
සජිත්ට සහාය දෙන්න පක්ෂය ගත් තීරණය ගැන මම දන්නෙවත් නැහැ... ඒක ඒකපාර්ශ්විකව ගත් තීරණයක් - තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා කියයි
ඉදිරි ජනාධිපතිවරණයෙ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
ඔහු පැවසුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස් වූ අතර ඊට සහභාගීවීට නොහැකි බව තමන් මීට පෙර දැනුම් දුන් බවයි.
එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී පක්ෂය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු සාකච්ඡා කරන ලෙසත් අවසන් තීරණයක් නොගන්නා ලෙසත් තමන් පක්ෂය දැනුවත් කර තිබූ බව මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට අද පැවති මධ්‍ය කාරක සභාවේ දී ඉලංගෙයි තමිල් අරසු කච්චි ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා මේ බව සඳහන් කර තිබේ.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය පක්ෂය යම් අපේක්ෂකයෙකුට සහාය ලබා දෙන්නේ නම් එය සිදුකරන්නේ කුමන පදනමක් මත ද යන්න තීරණය කළ යුතු බවත් පක්ෂයේ නායකයා ලෙස තමන් එය දැනුම්වත් වියයුතු බවත් ය.
මධ්‍ය කාරක සභාව ගත් මෙම තීරණය ඒකපාර්ශ්විකව ගත් තීරණයක් බවත් එය පිළිබඳ තමන් දැනුම්වත් නොකර මාධ්‍යට පැවසීම සුදුසු ක්‍රියාවක් නොවන බවත් ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
