
ජවිපෙ මේ යන්නේ ධනේශ්වර පංතිය එක්ක සන්ධානයකට... නිශ්චිත ප්‍රතිපත්තියක් කියාගන්න බැරුව එක එක වෙලාවට එක එක දේවල් කියනවා - කුමාර් ගුණරත්නම්
“1988- 89 යුගය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නගන අවලාදාත්මක චෝදනාවලට උත්තර නොදී ජේ.වී.පීය මේ යන ගමන වැටිලා තියෙන්නෙ ධනේශ්වර පන්තිය එක්ක සන්ධානයකට” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ පැවසීය.
නුගේගොඩ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා මෙසේ ද සඳහන් කළේය.
"මේ වෙලාවෙ අපිට පේන දෙයක් තමයි සමගි ජන බලවේග වේදිකාවේ තමන්ගේ ප්‍රතිවාදියා විදිහට ජනතා විමුක්ති පෙරමුණ නම් කරමින් ඉන්නවා. එතකොට 88-89 කාලය සම්බන්ධයෙන් විවේචනයක් එල්ල කරමින් ඉන්නවා. අපිත් සක්‍රීයව සම්බන්ධ වුණු මෙම කාලය සම්බන්ධයෙන් නගන අවලාදවලට පිළිතුරු නොදී මුණිවත රකිමින් තමයි ජනතා විමුක්ති පෙරමුණ දැන් යන්නෙ.
අපි දන්නවා ජේ. ආර්. ජයවර්ධන 78 දී විශාල මර්දනයක් එක්ක තමයි ඔවුන්ගේ 17 වසරක පාලනය පවත්වාගෙන යන්න මැදිහත් වුණේ. රට ජාතිවාදී යුද්ධයකට මග පෑදීම, උතුරේ සංවර්ධන සභා ඡන්ද කොල්ලය, යාපනය පුස්තකාලය ගිනි තැබීම, ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම, ජනමත විචාරණයක් ගෙනල්ලා ජනමතය කොල්ලකෑම වගේ දැවැන්ත මර්දනකාරී වැඩපිළිවෙළක් එක්ක තමයි ජේ. ආර්. පාලනය පවත්වාගෙන ගියේ.
එහෙම කොල්ලකාරී පාලන ක්‍රමයකට එරෙහිව තමයි 88- 89 දී ජනතා විමුක්ති පෙරමුණ විදිහට ඒ අරගලයට මැදිහත් වුණේ. අපි දන්නවා දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිට එහි යම් යම් දේවල් පිළිබඳව ස්වයං විවේචන තියනවා. හැබැයි ඒ ඇතිවුණ තත්ත්වයට වගකියන්න ඕන රනිල් වික්‍රමසිංහලා පවා නියෝජනය කරන ලද කොල්ලකාරී පාලනය. හැටදහසක් ජනතාව ජීවිත පරිත්‍යාග කරමින් කරන ලද එම අරගලය පිළිබඳ එල්ල කරන චෝදනාවලට උත්තර නොදී ජේ.වී.පීය මේ යන ගමන වැටිලා තියෙන්නෙ ධනේශ්වර පන්තිය එක්ක සන්ධානයකට කියන එක පැහැදිලියි.
දැන් මාක්ස්වාදය අසාර්ථකයි, මාක්ස්වාදය ෆේල්, වෙළෙඳපොළ ආර්ථිකයක් තමයි හැදෙන්න ඕන කියද්දි ගැලරියට වෙලා සිනහමුසු මුහුණින් මුණිවත රකිමින් ඉන්න තරම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අද තමන්ගේ ප්‍රතිපත්ති පාවාදෙමින් ඉන්නවා.
අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වශයෙන් තිබුණා සන්නාමයක්. දේශපාලන බෙදුම් රේඛාවක්. අද වෙද්දි සියලු පාර්ශ්වයන් සතුටු කරන්න ජනතා විමුක්ති පෙරමුණ මේ යන ගමන එක්ක ඔවුන්ට ඒ නිශ්චිත බෙදුම් ඉර ඇඳගන්න බැරි වෙලා තියෙන්නෙ. නිශ්චිත ප්‍රතිපත්තියක් කියාගන්න බැරුව එක එක වෙලාවට එක එක දේවල් තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කියන්නෙ."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
