව මේ දක්වා ඒ ගැන සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූ බවද ඔහු සඳහන් කළේය. මේ දිනවල පාස්පෝට් ලබාගැනීම සඳහා පැමිණෙන පිරිස් කිලෝමීටරයක් තරම් දිගු පෝලිමක රැඳී සිටින බවත් අත යටින් මුදල් ලබාගෙන පාස්පෝට් නිකුත් කිරීමේ ජාවාරමක් ගැන ලැබුණු තොරතුරු අනුව ඒ ගැන පරීක්ෂාවට නිලධාරින් පිරිසක් යෙදවූ බවත් අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.
දැනට කරන ලද පරීක්ෂණ අනුව දිනකට පාස්පෝට් 3,000 ක් පමණ නිකුත් කළ යුතු බැවින් පවත්නා ඉල්ලුම ලබන වසරේදීවත් සපුරාලිය නොහැකි වන ලෙසට හිඟයක් මවා පෑ දේශපාලන බලධාරින් හා නිලධාරින් ළඟදීම නීතියේ රැහැනට කොටු කරගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ආගමන හා විගමන පාලකවරයා සහ විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයා කොමිසමට කැඳවා ඇත. ඒ අතර මේ දූෂණයට සම්බන්ධ එක් නිලධාරියකු රාජකාරි ගමනක් යන මුවාවෙන් රට පැනීමේ උත්සාහයක් ඇතැයි පැමිණිලි ලැබී තිබෙන වග ද හෙතෙම සඳහන් කළේය.
පාස්පෝට් කාර්යාලය අසල තිබෙන දිගු පෝලිම්වල රැඳී සිටින ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටින අතර මෙය බරපතළ ආරක්ෂක අනතුරක් නිර්මාණය කර ඇති වග ද එම ප්‍රකාශකයා කීය. කෙසේ හෝ පාස්පෝට් නිකුතුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ දී දූෂණයට අදාළ සාක්ෂි දැනටමත් ලැබී තිබෙන බැවින් වගකිවයුත්තන් කොටුකර ළඟදීම ඔවුනට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට ද අපේක්ෂා කරන්නේ යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
– Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
