
ප්‍රබල ජනපති අපේක්ෂකයකුට ප්‍රහාරයක් එල්ල කරන සැලසුමක්
ජනාධිපති අපේක්ෂකයකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙවර ජනාධිපතිවරණයට තරග කරන ප්‍රබල අපේක්ෂකයකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරක් පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ බී වාර්තාව රහසිගත මෙන්ම ආරක්ෂාකාරීව තබා ගන්නා මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක්ද කර තිබේ.
එම ප්‍රහාර සැලසුම පිළිබඳ අනාවරණය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදුන් පුද්ගලයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසිද නිකුත් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය වෙත නියම කළේය.
- අරුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
