පාස්පෝට් නිකුත් කිරීම අවුල් ජාලාවක් වෙයි... දිනකට නිකුත් කරන්නේ පාස්පෝට් 250යි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් පාස්පෝට් පොත් සංචිත විසි දහසක පමණ ප්‍රමාණයක් දක්වා අඩු වීමෙන් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හමුවේ ගුවන් ගමන් බලපත්‍ර දෙසීය පනහක පමණ සංඛ්‍යාවක් දින වේලා වෙන්කරගත් පිරිස් හට දෛනිකව නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියා සිටියි.
මෙම දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේත් ප්‍රාදේශීය කාර්යාලවලත් නිසි වැඩපිළිවෙළකට අනුව ගුවන් ගමන් බලපත්‍ර නිකුත් නොවීම මත ඉල්ලුම්කරුවන්ට දින දෙක තුනක පමණ කාලයක් පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙන බව නිරීක්ෂණය වේ.
පවතින ගුවන් ගමන් බලපත්‍ර නිකුත් ක්‍රමවේදය වෙනුවට ඉලෙක්ට්‍රෝනික් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය ගත් තීරණය මත අදාළ ඉලෙක්ට්‍රෝනික් ගමන් බලපත්‍ර ගෙන ඒමේ ටෙන්ඩරය පුද්ගලික සමාගමක් වෙත ලබාදී තිබීම හේතුවෙන් දැනට නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර හිස් පොත් ගෙන්වීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර නොගැනීමත් ඉලෙක්ට්‍රෝනික හිස් ගුවන් ගමන් බලපත්‍ර ලැබීම ලබන ඔක්තෝබරයදී සිදුවීමත් මත ගැටලුකාරී තත්ත්වය උද්ගත වී ඇත.
මේ වනවිට ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට පිවිස urgent මෙවලම ඔස්සේ තොරතුරු ඇතුළත් කර දින වේලාවක් වෙන් කරගත යුතුව ඇති බවත් ඒ අනුව පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබාගතහැකි බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නමුත් ඉල්ලුම්කරුවන් චෝදනා කරන්නේ එලෙස දින වේලා වෙන්කරගත් අයට පවා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වැරදි ක්‍රියාපිළිවෙතක් ඔස්සේ සිදුවන බවය.
මේ තත්ත්වය සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කරන්නේ ඉලෙක්ට්‍රෝනික හිස් ගුවන් ගමන් බලපත්‍ර පොත් පනස් දහසක් ලබන ඔක්තෝබරය අවසානයේ හෝ ඊට පෙර ලැබීමට නියමිත බවය.
එම කාලය වන තෙක් අත්‍යවශ්‍යම දේකට හැර ගුවන් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමෙන් වළකින ලෙසය. එසේම මේ වනවිට ගුවන් ගමන් බලපත්‍ර ලබාගත් පිරිසෙන් විදෙස් ගතවී ඇත්තේ සියයට විසි තුනක ප්‍රතිශතයක් පමණක් බවද එම නිවේදනයේ සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..