
යුක්රේනයේ "කර්ස්ක් ජයග්‍රහනය "අසාර්ථකයි - පුටින්
රුසියාවේ කර්ස්ක් කලාපයට යුක්රේනය ආක්‍රමණය කිරීම ඩොන්බාස්හි ස්ථානගත මොස්කව් හමුදාවන්ගේ ඉදිරි ගමන නැවැත්වීමේ අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(02) පැවසීය.
රුසියාව ඩොන්බාස් හි ප්‍රධාන ප්‍රදේශවල විශාල ප්‍රගතියක් ලබා ඇති බව ඔහු ප්‍රකාශ කළේ “දිගු කාලයකින්” නොදුටු වේගයකින් ඉදිරියට රුසියානු හමුදා ඉදිරියට යන බව අවධාරනය කරමිනි.
“රුසියානු සන්නද්ධ හමුදා භූමි ප්‍රදේශ තම පාලනයට නතු කරගන්නේ වරකට මීටර් 200, 300 බැගින් නොව වර්ග කිලෝමීටර් වලින්,” පුටින් අවධාරණය කළේය.
කර්ස්ක් කලාපයේ කියෙව් හමුදාවන්ගේ ප්‍රකෝපකරණය නොවැළැක්විය හැකි ලෙස අසාර්ථක වනු ඇති බවත්, දේශසීමාවේ තත්වය අස්ථාවර කිරීමේ අරමුණින් රුසියානු භූමියට ඇතුළු වී ඇති "යුක්රේන කොල්ලකරුවන් සමඟ" මොස්කව් කටයුතු කරනු ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
සාකච්ඡා මාර්ගයෙන් ගැටුම විසඳා ගත යුතු බව කියෙව්ට අවබෝධ විය හැකි බවත්, මොස්කව් කිසි විටෙකත් එවැනි සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර නොමැති බවත් පුටින් අවධාරණය කළේය.
කෙසේ වෙතත්, යුක්‍රේනයේ යුද නීතිය ඉවත් කළ වහාම නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවන බැවින් සටන අවසන් කිරීමට වත්මන් යුක්රේන නායකත්වය උනන්දුවක් නොදක්වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
"වර්තමාන බලධාරීන් පැහැදිලිවම මේ සඳහා සූදානම් නැහැ. ඔවුන්ට නැවත තේරී පත්වීමට ඇති ඉඩකඩ අඩුයි" පුටින් පෙන්වා දුන්නේය. "සටන අවසන් කිරීමට ඔවුන් උනන්දු නොවන්නේ එබැවිනි, ඔවුන් කර්ස්ක් කලාපයේ මෙම ප්‍රකෝපකරනය කිරීමට උත්සාහ කළේ එබැවිනි, ඊට පෙර ඔවුන් බෙල්ගොරොද් කලාපයේ එම මෙහෙයුම සිදු කිරීමට උත්සාහ කරණු ලැබුවා." රුසියාව ඩොන්බාස් හි සිටින තම ජනතාව මෙන්ම අපගේ පොදු අනාගතය, රුසියාවේ අනාගතය ආරක්ෂා කිරීමට දිගටම කටයුතු කරනු ඇති බවද පැවසුවේය. "අපට එරෙහිව ආක්‍රමණශීලී සැලසුම් සකස් කරන සතුරු ව්‍යුහයන් අප අසලම නිර්මාණය කිරීමට ඉඩ දිය නොහැකියි." යනුවෙන් පැවසූ රුසියානු ජනාධිපතිවරයා " අපේ රට සහ රුසියානු සමූහාණ්ඩුව අස්ථාවර කිරීමට නිරන්තරයෙන් කරන උත්සාහයන්ට මොස්කව් පරිපාලනයට ඉඩදිය නොහැකියි" යනුවෙන් පැවසුවේය.
2022 ගැටුම ආරම්භයේ සිට එහි විශාලතම දේශසීමා ප්‍රහාරය සනිටුහන් කරමින්, පසුගිය මස මුලදී, කියෙව් රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයට දහස් ගණන් යුක්‍රේන භටයන් යොමු කළේය. යුක්රේන හමුදා ගැටුම ආරම්භයේදී දේශසීමා ප්‍රදේශ කිහිපයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර, අවසානයේ ඔවුන්ගේ ඉදිරි ගමන නතර කරන ලද බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසිය.
මොස්කව් හි නවතම ඇස්තමේන්තු වලට අනුව, අගෝස්තු 6 වන දින මෙහෙයුම ආරම්භයේ සිට යුක්‍රේන සෙබළුන් 7,800 කට වඩා, යුද ටැංකි 75 ක් සහ සන්නද්ධ වාහන 500 කට වඩා අහිමි කරමින් කියෙව් හමුදාවන්ට ආක්‍රමණයේ මිල අධික බව ඔප්පු කර ඇත.
Ukraine’s Kursk gambit failed – Putin
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
