රනිල්, සජිත් සහ අනුර කවුරු ජනාධිපතිවරණයේ දී ඡන්ද අතර පෙරමුණට ආවත් රටේ ඉරණම තීරණය කරනු ලබන්නේ දැනටමත් ඔවුන්ව මෙහෙයවන ප්‍රතිගාමී බලවේග - විමල් වීරවංශ (වීඩියෝ)
චීනය විසින් 'බෙල්ට් ඇනඩ් රෝඩ්' ව්‍යාපෘතියෙන් ආයෝජනය කළ රටවල් සෑම එකකම පාහේ රෙජිම් චේන්ජ් ව්‍යාපෘතිය ඉතා බලසම්පන්න ලෙස සිදුවෙමින් ඇති බවත්, ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය, මියන්මාරය, පාකිස්ථානය ඇතුළ රටවල මෑතකාලීනව සිදුවූ සිදුවීම් ඒ සඳහා උදාහරණ සපයන බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
හිරු 'සලකුණ' වැඩසටහනට එක් වෙමින් ඒ මහතා පවසන්නේ මෙම ක්‍රියාදාමය පිටුපස අමෙරිකා එක්සත් ජනපදය සිටින බවයි.
මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියට අමෙරිකාව විසින් පැවරූ තවමත් අවසන් කිරීමට නොහැකි වූ කාර්යක් පවතින බවද, එනිසා ධුරයෙන් ඉවත්වුනද තවදුරටත් ඇය මෙරට රැඳී සිටින බවද ඒ මහතා මෙහිදී හෙළිකර සිටියේය.
ලංකාවේ ජුලි 9 දා සිදුවූයේ ප්ලෑන් A එක නොව ප්ලෑන් B එක බවත්, ප්ලෑන් A එක බංග්ලාදේශයේ සිදුවෙමින් පවතින බවත් ජුලියා චන්ග් මැතිණියට මෙරටින් යාමට කළින් ප්ලෑන් A එක මෙරට තුළ සිදුකිරීමට අවශ්‍යතාවය වී ඇති බවත් පවසන විමල් වීරවංශ මහතා, මෙවර ජනාධිපතිවරණයෙන් පසු බංග්ලාදේශයේ ඇතිවූ වතාවරණය හා සමාන විනාශකාරී වාතාවරණයක් මෙරට තුළ නිර්මාණය වීමේ වැඩි ඉඩක් පවතින බවත් පෙන්වා දෙන ලදී.
ජනාධිපතිවරණයේ දී ජයගන්නා පුද්ගලයා තෝරාගැනීමට දෙවැනි මනාපය ගණන්කරන කාල සීමාවේදී රට ගිනි තැබීම සඳහා තෝරාගත හැකි බවද විමල් වීරවංශ මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.
වත්මන් ජනාධිපතිවරයා, විරුද්ධ පක්ෂ නායකයා හෝ අනුර කුමාර දිසානායක යන කවරෙකු ජනාධිපතිවරණයේ ඡන්ද අතර පෙරමුණට පැමිණියත් රටේ ඉරණම තීරණය කරනු ලබනු ඇත්තේ දැනටමත් ඔවුන්ව මෙහෙයවන මේ ප්‍රතිගාමී බලවේගයන් විසින් බව විමල් වීරවංශ මෙහිදී අනාවරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..