
රුසියානු හමුදා යුක්‍රේන ආරක්ෂක කර්මාන්ත කළාපය සුන්නද්දූලි කරයි:.. මෙතෙක් අනාවරණය වූ දේ
මොස්කව් වේලාවෙන් උදෑසන 6 පසුවීමත් සමඟ යුක්රේනයේ භූමිය හරහා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිවේදනය කර සුළු මොහොතකින් රුසියාව, කියෙව් පාලන තන්ත්‍රයේ ආරක්ෂක කර්මාන්ත පහසුකම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.
යුක්රේන මාධ්‍ය විසින් ප්‍රදේශ ගණනාවක පිපිරීම් සිදුවූ බව වාර්තා කරනු ලැබීය. කියෙව්, කාර්කොව්, සුමි, පොල්ටාවා, විනිට්සා, කිරොවොග්‍රෑඩ්, ඩ්නෙප්‍රොපෙට්‍රොව්ස්ක්, ඉවානෝ-ෆ්‍රැන්කොව්ස්ක්, එල්වොව් සහ ඔඩෙස්සා යන ප්‍රදේශ මෙලෙස පිපිරීම් සිද්වූ ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇත.
මේ අතර සමහර යුක්‍රේන මාධ්‍ය වාර්තා වන්ට අනුව රුසියානු හමුදා යුක්රේනයේ ඉලක්කවලට කළ පහර දීම් වලින් පසුව පිපිරීම් මාලාවක් සිදුවී කියෙව්හි ප්‍රදේශ ගනනාවක විදුලිය විසන්ධි වී තිබේ.
ඔඩෙස්ස හි බලශක්තිය නිපදවන මධ්‍යස්ථානයකටද පහර දුන් බව රුසියානු හිතවාදී සංවිධානයක සම්බන්ධීකාරකයෙකු ස්පුට්නික් වෙත පැවසීය.
ල්වොව් කලාපයේ ස්ට්‍රිය්ව් නගරයට , එල්ල වූ ප්‍රහාරයෙන් පසු විශාල පිපිරීමක් සිදු වූ අතර, විදුලියද විසන්ධි වී තිබේ.
ඉවනොව් ෆ්‍රන්කොව්ස්ක් ප්‍රදේශයේ, යුක්රේන හමුදාවට අයත් එෆ්-16 යානා දෙකක් සඟවා තිබූ ප්‍රදේශයක පිපිරීමත් සමඟ හමුදා උපකරණ සහිත ගබඩාවක් වෙත ප්‍රහාර එල්ල කරන ලද බව රුසියානු හිතවාදී සංවිධානයක් ස්පුට්නික් වෙත පැවසීය. ප්‍රහාරය ඉන්ධන සහ ලිහිසි තෙල් ගබඩා කරන බහාලුම්වලට ඉලක්ක කර ඇති බව වාර්තා වන අතර කළු දුමාරයක් ඉහළ යන අයුරු දැකගත හැකි වූ බවද ස්පුට්නික් වෙත තොරතුරු ලබා දුන් පිරිස් පවසා තිබේ. ඉවානෝව්-ෆ්‍රැන්කොව්ස්ක් හි සමහර ප්‍රදේශ යුක්‍රේන හමුදා විසින් අවහිර කර ඇති අතර බොහෝ ගිලන්රථ එම ස්ථානයේ තිබූ බවද වාර්තා වේ.
වොලින්හි ස්ථානගතව සිටි යුක්රේන හමුදා ඛන්ඩයක් ඉලක්ක කරගත් නිරවද්‍ය ප්‍රහාරයක් සිදුව ඇති බවද ස්පුට්නික් පුවත් සේවය පවසයි.
යුක්රේන බලශක්ති, ආරක්ෂක කර්මාන්ත අංගන, හමුදා අණ සහ සන්නිවේදන පහසුකම් ඉලක්ක කර පහර දීමේදී රුසියානු සන්නද්ධ හමුදා නේවාසික ගොඩනැගිලි හෝ සමාජ යටිතල පහසුකම් වලට පහර නොදෙන බව මොස්කව් පරිපාලනය නැවත නැවතත් අවධාරනය කර ඇත.
Russian Forces Hammer Ukrainian Defense Industry Facilities: What is Known so Far
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
