
සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ප‍්‍රතිඥාවක් ලබා දුන් දිලිත්ට ජාතියේ ප්රණාමය හිමි විය යුතුයි! -"අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවෙන් යෝජනාවක්
සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ප‍්‍රතිඥාවක් ලබා දුන් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ජාතියේ ප්රණාමය හිමි විය යුතු බවට අද(01) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති "අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවේදී යෝජනා සම්මත විය.
රණවිරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන "සත්‍යය සෙවීම සහ ප්‍රතිසන්ධාන කොමිසම පනත" මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට ඉකුත් 29 දා සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබීම සිදු වූ අතර එහිදී සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා ප‍්‍රතිඥාවක් ලබා දුන්නේ ය.
සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් පැවැති "අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවේදී සම්මත කරගන්නා ලද දස වැදෑරුම් යෝජනා මෙසේය.
"1. රණවිරුවන් පාවාදීම සහ අපකීර්තියට පත් කිරීම මෙන්ම අවසානයේදී රට බෙදා වෙන් කිරීමේ ජාත්‍යන්තර මෙහෙයුමේ ප‍්‍රධාන දේශීය උපාංගයක් වන සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා අප වෙත පැවරී ඇති ඓතිහාසික වගකීම දිවිහිමියෙන් ඉටු කළ යුතුය.
2. ආරක්ෂක අමාත්‍යාංශයේ චක‍්‍රලේඛ මගින් කප්පාදු කර ඇති දිවි පිදූ රණවිරුවන්ගේ යැපෙන්නන්ට සහ ආබාධිත රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ට හිමි විය යුතු සියලූම දීමනා සහ වරප‍්‍රසාද නැවත හිඟ මුදල් සමග ලබා දිය යුතු ය.
3. සේවයේ නියුක්ත ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ වරප‍්‍රසාද කප්පාදු කරමින් සේවාව හැරයාම සඳහා දිරිමත් කිරීම සහ විදේශීය බලපෑම්වලට යටත් වී ආරක්ෂක හමුදා පිරිස් බලය අඩු කිරීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ග මගින් සිදුකෙරෙන ආරක්ෂක හමුදා ශක්තිය දුර්වල කිරීමේ ක‍්‍රියාවලිය වහාම අත්හිටුවා ආරක්ෂක හමුදා නැවත ශක්තිමත් කළ යුතු ය.
4. ආරක්ෂක හමුදා සතු සම්පත් යොදා ගනිමින් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නවීන තාක්ෂණික සහ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව නිර්මාණය කළ යුතු බවට මෙන්ම එම පාඨමාලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා දිර්ඝ කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යටතේ ප‍්‍රාදේශීය විවෘත විශ්ව විද්‍යාල පීඨ ජාලයක් ස්ථාපිත කළ යුතු ය.
5. ආරක්ෂක හමුදා පිරිස් බල අවශ්‍යතාවන්ට බලපෑමක් ඇති නොවන ලෙස වෘත්තීය පුහුණුව ලැබූ සාමාජිකයන්ට වැටුප් රහිත නිවාඩු මත විදේශීය රැකියා අවස්ථා ලබා
ගැනීම සඳහා අවසර ලබා දිය යුතුය.
6. ආරක්ෂක හමුදා දුර්වල කිරීම මගින් සූක්ෂ්ම ලෙස රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීම සඳහා දියත් වන ක‍්‍රියාවලිය තුළ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සහ ඊට අදාළ සෙසු ක‍්‍රියාමාර්ග සඳහා දායක වන සහ එම ක‍්‍රියාවලියට නිහඬව සහය දෙන සියලුදෙනා 30,000ක් වූ දිවි පිදූ රණවිරුවන් සහ 15,000කට ආසන්න පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම ඔවුන් වෙනුවෙන් කැපකිරීම් සිදුකළ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිගරු කරන්නන් ලෙස සහ තම මව්බිම සහ රාජ්‍යය පාවාදීමේ වරද මත දේශද්‍රෝහීන් සහ රාජ්‍ය ද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු ය.
7. විශ‍්‍රාමික ආරක්ෂක හමුදා නිලධාරීන් මෙන්ම හමුදාවන් හැර ගිය නිලධාරීන් සියලුදෙනා සතු අත්දැකීම් සහ දැනුම රටේ අනාගත අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමේ අරමුණු සහිතව ජාතික ස්වේච්ඡා ආර්ථීක සංවර්ධන බලකායක් පිහිටුවිය යුතු ය.
8. 2015 ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් වාර්තාව මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයනට එරෙහිව එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනාවලට ස්වාභාවික යුක්තිය මූලධර්මය යටතේ විධිමත්ව පිළිතුරු බැඳීම සඳහා අවස්ථාව ඉල්ලා සිටිය යුතු අතර ඒ සඳහා මිත‍්‍ර රටවල සහයෝගය ලබාගත යුතු ය.
9. අතුරුදහන් කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිෂන් සභාවේ ක‍්‍රියාකාරීත්වය නැවත සක‍්‍රීය කළ යුතු බවට සහ ඊට සමගාමීව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත අහෝසි කළ යුතුය.
10. සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ජාතියට ප‍්‍රතිඥාවක් ලබා දුන් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට රටේ සමස්ත ජනතාවගේ ප‍්‍රණාමය පුද කළ යුතුය."
මෙම සුවිශේෂී රණවිරු සමුළුවට පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි ඇතුළු මහා සංඝරත්නය, සර්වජන ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, සර්වජන බලය විධායක සභිකයෝ වන ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරු ද එක්ව සිටියහ.
එසේම ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සාහිත්‍යසූරී වෛද්‍ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු විද්වත්හු පිරිසක් ද "අපි වෙනුවෙන් අපි" රණහිරු හමුවේ සාමාජිකත්වය ද එක්ව සිටියහ.
මාධ්‍ය අංශය,
සර්වජන බලය,
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
