වසන්ත සමරසිංහ බොරු කිව්වා කියා මනූෂ නඩු යයි
විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිමය පියවර ගෙන තිබේ.
ඊශ්‍රායල් සහ කොරියානු රැකියා ලබාදීම සදහා අත්සන් යෙදීම සදහා මුදල් ලබාගන්නා බවට වසන්ත සමරසිංහ කර තිබෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බවද එන්තරවාසියේ සදහන් වේ.
මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය භාරව කටයුතු කළ කාලයේදී විශාල පිරිසක් විදේශ රැකියා සදහා පිටත් කර යවා තිබෙන බවද, එසේ විශාල පිරිසක් විදේශ රැකියා සදහා යොමු කිරීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර වෛරය ඇති කිරීම සදහා මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන බවද එන්තරවාසියේ දැක්වේ.
අසත්‍ය ප්‍රකාශ කරමින් අපකීර්තියට ලක් කිරීම සමබන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර එම වන්දි මුදල දින 14ක් ඇතුළත ලබාදීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා වන්දි මුදල සහ නඩු ගාස්තු අය කරගැනීමට කටයතු කරන බවද වසන්ත සමරසිංහ වෙත යොමු කළ එන්තරවාසියේ දැක්වේ.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මනුෂ නානායක්කාර මහතා කටයුතු කළ අවස්ථාවේදී විදේශ රැකියා ජාවාරම් වැලැක්වීම සදහා දැඩිව කටයුතු කළ අයෙක් වන අතර එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම සදහාද අවශ්‍ය දායකත්වය ලබාදුන්නේය.
– Midea unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..