
ආර්ථික මොඩලයේ ගැඹුරු වෙනස්කම් නොකර රටේ අර්බුද කිසිවක් විසඳන්න බැහැ... කිසිඳු අපේක්ෂකයෙක් අර්බුදය ජයගත හැකි ආකාරය ගැන කියන්නේ නැහැ - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
අද මෙරට තුළ දක්ෂිණාංශික ලිබරල්වාදී මතවාද ශක්තිමත් වී අධිරාජ්‍යවාදීන් විසින් ඉතා සුක්ෂමව එම ව්‍යාපාර මෙහෙයවමින් සිටින අවස්ථාවක ජාතිකවාදී, වාමවාදී ව්‍යාපාර දුර්වල වෙමින් පවතින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ සමසමාජ ජාතික සන්ධානයේ ජනාධිපති අපෙක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා, මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රමුඛ නියෝජිතයන් විසින් සංවිධානය කළ එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති කිසිඳු අපේක්ෂකයකු රටේ පවතින අර්බුදය ජයගත හැකි ආකාරය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොමැති බවත්, මෙම අර්බුදය වර්ධනය කිරීමට දායක වූ පුද්ගලයන් අද මෙම අර්බුදය නමැති රෝගය සුවපත් කරන වෙදුන් බවට පත්ව ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවේ සිහියට නැගෙන්නේ කොසොල් රජු දුටු සිහින දාසය බව යැයි සඳහන් කරන වසන්ත බණ්ඩාර මහතා, සියල්ල උඩු යටිකුරු වී පවතින මෙවැනි වාතාවරණයක ජනාධිපති වී කුමක් කරනවාද යන්න ජනතාව විසින් මෙම අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කළ යුතු බව ද සඳහන් කරයි.
මෙම ආර්ථික මොඩලයේ ගැඹුරු වෙනස්කම් නොකර රටේ අර්බුද කිසිවක් විසඳිය නොහැකි බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
