
සත්‍ය සෙවීමේ කොමිසම් පනතට පාර්ලිමේන්තුවේ දී අත උස්සා සහාය දෙන්න හැකියාව ඇත්තේ දුෂ්ට, දුර්ජන, පාපතරයින්ට පමණයි - රණවිරුවන් රැකගන්න දිලිත් ජයවීර සමග එකඟතා ලියවිල්ලකට අත්සන් තබමින් ජාතික සංවිධාන පවසති (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම් පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා රණවිරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබීම ඊයේ(29) දින සිදුවිය.
ජාතික සංවිධාන එකමුතුවේ හැට වැදෑරුම් සමාජ සම්මුතිය සහ රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයාම වැළැක්වීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සකස් කළ 'රණවිරු විත්ති වාචිකය' එහිදී ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ කමල් ලියනගේ මහතා විසින් සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙත පිළිගැන්වීම ද සිදුවිය.
එහිදී අදහස් දැක්වූ දිලිල් ජයවීර මහතා පැවසුවේ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න කියා තිබිය දී ජනාධිපති අපේක්ෂකයක් වීමට තමන්ට ලැබීම ජාතියෙන් තමන්ට හිමිවූ වගකීමක් බව ය.
සත්‍ය සෙවීමේ ගනුදෙනුව පිටුපස සිටින ජාතියේ පවට උපන් තමන්ගේ පැවැත්ම සඳහාම ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් මෙම නායකයන් සියලුම දෙනා හෙළිදරව් කළ යුතු බවත්, තමන්ගේ මරණ මංචකයේ දී වත් රණවිරුවන්ට සැනසුමක් ලබා නොදේනම් එම දූෂිත දේශපාලකයන් ගැන සෙවීමට සත්‍ය සෙවීමේ කොමිසමක් අවශ්‍ය බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
ඉකුත් දා දම්පාටින් එළියට දැමූ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වැනි පිටුවේ සඳහන්කර ඇත්තේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය තවත් පුළුල් කළ යුතු බව යැයි පවසන ඒ මහතා, රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් කටයුතු කළ රණ විරුවන්ට සුද්දන් ලවා දඬුවම් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවද පෙන්වා දෙනලදී.
මෙවැනි දෙයක් පොතක මුද්‍රණය කර බෙදා හැරීමට තරම් පහත් තැනකට මේ රට පත්වුනා නම්, මේ බලවේගවල පිටුපස සිටින හස්ථයන් කෙතරම් බලවත් ඇත් දැයි සිතාගත හැකි බවත් දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සඳහන් කරන ලද්දේ සත්‍ය සෙවීමේ කොමිසම් පනතට පාර්ලිමේන්තුවේ දී අත උස්සා සහාය දෙන්න හැකියාව ඇත්තේ දුෂ්ට, දුර්ජන, පාපතරයින්ට පමණක් බව ය.
ඔවුන්ට එරෙහි විය යුතු බවත්, ඔවුන්ව දේශපාලනයෙන් අතුගා දැමිය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසුවේ ජනාධිපති අපේක්ෂකයන්ට මේ සම්බන්ධයෙන් විවිධ ක්‍රමවේද හරහා කරුණු දැක්වූ බවත්, නමුත් ඒ සඳහා සාධනීය ප්‍රතිචාර නොලැබුණු බවත්, දිලිත් ජයවීර මහතා පමණක් මෙය අතට ගෙන පරාජය කිරීමේ වගකීම භාරගැනීමට කටයුතු කළ බවත් ය.
එදා රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අත උස්සා 30/1 මහකොමසාරිස් වාර්තාව පිළිගත් බවද, එම 30/1 යෝජනාවේ ඇති ප්‍රමුඛතම කොන්දේසියක් වන්නේ සත්‍ය සෙවීමේ කොමිසම බවත් ඒ මහතා සඳහන් කරයි.
රණවිරුවන් දඩයම් කිරීමට පනත් 7ක් ගෙනආ බවත්, නමුත් ඒවා ක්‍රියාත්මක නොවන හෙයින් සත්‍ය සෙවීමේ කොමිසම පනත ලෙස මෙම 8 වැනි පනත ගෙන එනු ලබන්නේ අනෙකුත් පනත් එතම බලාත්මක කිරීමට බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී හෙළිදරව් කළේය.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, විශ්‍රාමික බිගේඩියර් අතුල ද සිල්වා මහතා, විශ්‍රාමික මේජර් චරිත සිරිවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
