
ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් අගමැති දිනේෂ් හමුවෙයි... ඉන්දු-ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට ථෙරවාදී ආර්ථික මාවත අවශ්‍ය බව කියයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ (29) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බව පැවසූ ඩොවාල් මහතා ප්‍රමුඛ අවශ්‍යතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා සිටියේය.
බලශක්ති ක්ෂේත්‍රය එක් ක්ෂේත්‍රයක් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කළේය.
විදුලිබල උත්පාදනය සහ බෙදාහැරීම සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය පහසු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩල රෙගුලාසි සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති බවත් සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ආයෝජන වැඩි කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දිගු කාලීනව ශ්‍රී ලංකාවට දේශීය අවශ්‍යතාවයට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් නිපදවිය හැකි බවත්, අතිරික්ත විදුලිය ඉන්දියාවට විකුණා විශාල මූල්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් ඩොවාල් මහතා පැවසීය.
භූතානය විශාල වශයෙන් ජල විදුලිය නිපදවන අතර එය ඉන්දියාවට අලෙවි කරන බවත් එය එරට විශාලතම ආදායම බවත් ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ථෙරවාදී ආර්ථික ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ සියවස් 25 කට පෙර ගෞතම බුදුන් වහන්සේගේ සමයේ ඉන්දියාවේ පැවති ආර්ථික පිළිවෙත් අනුව බවත් එය ආර්ථික වර්ධනයට අනුපූරකයක් වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
සන්නද්ධ හමුදා සාමාජිකයින්ට සහ රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ කුසලතා සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ලබා දෙන පුහුණුව පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට ස්තූති කළේය.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, අතිරේක ලේකම් පුනීත් අග්‍රවාල් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන අක්ෂේ ජෝෂි, ගෞරව් අළුවාලියා සහ තේජා චන්දන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මෙම අවස්ථාවට එක් විය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන සහ උපදේශක සුගීස්වර සේනාධිර යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
- අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
