
සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කරයි
"ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් "සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම" ජනගත කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 31 වැනි සෙනසුරාදා එනම් අද පෙ. ව. 10:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.
අද ජනගත වන සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම, "ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම" ලෙස මෙරට දේශපාලන ඉතිහාසයට එක්වනු ඇත.
සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කිරීම පිණිස මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වෙනුවෙන් එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවට අයත් දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල නායකයෝ සහ ඒවායේ සෙසු නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ සහභාගී වෙති.
මෙම සුවිශේෂී අවස්ථාවට මහා සංඝරත්නය, මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෝ සහ විද්වත් වෘත්තිකයෝ ඇතුළු දෑහිතකාමී පිරිසක් ඇරයුම් ලැබ සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
