සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ප‍්‍රතිඥාවක් ලබා දුන් දිලිත්ට ජාතියේ ප්රණාමය හිමි විය යුතුයි! -"අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවෙන් යෝජනාවක්
සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ප‍්‍රතිඥාවක් ලබා දුන් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ජාතියේ ප්රණාමය හිමි විය යුතු බවට අද(01) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති "අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවේදී යෝජනා සම්මත විය.
රණවිරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන "සත්‍යය සෙවීම සහ ප්‍රතිසන්ධාන කොමිසම පනත" මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට ඉකුත් 29 දා සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබීම සිදු වූ අතර එහිදී සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා ප‍්‍රතිඥාවක් ලබා දුන්නේ ය.
සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් පැවැති "අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවේදී සම්මත කරගන්නා ලද දස වැදෑරුම් යෝජනා මෙසේය.
"1. රණවිරුවන් පාවාදීම සහ අපකීර්තියට පත් කිරීම මෙන්ම අවසානයේදී රට බෙදා වෙන් කිරීමේ ජාත්‍යන්තර මෙහෙයුමේ ප‍්‍රධාන දේශීය උපාංගයක් වන සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා අප වෙත පැවරී ඇති ඓතිහාසික වගකීම දිවිහිමියෙන් ඉටු කළ යුතුය.
2. ආරක්ෂක අමාත්‍යාංශයේ චක‍්‍රලේඛ මගින් කප්පාදු කර ඇති දිවි පිදූ රණවිරුවන්ගේ යැපෙන්නන්ට සහ ආබාධිත රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ට හිමි විය යුතු සියලූම දීමනා සහ වරප‍්‍රසාද නැවත හිඟ මුදල් සමග ලබා දිය යුතු ය.
3. සේවයේ නියුක්ත ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ වරප‍්‍රසාද කප්පාදු කරමින් සේවාව හැරයාම සඳහා දිරිමත් කිරීම සහ විදේශීය බලපෑම්වලට යටත් වී ආරක්ෂක හමුදා පිරිස් බලය අඩු කිරීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ග මගින් සිදුකෙරෙන ආරක්ෂක හමුදා ශක්තිය දුර්වල කිරීමේ ක‍්‍රියාවලිය වහාම අත්හිටුවා ආරක්ෂක හමුදා නැවත ශක්තිමත් කළ යුතු ය.
4. ආරක්ෂක හමුදා සතු සම්පත් යොදා ගනිමින් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නවීන තාක්ෂණික සහ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව නිර්මාණය කළ යුතු බවට මෙන්ම එම පාඨමාලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා දිර්ඝ කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යටතේ ප‍්‍රාදේශීය විවෘත විශ්ව විද්‍යාල පීඨ ජාලයක් ස්ථාපිත කළ යුතු ය.
5. ආරක්ෂක හමුදා පිරිස් බල අවශ්‍යතාවන්ට බලපෑමක් ඇති නොවන ලෙස වෘත්තීය පුහුණුව ලැබූ සාමාජිකයන්ට වැටුප් රහිත නිවාඩු මත විදේශීය රැකියා අවස්ථා ලබා
ගැනීම සඳහා අවසර ලබා දිය යුතුය.
6. ආරක්ෂක හමුදා දුර්වල කිරීම මගින් සූක්ෂ්ම ලෙස රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීම සඳහා දියත් වන ක‍්‍රියාවලිය තුළ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සහ ඊට අදාළ සෙසු ක‍්‍රියාමාර්ග සඳහා දායක වන සහ එම ක‍්‍රියාවලියට නිහඬව සහය දෙන සියලුදෙනා 30,000ක් වූ දිවි පිදූ රණවිරුවන් සහ 15,000කට ආසන්න පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම ඔවුන් වෙනුවෙන් කැපකිරීම් සිදුකළ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිගරු කරන්නන් ලෙස සහ තම මව්බිම සහ රාජ්‍යය පාවාදීමේ වරද මත දේශද්‍රෝහීන් සහ රාජ්‍ය ද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු ය.
7. විශ‍්‍රාමික ආරක්ෂක හමුදා නිලධාරීන් මෙන්ම හමුදාවන් හැර ගිය නිලධාරීන් සියලුදෙනා සතු අත්දැකීම් සහ දැනුම රටේ අනාගත අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමේ අරමුණු සහිතව ජාතික ස්වේච්ඡා ආර්ථීක සංවර්ධන බලකායක් පිහිටුවිය යුතු ය.
8. 2015 ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් වාර්තාව මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයනට එරෙහිව එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනාවලට ස්වාභාවික යුක්තිය මූලධර්මය යටතේ විධිමත්ව පිළිතුරු බැඳීම සඳහා අවස්ථාව ඉල්ලා සිටිය යුතු අතර ඒ සඳහා මිත‍්‍ර රටවල සහයෝගය ලබාගත යුතු ය.
9. අතුරුදහන් කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිෂන් සභාවේ ක‍්‍රියාකාරීත්වය නැවත සක‍්‍රීය කළ යුතු බවට සහ ඊට සමගාමීව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත අහෝසි කළ යුතුය.
10. සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ජාතියට ප‍්‍රතිඥාවක් ලබා දුන් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට රටේ සමස්ත ජනතාවගේ ප‍්‍රණාමය පුද කළ යුතුය."
මෙම සුවිශේෂී රණවිරු සමුළුවට පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි ඇතුළු මහා සංඝරත්නය, සර්වජන ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, සර්වජන බලය විධායක සභිකයෝ වන ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරු ද එක්ව සිටියහ.
එසේම ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සාහිත්‍යසූරී වෛද්‍ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු විද්වත්හු පිරිසක් ද "අපි වෙනුවෙන් අපි" රණහිරු හමුවේ සාමාජිකත්වය ද එක්ව සිටියහ.
මාධ්‍ය අංශය,
සර්වජන බලය,













සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..