News Category
From Date
To Date
Maximum Number of Result

ජනපති අපේක්ෂකයන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවලියක්

Aug 26, 2024 at 04:01 PM
|

මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති ධූර අපේක්ෂකයින් වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්  සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය ඉලක්ක කරගත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

එම සංගමය පවසන්නේ නිදහස් සෞඛ්‍ය සේවයේ සහ නිදහස් අධ්‍යාපනයේ මූලික හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් එම ක්ෂේත්‍ර වඩාත් ශක්තිමත් කිරීම මෙරට පාලකයින්ගේ ඉහළ ප්‍රමුඛතාවය සහිත ඉදිරි අරමුණක් විය යුතු බවයි.

අදාළ මාධ්‍ය නිවේදනය පහළින්...

මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති ධූර අපේක්ෂකයින් වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය ඉලක්ක කරගත් යෝජනාවලිය.

ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්දමේ දැවැන්ත ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටින මොහොතක ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව මෙරට පාලනය භාර ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම පාර්ශවයක වගකීම වනුයේ පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා, රටට සහ ජනතාවට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එහිදී නිදහස් සෞඛ්‍ය සේවාව, වෛද්‍ය ක්ෂේත්‍රය, වෛද්‍ය අධ්‍යාපනය මෙන්ම නිදහස් අධ්‍යාපනය ද ඒ සියලු දෙනාට කිසිසේත් අත්හළ නොහැකි වගකීම් වේ. ඒ වෙනුවෙන් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉදිරි සැලසුම් සහ වැඩපිළිවෙළ දෙස අපි අවධානයෙන් බලා සිටිමු.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ව්‍යවස්ථාපිතවම කිසිදු දේශපාලනමය බැඳීමක් නොමැති නිර්දේශපාලනීය සංවිධානයකි. එහෙත් වගකීමක් සහිත වෘත්තියවේදීන්ගේ සංවිධානයක් ලෙස අප සෑම විටම මෙරට පාලකයින් නිවැරදි දිශානතියට යොමු කරවීමට අවශ්‍ය කාර්යභාරය සහ මැදිහත්වීම සිදුකර ඇත.

ඒ අනුව මෙරට සෞඛ්‍ය සේවයේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය අධ්‍යාපනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමත්, ඉදිරි ප්‍රගමනයත් ඉලක්ක කර ගනිමින් සකස් කරන ලද යෝජනාවලියක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයින්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇත.

මේ වන විට මෙරට වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවාව සහ වෛද්‍ය අධ්‍යාපනය බරපතල අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටියි. 

වඩාත් හිතකර වෘත්තිය පරිසරයක් බිහි කරමින් මෙරට වෛද්‍යවරුන් රැකගැනීමට මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම හරහා නිරෝගී සහ ශක්තිමත් ප්‍රජාවක් බිහි කිරීමට අවශ්‍ය යෝජනා සහ වැඩපිළිවෙළත්, රාජ්‍ය සේවය වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙලත් මෙම යෝජනා මාලාවේ අන්තර්ගතව ඇත.

ඊට අමතරව ශක්‍යතා අධ්‍යනයකින් සහ විශ්ලේෂණයකින් අනතුරුව ගොඩනඟන ලද ජාතික ප්‍රතිපත්තියක් මත පමණක් පිහිටා වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ඉදිරි තීරණ ගත යුතු බව මෙම යෝජනාවලියේ යළිත් තහවුරු කර ඇත.

මෙම යෝජනාවලිය සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට යොමු කරනු ලබන අතර ඔවුන් තම ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කිරීමේදී සහ ඉදිරි වැඩපිළිවෙළ තීරණය කිරීමේදී, ඒ තුළ මෙම යෝජනා අන්තර්ගත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

නිදහස් සෞඛ්‍ය සේවයේ සහ නිදහස් අධ්‍යාපනයේ මූලික හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් එම ක්ෂේත්‍ර වඩාත් ශක්තිමත් කිරීම මෙරට පාලකයින්ගේ ඉහළ ප්‍රමුඛතාවය සහිත ඉදිරි අරමුණක් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශ්වාසයයි.

එහිදී වැදගත් වනුයේ  බලයේ සිටින පුද්ගලයාට, කණ්ඩායමට හෝ දේශපාලන පක්ෂයට වඩා ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති වන අතර, රටට සහ ජනතාවට හිතකර, නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය සුරැකෙන ඕනෑම වැඩපිළිවෙලකට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිසේත් පසුබට නොවනු ඇත.

ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්. 

සම්බන්ධිත පුවත් | Related News

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතරතුර ඔහුට දැවැන්ත ලෙස කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.
දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.
දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව අද (09) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාලව ඇති ඊනියා චෝදනා විභාග කිරීම කරගෙන යන ලෙසත් එයට විරුද්ධ නොවන බවත්, එය සාමාන්‍ය නීතිය යටතේ කරන ලෙසත් විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.