
සත්‍ය සෙවීමේ කොමිසම පනත දුෂ්ඨ පාවාදීමක්... රණවිරුවන් පාවාදීම වගේම 13 බලාත්මක කිරීමත් මෙම පනත මගින් සිදුවෙනවා - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම පනත දුෂ්ඨ පාවාදීමක් බවත්, ලෝකයේ කිසිඳු රටක තමන්ගේ රටේ හමුදාව පාවාදෙන පාලකයන් නොසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් ඉකුත් 29 දා පැවති සර්වජන බලය, රණවිරු සංවිධාන සහ ජාතික සංවිධාන අතර එකඟතාව අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම පනත ගැසට් කිරීමටවත් පාලකයකුට අයිතියක් නැති බවත් පවසන ඒ මහතා මෙම පනත සම්බන්දයෙන් ජනාධිපති අපේක්ෂකයන් දැනුවත් කළ බවත්, මෙයට විරුද්ධ නොවන කිසිඳු පුද්ගලයකුට මේ බිමේ ජීවත්වීමට අයිතියක් නැති බවත් සඳහන් කරයි.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වෙනි පිටුවේ සත්‍ය සෙවීමේ කොමිසම තවත් බලගන්වා ක්‍රියාත්මක කරන බව සඳහන් කර ඇති බවද ඔවුන් එසේ පවසන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
මෙම කොමිසම දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කළ ආකාරයේ කොමිසමක් නොවනබවත් මෙය සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම බවත්, මෙහි ඊනියා සත්‍ය සෙවීමට අමතරව වගවීම නොහොත් රණවිරුවන්ට එරෙහිව දඬුවම් කිරීම, වන්දි ගෙවීම, ගැටුම් නැවත ඇති නොවීම යනුවෙන් සඳහන් කර ඇති 13 සංශෝධනය බලාත්මක කිරීමේ ක්‍රියාදාමයද මේ තුළින් සිදු වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
