News Category
From Date
To Date
Maximum Number of Result

හමුදාව යුද ජයග්‍රහණයේ ආරම්භය ලබාගන්නා අවස්ථාවේදී LTTEයේ සහායට ජවිපෙ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළා - පාඨලී චම්පික රණවක

Aug 27, 2024 at 07:03 AM
|

එදා LTTE සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා සිදු කිරීමට ගිය ව්‍යසනය නවතා දමමින් අප රටේ හමුදාව යුද ජයග්‍රහණයේ ආරම්භය ලබාගන්නා අවස්ථාවේදී ඒ සියල්ල විනාශ කර දැමීමට 2017 වසරේදී ලාල්කාන්ත ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ රට පුරා සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳවා LTTE යට සහාය දැක්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ “විරු පවුර – සමගි ජනරජයක් වෙනුවෙන්..” යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සංවිධානය කර තිබූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් හා සිවිල් ආරක්ෂක විශ්‍රාමික නිලධාරීන් ඇගයීමේ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

එහිදී විරු පවුර සභාපති දේශමාන්‍ය දේශබන්දු කපිතාන් ගයාන් විතානගේ මහතාත්, රණවිරු පවුල් වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය හා විරු පවුර අනුශාසක සහ කැඳවුම්කරු මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා සිය අදහස් පලකරනු ලැබූ අතර බොහෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් මේ සඳහා සම්බන්ධ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා:

“ඔබතුමාලට මේ යුද්ධයේ කතාව කියන්න ඕන නෑ. යුද්ධයේ කතාව ඔබ හැමෝම ජීවමානව අත්දැකලා තියෙනවා. මේ ගැටුම සෑහෙන කාලෙක ඉඳන් තිබිච්ච දෙයක්. ඒ දේශපාලකයා මේ ගැටුම තේරුම් ගත්තේ නැති නිසාත්, විදේශ මැදිහත්වීම් නිසා මේක දික් ගැහිච්ච ප්‍රශ්නයක් බවට පත්වුණා. මේ ගැටුම මට පෞද්ගලිකව තීරණාත්මකව දැනුණේ 1990 දශකයේ අන්තිම බාගෙදී. LTTE ය කොළඹ විශාල පිපිරීම් ගණනාවක් කළා. නමුත් සාමයේ නාමයෙන් කියලා ඒවා ඉවසා වදාර සිටින තත්ත්වයක් අපේ ආණ්ඩු ගෙන ගියා. LTTE ය තහනම් වුණේ දළදා මාලිගාවට පහර දීපු අවස්ථාවේදී බොහෝ දෙනෙක් හිතුවා සිංහල මිනිස්සු, දෙමළ ජනයාට හින්දු කෝවිල් වලට හිරිහැර කරයි කියලා. අපි චන්ද්‍රිකා මැතිණියගෙන් ඒ වෙලාවේ ඉල්ලා හිටියා LTTE ය වහාම තහනම් කරන්න තවත් ගනුදෙනු කරන්න ඉඩ තියන්න එපා කියලා. එදා තමයි එතුමිය ඒක තහනම් කළේ. මහා දැවැන්ත භික්ෂු පෙළපාළියක් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිදු කරලා. එංගලන්තේ අපේ ජනතාව සංවිධානය කරලා Tony Blair ට බෑ කියලා විශාල කැම්පේන් එකක් ගෙනිච්චා. ඇමරිකා එක්සත් ජනපදයේත් ගෙනිච්චා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි එංගලන්තෙයි, ඇමරිකා එක්සත් ජනපදයෙයි, LTTE තහනම් වුණේ. ඒකෙන් LTTE ය සුළු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් තියෙනවායි කියලා කියපු පිළිගැනීම නැතිවෙලා, ත්‍රස්තවාදී සංවිධානයක් බව හුඟාක් රටවලට අවබෝධ කරවන්න අපේ ජනතාවට පුළුවන් වුණා.

1999 යේදී වන්නියේ සිදු වෙච්ච විශාල පසුබැසීමත් එක්ක අපට තේරුණා දැන් මේ යුද්ධය ඉතාමත්ම තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා කියලා. චන්ද්‍රිකා මැතිණිය ඉන්දියාවේ නාවුක හමුදාවෙන් උදව් ඉල්ලුවා යාපනයේ හිර වෙලා හිටපු අපේ තිස් දහසක පමණ සෙබළු කොළඹට ගෙන එන්න.

රොහාන් දළුවත්ත මහත්තයා හිටියේ ප්‍රධානියා හැටියට. ඒ වගේම මතක ඇති ඇන්ටන් බාලසිංහම් ප්‍රකාශයක් කරා මිනී පෙට්ටි තිස්දාහක් ලෑස්ති කරගන්න කියලා 2000 දී. අලිමංකඩ කඳවුර බිඳ වැටිලා අපේ හිටපු ප්‍රධන මේජර් ජෙනරාල්තුමාවත් ඝාතනය කරලා යාපනය දෙසට වේගයෙන් LTTE ය ගමන් කරමින් හිටියා. ලොකු සටනක් අපිට කොළඹ ගෙනියන්න සිද්ධ වුණා. යම් යම් රටවල් උපකාර කළා. මල්ටි බැරල්, රොකට්, හම්බුන නිසා LTTE ය, මුහමාලෙයි කලාපයේ නවත්තගත්තා. ඊට පස්සේ අපි කල්පනා කළා, දැන් මේකට දේශපාලන නායකත්වයක් ඕනේ. තනියෙන් අපි කිහිපදෙනෙකුට මේ උද්ඝෝෂණ කරලා කරන්න බැහැ. ඒ අනුව තමයි අපි, මහින්ද රාජපක්ෂ ඒ බලයට පත් කරන ක්‍රියාවලියට එකතු වුණේ. මේජර් ජෙනරාල් එම්. ඩී ෆනෑන්ඩු වගේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ගණනාවක් විශ්වාස කළා මේක දිනන්න පුළුවන් කියලා. මහින්ද රාජපක්ෂ පත්වෙනකොට ජෙනරල් සරත් ෆොන්සේකා හමුදාපති කරා. ගොඩාක් විරෝධතා ආවා. මහින්ද මහත්තයත් එච්චර කැමති වුණේ නෑ.

නමුත් අපි දැනන් හිටියා මේකට යම් ස්ථිර නායකත්වයක් ඕනැයි කියලා. නමුත් සාමය දිගටම කරගෙන ගියා. මහින්ද මහත්තයත් ජිනීවා වල ගිහිල්ලා අරෙහෙ මෙහෙ ගිහිල්ලා LTTE යත් එක්ක පරණ නැටිල්ලම නට නට ගියා ඔය ටිරාන් අලස්ලා එහෙම අල්ලගෙන. ඒ වෙලාවේ තමයි එදා ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයාගේ ඝාතන තැත සිදුවුණේ.

අපි ගිහිල්ලා ඉල්ලීමක් කරා මහින්ද රාජපක්ෂගෙන් තමන්ගේ හමුදාපතිට ගහලා තියෙන වෙලාවේ තව මොකක්ද බලන් ඉන්නේ? දැන් යුද්ධ ප්‍රකාශ කරන්න කියලා. එතුමා ඒක කළේ නැහැ. එතුමා සාමය ගැන තද විශ්වාසයක හිටියේ. ජාතියේ වාසනාවට සරත් ෆොන්සේකා මහත්තයා ඒකෙන් ගැලවිලා නැවත සුවපත් වුණා. අපි දැනගත්තා අපිව රවට්ටලා ඉදිරියට යන ක්‍රියාමාර්ගයක් තමයි මහින්ද මහත්තයත් කරන්න යන්නේ කියලා.

ඊළඟ අවස්ථාව තමයි ත්‍රිකුණාමලයේ මාවිල්ආරු සොරොව්ව වහපු එක. ඒ අනුව තමයි ඒ කාලේ අපේ පක්ෂේ, අතුරලියේ රතන හාමුදුරුවෝ, වර්ණසිංහ මහත්තයලා, එහෙම කණ්ඩායම එහෙ ගිහිල්ලා ඒ ප්‍රශ්නය මහජන උද්ඝෝෂණයක් බවට පත් කළේ. ඊට පස්සේ තමයි සටන ආරම්භ වුණේ. සටන ආරම්භ කළේ ජෙනරාල් ප්‍රසන්න සිල්වා. දැන් වටෙන් පිටෙන් අපි ජය ලබාගෙන එන කොට අපිව වට්ටන්න වැඩපිළිවෙළක් ගෙනිච්චා. වෙන කවුරුවත් නෙවෙයි අද රණවිරුවෝ කැන්දගෙන, ලොකු කතා පවත්වන අනුර දිසානායක. 2017 දී, කුමන්ත්‍රණයක් කරා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් හා රනිල් වික්‍රමසිංහ මහත්තයයි, ඒ වගේම, ඔය LTTE සංවිධානයට අනුබද්ධ, කණ්ඩායම් කිහිපයකුයි. නැගෙනහිර පළාත සුද්ද කරගෙන උතුරේ සිලාවතුරට බැස්සා විතරයි, මෙන්න පටන් ගත්තා පාර්ලිමේන්තුව අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ගය.

අද අපිට කතා පවත්වනවා විජිත හේරත්ලා පිල් මාරු කරනවා කියලා. ලොකුම පිල් මාරුව කළේ ජාතියේ සතුරොත් එක්ක එකතු වුණේ එදා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්ලා, අනුර දිසානායකලා. ඒ කුමන්ත්‍රණය සාර්ථක වුණා නම් එදා ඔය යුද්ධය කවදාක්වත් ඉදිරියට යන්නෑ. ආයෙත් පටන් ගන්නවා සාම සාකච්ඡා. ලාල්කාන්ත, සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳෙව්වා ආණ්ඩුව වට්ටන්න. දකුණේ සමස්ත මහා වැඩවර්ජනයක් හැදුවා LTTE යට පක්ෂපාතී. අපේ ජනතාව ඒක පරාජය කළා. ජනතාව ඒගොල්ලන්ව දේශපාලන වශයෙනුත් ඊළඟ මැතිවරණයේදී පරාජය කළා.

මේ එළියේ රණවිරුවෝ ගැන කතා කරන අය ඉතාම භයානක දේශපාලන සූදුවක් කරගෙන යනවා. මේ අය රටට එරෙහිව කැරලි ගහපු අය. වෙන රටවල් වල නං රටට එරෙහිව කැරලි ගහපු අයට ඡන්ද අයිතියක් නෑ. දැන් කිසිම දෙයක් ඒගොල්ලෝ කරලා නැති ගානට කතා පවත්වන්න පුළුවන්. මොකද පරීක්ෂණයක් කරලා විධිමත් අධිකරණමය ක්‍රියාමාර්ගයක් අරගත්තේ නැති නිසා. නැවත මේ රට එතෙන්ට ගමන් කළ යුතු නෑ. පාර්ලිමේන්තුව අබියසට ගිහිල්ලා කිව්වා මේක ගිනි තියමු එන්න කීවට අද වෙනකන් කිසිම පොලිස් පරීක්ෂණයක් පවත්වලා නෑ. පාර්ලිමේන්තු සිද්ධිය වෙලාවෙදිත් රට අවසාන වශයෙන් ගලෝගත්තේ ආරක්ෂක අංශ. ඒ ආරක්ෂක අංශ මැදිහත් වුණේ නැත්නම් ඒ අවස්ථාවට පාර්ලිමේන්තුවත් ගිනි තියලා ඉතාම භයානක අරාජික රටක් මේ රටේ ඇති වෙනවා.”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

සම්බන්ධිත පුවත් | Related News

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ලොව බිහිසුණු ම කොටි ත්‍රස්තවාදය පැවැති යුගයේ එනම් 1991, 1994, 2005 සහ 2009 වසරවල දළදා ප්‍රදර්ශන පැවැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) අවසර ලබාන්නාය.
පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
දළදා පුදබිමේ ආරක්ෂාවට සිටි අණ දෙන නිලධාරීවරයාට ඉතා අශෝබන ලෙස පොලිස් නිලධාරියෙකු විසින් බැන වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකරන එකසත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු, හිටපු යුද හමුදා නිලධාරි අසේල ධර්මකීර්ති මහතා පවසන්නේ යුද හමුදාවේ කිසිදු සෙබලෙකුට මේ ආකාරයෙන් බැන වැදීමක් යුද හමුදාව තුළදීවත් සිදු නොවන බවත්, පොලිස් නිලධාරියා විසින් සිසුකළ එම ක්‍රියාව ඉතා නින්දිත ක්‍රියාවක් බවත් ය.
2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු ලැබීය.

ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ

යුක්රේන හමුදා අත්පත් කරගෙන සිටි රුසියාවට අයත් භූමි ප්‍රදේශයේ ජීවත් වන ජනයා ඉලක්ක කර රසායනික අවි භාවිත කර ඇති බවට රුසියානු ආරක්ෂක අංශ පවසයි.

මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.