
බංග්ලාදේශ අවාමි ලීගයේ ප්‍රබලයෙකුගේ මළ සිරුරක් ඉන්දියාවෙන් සොයාගැනේ... අරගලයෙන් හින්දු ජාතිකයන් දහසකට අධික පිරිසක් ඝාතනය කරලා
බංග්ලාදේශ සිසු අරගලයෙන් පසු බලයෙන් පහ කෙරුණු අවාමි ලීගය පක්ෂයේ ප්‍රබලයෙකුගේ මළ සිරුරක් ඉන්දියාවේ දී සොයාගෙන තිබේ.
බංග්ලාදේශයේ අවාමි ලීගයේ ප්‍රමුඛයෙකු මෙන්ම දැඩි හසීනා හිතවාදියෙකු වන ඉෂාක් අලී ඛාන්ගේ නරක් වූ මළ සිරුර ඉන්දියා - බංග්ලාදේශ දේශසීමාවේ පිහිටි ඉන්දීය මේගලායා ප්‍රාන්තයේ බුලත් වගාවක තිබියදී මෙලෙස හමුව ඇත.
ගෙල සිරකර ඔහු මරාදමා ඇති බව අනාවරණය වී ඇති අතර මළ සිරුරේ අනන්‍යතාව හෙළිකරගෙන ඇත්තේ ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රයෙනි.
බංග්ලාදේශයේ ඇතිවූ රාජ්‍ය විරෝධී අරගලයෙන් පසුවද එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ ඔහු ඉන්දියාවට පලායමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පැවසෙයි.
අරගලකරුවන් විරෝධතා අතරතුර පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීම සහ එරට අධිකරණ ක්ෂේත්‍රයටද අත පෙවීම ආන්දෝලනාත්මක කරුණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රැකියා කෝටාව පදනම් කරගනිමින් හසීනා රජයට එරෙහිව ඇතිවූ අරගලය පසුව ජාතිවාදී හා ආගම්වාදී මුහුණුවරක් ගනිමින් එරට සුළුතර හින්දු ජාතිකයන් පීඩාවට පත්වීම ලොවපුරා විවේචනයටද ලක්විය.
අන්තර්වාර රජයේ සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රධානියා පවසා ඇත්තේ, ගෙවුණු ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ අරගලය අතරතුර හින්දු ජාතිකයින් දහසකට අධික ප්‍රමාණයක් ඝාතනය වී ඇති බවය.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
