ආර්ථික මොඩලයේ ගැඹුරු වෙනස්කම් නොකර රටේ අර්බුද කිසිවක් විසඳන්න බැහැ... කිසිඳු අපේක්ෂකයෙක් අර්බුදය ජයගත හැකි ආකාරය ගැන කියන්නේ නැහැ - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
අද මෙරට තුළ දක්ෂිණාංශික ලිබරල්වාදී මතවාද ශක්තිමත් වී අධිරාජ්‍යවාදීන් විසින් ඉතා සුක්ෂමව එම ව්‍යාපාර මෙහෙයවමින් සිටින අවස්ථාවක ජාතිකවාදී, වාමවාදී ව්‍යාපාර දුර්වල වෙමින් පවතින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ සමසමාජ ජාතික සන්ධානයේ ජනාධිපති අපෙක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා, මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රමුඛ නියෝජිතයන් විසින් සංවිධානය කළ එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති කිසිඳු අපේක්ෂකයකු රටේ පවතින අර්බුදය ජයගත හැකි ආකාරය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොමැති බවත්, මෙම අර්බුදය වර්ධනය කිරීමට දායක වූ පුද්ගලයන් අද මෙම අර්බුදය නමැති රෝගය සුවපත් කරන වෙදුන් බවට පත්ව ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවේ සිහියට නැගෙන්නේ කොසොල් රජු දුටු සිහින දාසය බව යැයි සඳහන් කරන වසන්ත බණ්ඩාර මහතා, සියල්ල උඩු යටිකුරු වී පවතින මෙවැනි වාතාවරණයක ජනාධිපති වී කුමක් කරනවාද යන්න ජනතාව විසින් මෙම අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කළ යුතු බව ද සඳහන් කරයි.
මෙම ආර්ථික මොඩලයේ ගැඹුරු වෙනස්කම් නොකර රටේ අර්බුද කිසිවක් විසඳිය නොහැකි බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..