
IMF කොන්දේසි රටට අහිතකර නැහැ.. - අනුර කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹ පැවති ව්‍යාපාරික හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ, එම අරමුදලෙන් ඒකපාර්ශවීයව ඉවත් වීමට ද තම ආණ්ඩුවක් යටතේ අපේක්ෂා නොකරන බවය.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා යන සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ තියෙන්නේ. ද්විපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ. බහුපාර්ශවීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ. ඒ කියන්නේ සමස්ත අනාගත වැඩසටහනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකට ගැට ගහලා තියෙන්නේ. මේ වෙලාවේ කවුරු හරි ඒකපාර්ශවීයව එම වැඩසටහනෙන් ඉවත්වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳව හෝ රට පිළිබඳව වගවීම අත්හැරීමක්.
ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙනවා. අපි ඒකපාර්ශවීයව කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත්වීමට බලාපොරොත්තුවක් නෑ. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සකස් කර ඇති පරාමිතීන් ප්‍රමාණයක් තියෙනවා අපි විසින් සම්පූර්ණ කළ යුතු. ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3ක අපි රඳවා ගත යුතුයි ලබන වසරේ. 2032 වෙනවිට අපේ ණය අනුපාතය 98% ඉලක්කමට රඳවා ගත යුතුයි. අපිට යම් පරාමිතීන් ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. ඒවා රටකට අහිතකර නෑ. ඒවා ළඟා කරගැනීම නරක දෙයක් නෙමෙයි."
- දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
