රාජ්‍යය දුර්වල වූ සෑම අවස්ථාවක දීම රණවිරුවන් දංගෙඩියට ගෙන යන සත්‍ය සෙවීමේ කොමිසම පනත වැනි දුෂ්ට අණපනත් ඉදිරියට ආවා... යුද සමයේ රණවිරුන් පාවාදීමට කටයුතු කළ අය ගැන අද සිටින රණවිරුවන් දැනගත යුතුයි - දිලිත් ජයවීර (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම නමින් එන රණවිරුවන් පවාදීමේ ක්‍රියාදාමය පරාජය කළ යුතු බවත්, මාතෘභූමිය බේරාදීමට ක්‍රියාකරන ලද්දේ රණවිරුවන් බවත් සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් 01 දා කොළඹ 5, සම්බුද්ධත්ව මන්දිරයේ දී පැවැති " අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවට සහභාගී වෙමිනි.
මෙවැනි දුෂ්ඨ පනත් හා දුෂ්ඨ උත්සාහයන් රාජ්‍යය දුර්වල වූ සෑම අවස්ථාවක දීම ඉදිරියට පැමිණි බවත් දිලිත් ජයවීර මහතා පවසයි.
රණවිරුවන් විසින් දිවිහිමියෙන් රට වෙනුවෙන් කළ කාර්ය කිසිදා මිනිසුන් විසින් අමතක නොකරනු ඇතැයි සිතීම නිසා රණවිරුවන්ට මෙවැනි පනත් පිළිබඳව දැනුවත් කළ ද ඔවුන් ඒ පිළිබඳව විශ්වාස නොකරන බවත්, එසේ සිතා සිටින අහිංසක රණවිරුවන් දංගෙඩියට ගෙනයාම සඳහා වර්තමානයේ පාලකයන් දැඩි උත්සාහයක නිරතවී සිටින බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
අද සේවයේ යෙදී සිටින බොහෝ රණවිරුවන් තරුණයන් බවද, ඔවුන් යුද සමයේ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ නොසිටි පිරිසක් බැවින් ඔවුන් වීරෝධාර රණවිරු යුගය පිළිබඳව හරිහැටි නොදන්නා බවත් පවසන දිලිත් ජයවීර මහතා, රණවිරුවාගේ වීරත්වය ජාතියක කෂේරුකාව බව ඔවුන් නොදන්නා නිසා ඔවුන්ට ඒ පිළිබඳව හැඟීමක් ඇති කළ යුතු බවත් සඳහන් කරයි.
එයට හේතුව ඔවුන්ව අද තවත් රාජ්‍ය සේවකයෙක් බවට පත්කර තිබීම නිසා බවද ඒ මහතා පවසයි.
ආදරණීය මාතෘභූමිය අහිමිවීමේ අවදානමක් තිබූ යුගයක් තිබූ බවත්, මාතෘභූමිය රැකගැනීමට ගිය වීරෝධාර රණවිරුවන්ගේ තාරුණ්‍ය පාවාදුන් යුගයක් තිබූ බවත් වර්තමානයේ සේවයේ යෙදී සිටින තරුණ රණවිරුවන්ට අවබෝධකර දිය යුතු බවත් දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.
අද ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් ලෙස සැලකෙන තිදෙනෙක් සිටින බවත්, ඔවුන් එදා යුද සමයේ දී පාර්ලිමේන්තුවේ සිටි බවත්, ඔවුන් එදා සිටියේ යුද විරෝධී කණ්ඩායමේ බව හා යුද්ධය පවා වාදීමට කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන කණ්ඩායමේ බවත් ඒ මහතා පවසයි.
යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේ ඔවුන් කටයුතු කළ ආකාරය හේතුවෙන් අද ඇඳුමක් ඇඳගෙන රණවිරු ඉදිරියට යාමටවත් ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද, එම තීරණාත්මක මොහොතේ එවකට ආණ්ඩුව පෙරලන්නට උත්සාහ දැරූ උතුර දකුණ මාරුවූ අයට උතුර දකුණ සොයාගන්නේ මොන මාලිමාවෙන් දැයි ප්‍රශ්නකළ යුතු බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
ඔවුන්ගේ උත්සාහය එදා සාර්ථක වූවා නම් අදත් අප ජීවත්වන්නේ යුද්ධයක් ඇති බෙදී ගිය රටක බවත්, ඔවුන් අද තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලද දක්වා ඇත්තේ රණවිරුවන් දංගෙඩියට ගෙන යන බවත් යැයි පවසන ඒ මහතා මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ මේ පිළිබඳව පැහැදිලිවම සටහන්කර ඇති බවත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..