
ගෝලීය ආහාර අනාරක්ෂිත භාවය බටහිර නීති විරෝධී සහ අඥාන සම්බාධකවල ප්‍රතිඵලයක් -ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන්
සැප්තැම්බර් 08 වනදාට සැමරිමට නියමිත මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සහයෝගීතා දිනය නිමිත්තෙන් සහ රුසියාවේ පළමුවන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ටාස් (TASS ) ප්‍රවෘත්ති සේවයේ 120 වන සංවත්සරය සැමරීම සඳහා ඊයේ (03 ) කොළඹ රුසියානු තානාපති කාර්යාලය සහ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලදී.
මාධ්‍යවේදීන් සමඟ ඉතාමත් සුහදව පැවැති සංවාදය අතරතුර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා ටාස් ප්‍රවෘත්ති සේවයේ ඉතිහාසය සම්බන්ධයෙන් කරුණු විදහා දැක්වීය. එලෙසම කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලන න්‍යාය පත්‍රයේ උණුසුම් කරුණු පිළිබඳවද අදහස් දැක්වීමට රුසියානු තානාපතිවරයා කටයුතු කළේය.
එහිදී තානාපතිවරයා රුසියානු- යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් අදහස් දැක්වීය. රුසියාවට දේශසීමාවේ පිහිටි ප්‍රදේශවල සිවිල් ජනතාව අඛණ්ඩව භීතියට පත් කරන කියෙව් පාලනයේ ම්ලේච්ඡ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර ඔහු හෙළා දැකීමටද ඔහු කටයුතු කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ රුසියානු තානාපතිවරයා ගෝලීය ආහාර අනාරක්ෂිත භාවය බටහිර නීති විරෝධී සහ අඥාන සම්බාධකවල ප්‍රතිඵලයක් ලෙස මතු වූ තත්වයක් බවද පෙන්වා දුන්නේය. මෙවැනි නව යටත් විජිතවාදී භාවිතයන් ගෝලීය දකුණට දැඩි ලෙස අහිතකර වන අතර ඒවා වහා නැවැත්විය යුතු බවද එතුමා අවධාරණය කළේය.
උත්සව සභාව මෙහෙයවීම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මෙන්ම රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මාරියා එල් පොපෝවා මැතිණිය විසින් සිදු කරණු ලැබීය.
ලෝකයේ පැරණිතම සහ විශාලතම මාධ්‍යවේදීන්ගේ සංගමය වන්නේ මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානයයි ((International Organization of Journalists-ILO)). එම සංගමයේ 1958 දී බුකාරෙස්ට් හිදී පැවැති හතරවන සම්මේලනයේදී සෑම වසරකම සැප්තැම්බර් 8 වනදා මාධ්‍යයවේදීන්ගේ ජාත්‍යන්තර සහයෝගිතා දිනය ලෙස නම් කරනු ලැබීය.
ඔවුන් මෙම දිනය තෝරාගෙන ඇත්තේ නාසීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ චෙකොස්ලෝවැකියානු මාධ්‍යවේදියෙකු, සාහිත්‍ය හා නාට්‍ය විචාරකයෙකු වන ෆැසිස්ට් විරෝධී ජුලියස් ෆුචික් බර්ලිනයේදී ඝාතනය කරනු ලැබූ දිනය සිහිපත් කිරීමටය.
ජුලියස් ෆුචික් සිරගතව සිටියදී, ඔහු Notes from the Gallows ග්‍රන්ථය ලිවීය.(සුනිල් මාධව ප්‍රේමතිලක මහතා විසින් මෙම ග්‍රන්ථය "පෝරකයේ සටහන්" නමින් සිංහලට පරිවර්ථනය කළේය.). මෙම ග්‍රන්ථය ලිවීම වෙනුවෙන් ඔහුට ජාත්‍යන්තර සාම ත්‍යාගය (මරණින් පසු) පිරිනමන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
