උද්ධිකගේ රංගනයේ සැකකරු ASP මහානාම මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දී අයථා ලෙස මුදල් උපයලා
හිටුපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න රථයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු බවට පත්වී සිටින සංජීව මහානාම නමැති හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා ලෙස මහා පරිමාණයෙන් මුදල් හා දේපළ ඉපැයීම සම්බන්ධයෙන් පුළුත් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කරයි.
හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අයථා අන්දමින් මුදල් ඉපැයීමට සම්බන්ධ වූ බවත්, එම ඉපැයීම්වලින් ලබාගත් දේපළ වෙනත් පුද්ගලයන්ගේ නමින් රැස්කර ඇති බවත් සඳහන් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් දෙදෙනකු අනුරාධපුරය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිසිය කරුණු දක්වමින් පැවසීය.
මහානාම සැකකරුගේ සහායෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි කියන අනුරාධපුරයේ හෙරොයින් සහ අයිස් ජාවාරමට ප්‍රසිද්ධ ධර්ම ශ්‍රී පුෂ්ප කුමාර, ලංකා උමා පතිරණ හෙවත් ‘කුඩු මැණිකේ’ නමැති පුද්ගලයින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත්, සඳහන් කළ රහස් පොලිසිය පැමිණිලිකාර සැකකරුවන්ගේ හා මහානාම සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් රහස් පොලිසිය, අල්ලස් කොමිසම, වංචා විමර්ශන ඒකකය, සුරා බදු ඒකකය, රේගුව, මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශයේ අපරාධ කොට්ඨාසය ඇතුළු රජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකොළහකින් වාර්තා කැඳවා ඇති බව ද කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඉඩ සලසා ඇති බවත්, එමගින් උපයන මුදල් දිනපතා ‘ඊසි කෑෂ්’ ක්‍රමයට ලබාගෙන වෙනත් පුද්ගලයන්ගේ නමින් රැස්කර ඇති බවත් පැමිණිලිකාර ජාවාරම්කරුවන් සඳහන් කර ඇති බවටද කරුණු ඉදිරිපත් කෙරිණි.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..