ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉවතට
ඉන්දියාවෙන් ඖෂධ 37ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල කාර්යාලයට දැනුම් දී තිබේ.
සෞඛ්‍ය ඇමැතිවරයා අගෝස්තු මස 13 වැනිදා අංක 24/ 1673/ 610/ 068 යටතේ මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
මෙම කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කළ ඖෂධ 37ක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර මෙරටට ගෙන්වීමට සුදානම් වන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දුන්හ.
ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය සිකුරාදා (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ගුණාත්මකභාවයෙන් තොර කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ලබාගැනීමට කටයුතු නොකරන බවය.
තවද ලියාපදිංචි නොකළ ඖෂධ ආනයනය නොකරන බවද ඇමැති රමේෂ් පතිරණ අවධාරණය කර සිටියේය.
මෙම මාධ්‍ය හමුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල කාර්යාලයට දැනුම් දී ඇත්තේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඇමැතිවරයා ඉවත්කර ගන්නා බවය.
ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ වෙන්නප්පුවේ පෙරේදා (31) පැවති ජන රැලියකදී කියා සිටියේ එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක වූවා නම් අඩසියවසක් පැරණි රාජ්‍ය ඖෂධ සංස්ථාව ස්වභාවික මරණයකට ලක්ව මෙරටේ දේශපාලන ස්වාධීනත්වයට පවා බලපෑම් එල්ල වීමට ඉඩ තිබු බවය.
- අරුණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..