
වසන්ත සමරසිංහ බොරු කිව්වා කියා මනූෂ නඩු යයි
විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිමය පියවර ගෙන තිබේ.
ඊශ්‍රායල් සහ කොරියානු රැකියා ලබාදීම සදහා අත්සන් යෙදීම සදහා මුදල් ලබාගන්නා බවට වසන්ත සමරසිංහ කර තිබෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බවද එන්තරවාසියේ සදහන් වේ.
මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය භාරව කටයුතු කළ කාලයේදී විශාල පිරිසක් විදේශ රැකියා සදහා පිටත් කර යවා තිබෙන බවද, එසේ විශාල පිරිසක් විදේශ රැකියා සදහා යොමු කිරීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර වෛරය ඇති කිරීම සදහා මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන බවද එන්තරවාසියේ දැක්වේ.
අසත්‍ය ප්‍රකාශ කරමින් අපකීර්තියට ලක් කිරීම සමබන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර එම වන්දි මුදල දින 14ක් ඇතුළත ලබාදීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා වන්දි මුදල සහ නඩු ගාස්තු අය කරගැනීමට කටයතු කරන බවද වසන්ත සමරසිංහ වෙත යොමු කළ එන්තරවාසියේ දැක්වේ.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මනුෂ නානායක්කාර මහතා කටයුතු කළ අවස්ථාවේදී විදේශ රැකියා ජාවාරම් වැලැක්වීම සදහා දැඩිව කටයුතු කළ අයෙක් වන අතර එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම සදහාද අවශ්‍ය දායකත්වය ලබාදුන්නේය.
– Midea unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
