News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍යය දුර්වල වූ සෑම අවස්ථාවක දීම රණවිරුවන් දංගෙඩියට ගෙන යන සත්‍ය සෙවීමේ කොමිසම පනත වැනි දුෂ්ට අණපනත් ඉදිරියට ආවා... යුද සමයේ රණවිරුන් පාවාදීමට කටයුතු කළ අය ගැන අද සිටින රණවිරුවන් දැනගත යුතුයි - දිලිත් ජයවීර (වීඩියෝ)

Sep 2, 2024 at 02:38 PM
|

සත්‍ය සෙවීමේ කොමිසම නමින් එන රණවිරුවන් පවාදීමේ ක්‍රියාදාමය පරාජය කළ යුතු බවත්, මාතෘභූමිය බේරාදීමට ක්‍රියාකරන ලද්දේ රණවිරුවන් බවත් සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඉකුත් 01 දා   කොළඹ 5, සම්බුද්ධත්ව මන්දිරයේ දී පැවැති " අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවට සහභාගී වෙමිනි.

මෙවැනි දුෂ්ඨ පනත් හා දුෂ්ඨ උත්සාහයන් රාජ්‍යය දුර්වල වූ සෑම අවස්ථාවක දීම ඉදිරියට පැමිණි බවත් දිලිත් ජයවීර මහතා පවසයි.

රණවිරුවන් විසින් දිවිහිමියෙන් රට වෙනුවෙන් කළ කාර්ය කිසිදා මිනිසුන් විසින් අමතක නොකරනු ඇතැයි සිතීම නිසා රණවිරුවන්ට මෙවැනි පනත් පිළිබඳව දැනුවත් කළ ද ඔවුන් ඒ පිළිබඳව විශ්වාස නොකරන බවත්, එසේ සිතා සිටින අහිංසක රණවිරුවන් දංගෙඩියට ගෙනයාම සඳහා වර්තමානයේ පාලකයන් දැඩි උත්සාහයක නිරතවී සිටින බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

අද සේවයේ යෙදී සිටින බොහෝ රණවිරුවන් තරුණයන් බවද, ඔවුන් යුද සමයේ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ නොසිටි පිරිසක් බැවින් ඔවුන් වීරෝධාර රණවිරු යුගය පිළිබඳව හරිහැටි නොදන්නා බවත් පවසන දිලිත් ජයවීර මහතා, රණවිරුවාගේ වීරත්වය ජාතියක  කෂේරුකාව බව ඔවුන් නොදන්නා නිසා ඔවුන්ට ඒ පිළිබඳව හැඟීමක් ඇති කළ යුතු බවත් සඳහන් කරයි.

එයට හේතුව ඔවුන්ව අද තවත් රාජ්‍ය සේවකයෙක් බවට පත්කර තිබීම නිසා බවද ඒ මහතා පවසයි.

ආදරණීය මාතෘභූමිය අහිමිවීමේ අවදානමක් තිබූ යුගයක් තිබූ බවත්, මාතෘභූමිය රැකගැනීමට ගිය වීරෝධාර රණවිරුවන්ගේ තාරුණ්‍ය පාවාදුන් යුගයක් තිබූ බවත් වර්තමානයේ සේවයේ යෙදී සිටින තරුණ රණවිරුවන්ට අවබෝධකර දිය යුතු බවත් දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.

අද ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් ලෙස සැලකෙන තිදෙනෙක් සිටින බවත්, ඔවුන් එදා යුද සමයේ දී පාර්ලිමේන්තුවේ සිටි බවත්, ඔවුන් එදා සිටියේ යුද විරෝධී කණ්ඩායමේ බව හා යුද්ධය පවා වාදීමට කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන කණ්ඩායමේ  බවත් ඒ මහතා පවසයි.

යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේ ඔවුන් කටයුතු කළ ආකාරය හේතුවෙන් අද ඇඳුමක් ඇඳගෙන රණවිරු ඉදිරියට යාමටවත් ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද, එම තීරණාත්මක මොහොතේ එවකට ආණ්ඩුව පෙරලන්නට උත්සාහ දැරූ උතුර දකුණ මාරුවූ අයට උතුර දකුණ සොයාගන්නේ මොන මාලිමාවෙන් දැයි ප්‍රශ්නකළ යුතු බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

ඔවුන්ගේ උත්සාහය එදා සාර්ථක වූවා නම් අදත් අප ජීවත්වන්නේ යුද්ධයක් ඇති බෙදී ගිය රටක බවත්, ඔවුන් අද තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලද දක්වා ඇත්තේ රණවිරුවන් දංගෙඩියට ගෙන යන බවත් යැයි පවසන ඒ මහතා මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ මේ පිළිබඳව පැහැදිලිවම සටහන්කර ඇති බවත් සඳහන් කරයි.


සම්බන්ධිත පුවත් | Related News

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දී තිබෙන බවයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස 2017 - 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොටුව පොලීසියට නියම කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ලොව බිහිසුණු ම කොටි ත්‍රස්තවාදය පැවැති යුගයේ එනම් 1991, 1994, 2005 සහ 2009 වසරවල දළදා ප්‍රදර්ශන පැවැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ

යුක්රේන හමුදා අත්පත් කරගෙන සිටි රුසියාවට අයත් භූමි ප්‍රදේශයේ ජීවත් වන ජනයා ඉලක්ක කර රසායනික අවි භාවිත කර ඇති බවට රුසියානු ආරක්ෂක අංශ පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.