
උද්ධිකගේ රංගනයේ සැකකරු ASP මහානාම මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දී අයථා ලෙස මුදල් උපයලා
හිටුපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න රථයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු බවට පත්වී සිටින සංජීව මහානාම නමැති හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා ලෙස මහා පරිමාණයෙන් මුදල් හා දේපළ ඉපැයීම සම්බන්ධයෙන් පුළුත් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කරයි.
හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අයථා අන්දමින් මුදල් ඉපැයීමට සම්බන්ධ වූ බවත්, එම ඉපැයීම්වලින් ලබාගත් දේපළ වෙනත් පුද්ගලයන්ගේ නමින් රැස්කර ඇති බවත් සඳහන් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් දෙදෙනකු අනුරාධපුරය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිසිය කරුණු දක්වමින් පැවසීය.
මහානාම සැකකරුගේ සහායෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි කියන අනුරාධපුරයේ හෙරොයින් සහ අයිස් ජාවාරමට ප්‍රසිද්ධ ධර්ම ශ්‍රී පුෂ්ප කුමාර, ලංකා උමා පතිරණ හෙවත් ‘කුඩු මැණිකේ’ නමැති පුද්ගලයින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත්, සඳහන් කළ රහස් පොලිසිය පැමිණිලිකාර සැකකරුවන්ගේ හා මහානාම සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් රහස් පොලිසිය, අල්ලස් කොමිසම, වංචා විමර්ශන ඒකකය, සුරා බදු ඒකකය, රේගුව, මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශයේ අපරාධ කොට්ඨාසය ඇතුළු රජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකොළහකින් වාර්තා කැඳවා ඇති බව ද කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඉඩ සලසා ඇති බවත්, එමගින් උපයන මුදල් දිනපතා ‘ඊසි කෑෂ්’ ක්‍රමයට ලබාගෙන වෙනත් පුද්ගලයන්ගේ නමින් රැස්කර ඇති බවත් පැමිණිලිකාර ජාවාරම්කරුවන් සඳහන් කර ඇති බවටද කරුණු ඉදිරිපත් කෙරිණි.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
