
චෝදනා එල්ලවූ නීතීඥ සංගමයේ සභාපති, ඉල්ලා අස්වීමට එන බලපෑම් ගැන ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡාවක
ඉල්ලා අස්වීමට එන බලපෑම් හමුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඔහුගේ මීළඟ පියවර පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කමිටුවක් විසින් ගෙන ඇති පියවර ‘පෞද්ගලික පළිගැනීමක්’ ලෙස තමන් හඳුන්වන බවයි.
“මේ අය මගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටින්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් පුවරු අල්ලාගෙන උද්ඝෝෂණ කිරීමට මා දිරිමත් නොකරන නිසයි. මෙහෙම කරන්නේ මා ඉල්ලා අස්වීමට අවශ්‍ය රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇති දේශපාලන අභිප්‍රේරිත අතලොස්සක් පමණයි,” යනුවෙන් නවරත්න චෝදනා කර තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීම සඳහා ඉල්ලීම් පැමිණෙන්නේ සමස්ත නීතීඥ ප්‍රජාවෙන් හෝ සමස්ත නීතීඥ මණ්ඩලයෙන් නොව, සුළුතරයකින් බවට ඔහු තර්ක කරයි.
“මට ඒකමතිකව ඡන්දය ලැබුණා, නමුත් අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකි වූ ප්‍රතිවාදී කීපදෙනාම දැන් මට විරුද්ධ වන්නේ මැතිවරණය ළඟ නිසා.” යනුවෙන් නවරත්න සඳහන් කරයි.
ජපාන අන්තර්ජාතික සහයෝගීතා නියෝජිතායතනය (JICA) සමඟ ගනුදෙනුවලට අදාළ විස්තරාත්මක වාර්තාවකින් පසු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට නීතීඥ සංගමය කළ ඉල්ලීම් අනුව මෙම අදහස් පළ විය.
නවරත්න ප්‍රකාශ කර ඇත්තේ අදාළ කරුණ සම්බන්ධයෙන් කිසිදු ‘මුල්‍ය අවභාවිතයක්’ හෝ ‘සාපරාධී ක්‍රියාවක්’ සිදුවී නොමැති බවට නීතීඥ සංගමය විසින් පත් කරන ලද කමිටුව විසින් මතයක් ප්‍රකාශ කර ඇති බවයි.
තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කළ බවට කමිටුව විසින් මතයක් ගොඩනගා ඇති බව නවරත්න සඳහන් කර තිබේ.
“ඇත්ත වශයෙන්ම මම එම මතය වැරදියි යන ස්ථාවරයේ සිටිනවා,” යනුවෙන් නවරත්න පවසයි.
කෙසේවෙතත්, නීතිඥ සංගමයේ සාමාජික, ජනාධිපති නීතීඥ තාරපති ජයනාග පවසන්නේ “ජයිකා වෙතින් ඔවුන්ට මුදල් දී තිබෙනවා. ඔවුන්ගෙන් හතර දෙනෙකු හෝ පස් දෙනෙකු එය ඔවුන් අතර බෙදාගෙන තිබෙනවා,” යනුවෙනි.
ජනාධිපති නීතීඥ තාරපති ජයනාගට අනුව මෙලෙස ලැබී ඇති මුදල මිලියන 6කි.
ජයනාග පවසන පරිදි ජයිකා ගනුදෙනුව සම්බන්ධයෙන් නවරත්න නීතිඥ සංගමය හෝ විධායක කමිටුව සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ නමුත් ඔහු එසේ කිරීමට අපොහොසත් වී තිබේ.
ඒ අනුව ඉල්ලා අස්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ඉවත් නොවන්නේ නම් ඔහු නෙරපා හරිනු ඇති බවත් ජයනාග පවසා ඇත.
පරීක්ෂණයකින් පසු අගෝස්තු 31 වැනි දින නිගමනය වූයේ නවරත්න ගිවිසුම්ගත විධිවිධාන සහ සම්පත්දායකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් විනිවිද භාවයක් පවත්වා ගෙන නොතිබීම නිසා විශ්වාසය කඩ වී ඇති බවයි.
- The Morning
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
