
ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉවතට
ඉන්දියාවෙන් ඖෂධ 37ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල කාර්යාලයට දැනුම් දී තිබේ.
සෞඛ්‍ය ඇමැතිවරයා අගෝස්තු මස 13 වැනිදා අංක 24/ 1673/ 610/ 068 යටතේ මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
මෙම කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කළ ඖෂධ 37ක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර මෙරටට ගෙන්වීමට සුදානම් වන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දුන්හ.
ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය සිකුරාදා (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ගුණාත්මකභාවයෙන් තොර කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ලබාගැනීමට කටයුතු නොකරන බවය.
තවද ලියාපදිංචි නොකළ ඖෂධ ආනයනය නොකරන බවද ඇමැති රමේෂ් පතිරණ අවධාරණය කර සිටියේය.
මෙම මාධ්‍ය හමුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩල කාර්යාලයට දැනුම් දී ඇත්තේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඇමැතිවරයා ඉවත්කර ගන්නා බවය.
ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ වෙන්නප්පුවේ පෙරේදා (31) පැවති ජන රැලියකදී කියා සිටියේ එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක වූවා නම් අඩසියවසක් පැරණි රාජ්‍ය ඖෂධ සංස්ථාව ස්වභාවික මරණයකට ලක්ව මෙරටේ දේශපාලන ස්වාධීනත්වයට පවා බලපෑම් එල්ල වීමට ඉඩ තිබු බවය.
- අරුණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
