News Category
From Date
To Date
Maximum Number of Result

අද රට පුරා "තරුව" දිදුලන කොට මාලිමා නායකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මතක් වෙලා - විමල් වීරවංශ

Aug 27, 2024 at 09:35 AM
|

බෞද්ධ ශිෂ්ටාචාරගත උරුමය මත  පදනම්ව, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය වෙනුවෙන් කැප වූ මෙරට දෑහිතකාමී, දේශමාමක බලවේගයන්ගේ දේශපාලන කඳවුර  වන සර්වජන බලයෙහි "තරු ලකුණ"  අද රටම දිදුලමින් යන ගමන හමුවේ මෙතෙක් නිරාගමික ස්ථාවරයක සිට බුදු දහමට අපහාස කළ ජාතික ජන බලවේගයේ නායකයන්ට "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය..." යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 9 වැනි වගන්තිය රකින හැටි කතා කිරීමට සිදුව ඇතැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කිරීම පිණිස ඊයේ(25) සවස අනුරාධපුර කඩ පනහ පරිශ්‍රයේදී පැවති මහජන රැලිය අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය. 

මෙම මහජන රැලිය අමතා, සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පිවිතුරු හෙළ උරුමයේ නීති ලේකම් නීතිඥ භූපති කහතුඩුව, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

"සර්වජන බලයේ 'තරුව'  අනුරාධපුරයට පායන කොට අනිකුත් දේශපාලන පක්ෂවල  පිංගුත්තරයන්ට තරු පෙනෙන්න පටන් අරන් තිබෙනවා. මේ 'තරුව' අනුරාධපුරයට පෑව්වේ දිදුලන තරුවක් වීමට මිසක් මිලාන වන තරුවක් වීමට නොවේ.

අගුපිල්වල ලැගලා හරි යයිද?

ඔබ දන්නවා, අපි මේ රටේ 'එක ප්‍රතිපත්තියක -;එක අරමුණක' සිට දේශපාලනය කරපු මිනිස්සු බව. අපි කිසිවිටෙකත් එහෙට මෙහෙට පැන්නේ නැහැ. අපි, රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාගේ දංකුඩ ලෙවකන කොට ඒ දංකුඩ කන සමාගම අතඇරලා ආපු මිනිස්සු; ඇමතිකමින් දොට්ට දානකොට බය නැතුව විරුද්ධ පක්ෂයේ වාඩි වුණු මිනිස්සු. අපි කිසිවිටකත් 'ඩල්ල ඩලා' වගේ, 'දයාබර සිරි' වගේ, තව එවැනි බොහෝ අය වගේ එක එකාගේ අගුපිල්වල ලගින්න ගියේ නැහැ. මේ රටේ ආර්ථික - දේශපාලන අර්බුදයට උත්තර හොයන ඔබ, අපෙන් ඉල්ලන 'යුතුකම - වගකීම' එවැන්නක් ද? මේ රටේ අනුරාධපුර මහා විහාර සම්ප්‍රදාය ගොඩනඟපු 'ඓතිහාසික සභ්‍යත්වයට' දණ නමා වන්දනාමාන කරන ඔබ අපෙන් ඉල්ලන 'යුතුකම - වගකීම' එය නොවන බව අප දන්නවා. දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන 07ක් එකමුතු වෙලා සර්වජන බලය ගොඩනැඟුවේ ඔබ අපෙන් ඉල්ලා සිටින 'යුතුකම හා වගකීම'  ඉටුකරලන්නයි.

9 වන වගන්තිය මතක් වුණු මාලිමා නායකයෝ

දැන් 'ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය...' යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ගැන මෙච්චර කාලයක් කතා නොකරපු ජාජබ උන්දැලාත් ඒ ගැන කතා කරන්න පටන් අරන් තිබෙනවා. මීට මාස හය - හතකට කලින් ජාජබ බිමල් රත්නායක උන්නැහේ 'ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්!' කියල බීබීසී එකට කියනවා මම අහගෙනයි. ඒ වගේම ගාල්ලේ ජාජබ නලින් හේවගේ උන්නැහේ කියමින් ගියා, 'බුදු හාමුදුරුවෝ බෝ ගහකට පිටදුන්නු එක හොඳයි. කොස් ගහකට පිටදුන්නා නම් අපට කොස් ගෙඩියක්වත් කන්න වෙන්නේ නැහැ' කියා. එහෙම කියපු ජාජබ උන්දැලා දැන් එක පාරටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය රකින හැටි කතා කරන්නේ ඇයි? ඒ තමයි සර්වජන බලයේ බලපෑම.

පාවෙන 35%-40%ට...

දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා නම් 'අලි එලවන මන්තරයක්' ජප කරමින් ඉන්න බවයි පෙනෙන්නේ. අනෙක් අතට වික්‍රමසිංහ මහත්තයාගේ ආයු කාලය අවසන් වෙලයි තියෙන්නේ. උන්දැට 'පන්දම' අල්ලන්න ගිය පොහොට්ටුවො, 'අපේ අනාගතයට කුමක් වේවි ද? කියලා අන්දමන්ද වෙලා ඉන්නවා. මේ දවස්වල මේ රටේ ජනාධිපතිවරණය පිළිබඳව කෙරෙන කවර ජනමත විමසුමකදී වුවත් ලැබෙන ප්‍රතිඵලය තමයි, '35‰-40% අතර ඡන්දදායකයන් ප්‍රමාණයක් තම ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි මෙතෙක් තීරණය කර නැත' කියන එක. ජවිපෙ මොන 'බට්ටා' ගහගෙන ආවත් සජිත් ප්‍රේමදාස මොන ලකුණෙන් ආවත් රනිල් වික්‍රමසිංහ 'ගෑස් සිලින්ඩරය' කරේ තියාගෙන ආවත් 'තීන්දු කරන්න බැරිය' කියලයි ඒ අය කියන්නේ. සියයට තිස්පහක්- හතළිහක් තීන්දුවක් ගන්න 'වෙලාව' එනකන් තමයි බලා ඉන්නේ.

ඉතිහාසයේ මුල් වරට සර්වජන බලයෙන්...

විශේෂයෙන් ඒ පිරිසට සහ මේ රටේ සියලු ඡන්දදායකයින්ට අපි කියන්න කැමතියි. මෙතෙක් මේ රටේ දේශපාලන ඉතිහාසයෙහි නොවුණු දෙයක් සර්වජන බලය හැටියට මෙවර ජනාධිපතිවරණයේදී අපි සිදුකර තිබෙනවා. ඒ තමයි 'මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනුවට ජනතාවගේ, ආගමික නායකයන්ගේ, ව්‍යවසායකයන්ගේ, විද්වතුන්ගේ අදහස් ඇතුළත් උපායමාර්ගික සැලැස්මක් ඔබ හමුවේ තැබීම. ඒ උපායමාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත අපි සර්වජන බලය විධායක සභාව ලෙස ඔබ හමුවේ තැබුවා. දෙවන කෙටුම්පත සකස් කළේ පළමු කෙටුම්පත සඳහා රට පුරා මහජනයාගෙන් ලැබුණු අදහස් යෝජනා ද ඇතුළත් කරලයි. දෙවන කෙටුම්පත අපි මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට, විද්වත් වෘත්තිකයන්ට, ව්‍යවසායකයන්ට ඉදිරිපත් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා මැතිවරණ ප්‍රකාශනයක් වෙනුවට සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර සහෝදරයා ඉදිරිපත් කරන රට ගොඩනඟන උපායමාර්ගික සැලැස්ම සකස් වන්නේ මේ දෙවන කෙටුම්පත සඳහා ලැබෙන අදහස් යෝජනා ඇතුළත් කරලයි. 

අපි මෙවර ජනාධිපතිවරණයේදී ඒ විදියට මහජනයාගේ අදහස් යෝජනා අරගෙන හදපු, 'මේ වැටුණු රට ගොඩනඟන්නේ කොහොමද?' කියන අපේ උපායමාර්ගික සැලැස්ම රට හමුවේ තබනවා. එය මේ රටේ දේශපාලන සංස්කෘතියට නවමු අත්දැකීමක්. ඔබ දන්නවා දැන් සමහරු ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශනවල තිබෙනවා, ' වැට් බදු අඩු කරනු ලැබේ!' කියලා. තවත් එකක තිබෙනවා, 'වැටුප් වැඩි කරනු ලැබේ!' කියලා. නමුත් බදු අඩු කළාම අහිමි වන ආදායම උපයාගන්නා ආකාරය, වැටුප් වැඩි කිරීමට ආදායම උපයාගන්නා ආකාරය මේවායේ නැහැ. නමුත් සර්වජන බලය උපායමාර්ගික සැලැස්මෙන් වැටුප් වැඩි කරන ආකාරයත් කියනවා; ඒ සඳහා ආදායම් හොයන ආකාරයත් කියනවා.

මේ ඓතිහාසික අනුරාධපුර නගරයේ සිට අපි සපථ කරනවා, 'මේ ජනාධිපතිවරණ සටන තරුව ලකුණෙන් දිලිත් ජයවීර ජයග්‍රහණය කළාම අනුරාධපුර ඔබගේ පමණක් නොවෙයි සකල ශ්‍රී ලාංකිකයන්ගේම සකල දුක් වේදනාවන්ට අපි විසඳුම් දෙනවා' කියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනාවෙත් අපි එහෙම බලාපොරොත්තු තියාගෙන. නමුත් ඔහු ලැබුණු ජනවරමට පිටුපස හරවලා පලා ගියා. නමුත් අපි කෙසේ හෝ තමුන්නාන්සේලාගේ දුක් වේදනාවන්ට විසඳුම් දෙනවා කියන අධිෂ්ඨානයෙන් තමා විපක්ෂයේ වාඩි වුණේ. සර්වජන බලයේ ඉන්නේ අතන මෙතන ලැගලා තමන්ගේ ප්‍රතිපත්තිය පාවලා දීපු මිනිස්සු නොවෙයි. නමුත් අනුර දිසානායකලා දිහා හොඳට බලන්නකෝ! එදා 2004 දී කෘෂිකර්ම, වාරිමාර්ග, පශුසම්පත් ඇමති විදිහට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ගාව ලැග්ගා. 2010 දී ජනාධිපතිවරණයට  සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා කරලා කර තියාගෙන ආවා. 2015 දී  සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගාව නොනිල විදියට ලැග්ගා. ඔවුන්ගේ දින 100 ආණ්ඩුවේ හිටියා. 'හොරු අල්ලන කමිටුවේ' ප්‍රධානියා වෙලා හිටියා.  එයාලා නොලැග්ග තැනක් නැහැ. නමුත් සර්වජන බලයේ ඉන්නේ තමන්ගේ ජාතිකවාදී ප්‍රතිපත්තිය අංක එකට රැකපු මිනිස්සු. ඒ විදිහට ප්‍රතිපත්ති රැකපු අපි තමුන්නාන්සේලාට කියනවා, 'ලක් මාතාව ඇද වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න ඕනෑ නම් මෙතැන තමයි තැන' කියලා.

මෙහේ ඉන්න  බයිඩන්ලා වැනෙනවා!

අපි දුටුවා, ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් යන ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව විවාද කළ ආකාරය. විවාදයෙන් පැරදුනු බයිඩන්ට තමන්ගේ පක්ෂයේ අපේක්ෂකත්වයත් අහිමි වුණා. සර්වජන අපේක්ෂක අපේ දිලිත් ජයවීර සහෝදරයාත් මෙරට ප්‍රධාන අපේක්ෂකයන් සියලුදෙනාට තම ප්‍රතිපත්ති ප්‍රකාශනත් රැගෙන විවාදයට එන්න කියලා ඇරයුම් කළාට එයාලා දිගින් දිගටම ඒ විවාදය මඟ හරිනවා. අපට පෙනෙන්නෙ විවාදයට ආවොත් තමන්ගේ අපේක්ෂකත්වය අහිමි වෙයි කියලා බයේ මෙහේ ඉන්න බයිඩන්ලා වැනෙමින් සිටින බවයි.

ඒ නිසා අපි වෛරයෙන් නොවෙයි ඔළුවෙන් හිතලා නිවැරදි තීරණය ගත යුතුයි. නිවැරදි තීන්දුවක් ගෙන රට ගොඩනගන සැබෑ ගමනට එක්වෙමු! සර්වජන බලය තරු ලකුණ ඉහළින් ඔසවා තැබීමට ඔබ සැමට ධෛර්යය සහ ශක්තිය ලැබේවා! කියා පතනවා."

මාධ්‍ය අංශය,
සර්වජන බලය




සම්බන්ධිත පුවත් | Related News

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ලොව බිහිසුණු ම කොටි ත්‍රස්තවාදය පැවැති යුගයේ එනම් 1991, 1994, 2005 සහ 2009 වසරවල දළදා ප්‍රදර්ශන පැවැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) අවසර ලබාන්නාය.
පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
දළදා පුදබිමේ ආරක්ෂාවට සිටි අණ දෙන නිලධාරීවරයාට ඉතා අශෝබන ලෙස පොලිස් නිලධාරියෙකු විසින් බැන වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකරන එකසත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු, හිටපු යුද හමුදා නිලධාරි අසේල ධර්මකීර්ති මහතා පවසන්නේ යුද හමුදාවේ කිසිදු සෙබලෙකුට මේ ආකාරයෙන් බැන වැදීමක් යුද හමුදාව තුළදීවත් සිදු නොවන බවත්, පොලිස් නිලධාරියා විසින් සිසුකළ එම ක්‍රියාව ඉතා නින්දිත ක්‍රියාවක් බවත් ය.
2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු ලැබීය.

ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ

යුක්රේන හමුදා අත්පත් කරගෙන සිටි රුසියාවට අයත් භූමි ප්‍රදේශයේ ජීවත් වන ජනයා ඉලක්ක කර රසායනික අවි භාවිත කර ඇති බවට රුසියානු ආරක්ෂක අංශ පවසයි.

මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.