ඡන්දෙ දාන්න ප්‍රමාණවත් නිවාඩුවක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට දෙන්න - මැතිවරණ කොමිසම ඉල්ලයි
ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 21 වැනිදා සෑම සේවකයකුටම පෞද්ගලිකවම ඡන්දය දීමට හැකිවන පරිදි ප්‍රමාණවත් කාලයක් නිවාඩු ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය, පෞද්ගලික අංශයේ සේවා යෝජකයන්ට දන්වයි.
මෙම නිවාඩුව වැටුප් හෝ පුද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ලබාදිය යුතු බවද දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 110 වන වගන්තියට අනුව සේවකයන්ට අවශ්‍ය නිවාඩු කාලසීමාව ලබාදීමට සේවා යෝජකයෝ බැඳී සිටිති. නීතිය අනුව නිවාඩු ලබාගැනීමේදී පෙර පැවැති මැතිවරණවලදී සේවකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති හෙයින් මෙම ඡන්ද විමසීමේදී වඩාත් අවධානය යොමු කරන ලෙසද ඉල්ලා ඇත.
සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානට ඇති දුර කිලෝ මීටර් 40ක් හෝ ඊට අඩුනම් දින භාගයක්ද, කිලෝ මීටර් 40 ත් 100ත් අතර නම් දින එකක් පමණක්ද, කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක්ද වන පරිදි සේවා නියුක්තිකයාට නිවාඩු ලබාදිය යුතු වෙයි.
සමහර ඡන්ද දායකයන්ට ඡන්දපළට යෑමට හා ඒමට දින තුනක් ගත වන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් තිබෙන හෙයින් දින 3ක් නිවාඩු දීමට සිදුවන බවද කොමිසම සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..