News Category
From Date
To Date
Maximum Number of Result

බදුල්ල මහ රෝහලේ උග්‍ර බෙහෙත් හිඟය ගැන මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළා යැයි වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ආණ්ඩුව යටින් ගේමක... හෙට සිට රජයේ වෛද්‍ය නිලධාරීන් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක්

Sep 2, 2024 at 03:24 PM
|

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා රට පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් රෝහල් ඉදිරිපිට විරෝධතා මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

2022 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට බදුල්ල රෝහලේ තිබුණු ඖෂධ හිඟයත්, ඒ හරහා සෞඛ්‍ය සේවාවන්ට සිදුවන බලපෑමත් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු හෙළිදරව් කිරීම බරපතල වැරැද්දක් සේ හුවා දක්වමින්, බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන, රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ද අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් ඇති බවත් එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ නිවේදනය පහළින්...

මාධ්‍ය නිවේදනයයි 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග.

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය පද්ධතිය, ඉතිහාසයේ දරුණුම අර්බුදයට මුහුණ දෙමින් පවතින මේ මොහොතේදී පවා මෙරට වෛද්‍යවරුන් තම සායනික කැපවීම් සහ සාමාන්‍ය රාජකාරී සීමාවන් ඉක්මවා සේවාවන්හි සහ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරයි. එහිදි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සමානාත්මතාවයෙන් යුක්තව සැපයීමෙහිලා තීරණාත්මකම කාර්යභාරය සිදුකරනුයේ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

එසේ වුවත් සෞඛ්‍ය පද්ධතිය තුල සහ ඉන් පරිබාහිර පාර්ශවයන්ගේ මැදිහත් වීමෙන් වෛද්‍යවරුන් පීඩාවට සහ අධෛර්‍යයට පත් කිරීමේ අරමුණින් අඛණ්ඩව ක්‍රියාත්මක වන පටු න්‍යාය පත්‍ර සහ වැඩපිළිවෙළ වැළැක්වීමට දේශපාලන නායකත්වය, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගකිවයුත්තන් සාධනීය මැදිහත්වීම් නොකිරීම අවාසනාවන්ත තත්ත්වයකි.

වෘත්තීය සමිති නායකයින්ට මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට ආයතන සංග්‍රහය තුළ අඩංගු නීතිමය ප්‍රතිපාදන වලට අනුකූලව, ඉතිහාසය පුරාම මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගැටලු සහ  විෂමාචාර පිළිබඳව ජනතාව ඇතුළු පාර්ශව දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කටයුතු කර ඇත.

වැරදිකරුවන්ට දඬුවම් කිරීම පසෙකලා, වංචා දුෂණ සහ වැරදි පිළිබඳ තොරතුරු සපයන්නන් නිහඬ කිරීම ඉලක්ක කර ගනිමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව ජනතාවට තොරතුරු හෙළි කරන වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව පිළිගත නොහැකි ලෙස අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවති.

වෘත්තීය සමිති නායකයෙකු ලෙස, 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට බදුල්ල රෝහලේ තිබුණු ඖෂධ හිඟයත්, ඒ හරහා සෞඛ්‍ය සේවාවන්ට සිදුවන බලපෑමත් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු හෙළිදරව් කිරීම බරපතල වැරැද්දක් සේ හුවා දක්වමින්, බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන, රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ද අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් ඇත.

මෙහි මූලික විමර්ශනයේ සිටම මෙම පරීක්ෂණය පවත්වා ඇති ආකාරය පිළිබඳව ගැටලු ගණනාවක් ඇති අතර වෛද්‍ය පාලිත රාජපක්ෂට, වෘත්තිය සමිති නායකයෙකු ලෙස මාධ්‍ය ඉදිරියේ තම රාජකාරියට බාධා කරන ගැටලු පිළිබඳ අදහස් දැක්වීමට ඇති නීතිමය අයිතිය ද මෙම විමර්ශනය හරහා අහුරා දැමීමට උත්සාහ කර ඇත. 

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම විනය පරීක්ෂණය අවසන් කිරීමට අවශ්‍ය නිර්දේශය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කල ද, එම නිර්දේශ නොසලකා විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කොමිෂන් සභාව විසින් නියෝග කිරීමේ තීරණය පිටුපස යම් අදිසි දේශපාලන හස්තයක් පවතින බවටද බරපතල සැකයක් පවතියි.  

මෙම අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණය වහාම ඉවත් කර ගනිමින් වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉටු කිරීමට  සහ වෘත්තීය  සමිති නායකයින්ට මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට ඇති අයිතිය තහවුරු කිරීමට මැදිහත් වන මෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු සියලු වගකිවයුතු බලධාරීන්ට මෙන්ම දේශපාලන නායකත්වයට ද දිගින් දිගටම ඉල්ලීම් කළත්, තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදුකරන බවක් පෙනෙන්නට නොමැත.

වගකිවයුත්තන් මෙම ගැටලු විසඳීමට වහාම මැදිහත් නොවන පසුබිමක මෙම ගැටලුව විසඳිමට බල කරමින් විරෝධතා සහ වෘත්තිය ක්‍රියාමාර්ග වලට එළඹීමට පසුගිය සතියේදි රැස් වූ ‍රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව තීරණය කරන ලදි. 

ඒ අනුව මෙම ගැටලුව විසඳීමෙහිලා ධනාත්මක මැදිහත්වීමක් සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වීම සහ එම වගකීම මගහැරීමට විරෝධතාවය පළ කරමින්, හෙට දිනයේ දී රට පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන්ගේ සහභාගිත්වය සහිතව විරෝධතා මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇත. 

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශය තුල සෞඛ්‍ය සේවාව පිළිබඳ කිසිදු තාක්ෂණික දැනුමක් නොමැති නිලධාරීන් විසින් සිදු කරන විමර්ෂණ හරහා දිගින් දිගටම වෛද්‍යවරුන් අසාධාරණයට හා අගතියට පත් විම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් විය යුතු බවද අපගේ විශ්වාසයයි. 

මෙම විරෝධතාවයන් හරහා ලබා දෙන සංඥාව සහ පණිවිඩය, දේශපාලන නායකත්වය මෙන්ම වගකිවයුත්තන් වහාම වටහා ගත යුතු බව අපි විශ්වාස කරමු. අසාධාරණ සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ විසඳා වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉටු කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමටත් බලධාරීන් වහාම ක්‍රියාත්මක  විය යුතුය.

අසාධාරණ සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ වහාම හකුලා ගැනීමට සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වගකිවයුත්තන් වහාම අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අපොහොසත් වන්නේ නම්, ඉදිරියේදී වඩා තීව්‍ර වෘත්තීය ක්‍රියාමාර්ගවලට පවා එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය පසුබට නොවන අතර ඉදිරි සතියේදි රැස්වීමට නියමිත හදිසි මධ්‍යම කාරක සභා රැස්විමේදි මේ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට නියමිතය. 

ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්. 

සම්බන්ධිත පුවත් | Related News

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
රට තුළ වර්ධනය වෙමින් පවතින ඒකාධිපති පාලන ප්‍රවණතාවන්ට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සියලුම සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ මහජනතාව එකාබද්ධ විය යුතු බව මහජන කේන්ද්‍රය අවධාරණය කරයි.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයත්, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියත් ඒකාලෝක කළ පහන් ටැඹක් වූ මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා (P. A. D. Silva) ශූරීන්ගේ අභාවය යනු සමස්ත දේශයටම පියවා ගත නොහැකි මහත් පාඩුවකි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිසි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාරනොදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.
මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
උසස්පෙළ විභාගයේ හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඊයේ (13) පැවැති මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම දිස්ත්‍රික්කයේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.

ප්‍රධාන පුවත්

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.