
චීන විමුක්ති හමුදාවේ යුද නැව් තුනක් කොළඹට එද්දී ඉන්දියාවේ යුද නැවකුත් එයි
මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් කොළඹ වරායට පැමිණ තිබේ.
අද (26) උදෑසන එලෙස පැමිණ තිබුණේ මහජන චීන විමුක්ති හමුදාවට අයත් “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය බව නාවික හමුදාව පවසයි.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් “HE FEI” යුද නෞකාව, දිගින් මීටර් 144.50 හා නැවේ කාර්යය මණ්ඩලය 267ක ගෙන් සමන්විතය.
Landing Platform Dock වර්ගයට අයත් “WUZHISHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැවේ කාර්යය මණ්ඩලය 872ක ගෙන් සමන්විතය.
Landing Platform Dock වර්ගයට අයත් “QILIANSHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැවේ කාර්යය මණ්ඩලය 334 ක ගෙන් සමන්විත වෙයි.
එම නෞකා පුහුණු අභ්‍යාසයකින් අනතුරුව, නිල සංචාරය අවසන් කරමින් අගෝස්තු මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
මේ අතර, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (26) කොළඹ වරායට සේන්දු විය.
වේගවත් යුද නෞකාවක් (Destroyer වර්ගයට අයත්) වන මෙය දිගින් මීටර් 163කි. එමෙන්ම කාර්යය මණ්ඩලය 410 දෙනෙකුගෙන් සමන්විත වේ.
නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් සන්දීප් කුමාර් කටයුතු කරයි.
මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යය මණ්ඩලය මෙරට ප්‍රධාන ස්ථාන කිහිපයක සංචාරය කිරීමටද නියමිතය.
ඊට අමතරව බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ පුහුණු අභ්‍යාසයක්ද පවත්වා මේ මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
