
රුසියානු න්‍යෂ්ටික බලාගාරයට පහර දීමට යුක්රේන හමුදා උත්සාහ කළා - පුටින්
යුක්රේන හමුදා රුසියාවේ කර්ස්ක් න්‍යෂ්ටික බලාගාරයට පහර දීමට උත්සාහ කළ බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කැබිනට් රැස්වීමකදී පැවසීය.
න්‍යෂ්ටික මධ්‍යස්ථානය පිහිටා ඇති කුර්චතොව් නගරයට ළඟා වීමට උත්සාහ කරමින් කියෙව්හමුදා මේ මස මුලදී රුසියාවේ කර්ස්ක් කලාපයට දහස් ගණනක් හමුදා යවා ඇත. මොස්කව් පරිපාලනය ආක්‍රමණය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ආක්‍රමණිකයන් පලවා හැරීම සඳහා අතිරේක හමුදා යොදවා ඇත.
“ඊයේ රාත්‍රියේ සතුරා පරමාණු බලාගාරයට පහර දීමට උත්සාහ කළා,” පුටින් ඊයේ(23) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමකදී පැවසීය. “ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට [IAEA] තත්වය පිළිබඳව දන්වා තිබෙනවා. ඔවුන් පැමිණ තත්ත්වය තක්සේරු කිරීමට විශේෂඥයින් යැවීමට පොරොන්දු වී තිබෙනවා. ඔවුන් ඇත්තටම එසේ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ” පුටින් වැඩි දුරටත් පැවසුවේය.
යුරෝපයේ විශාලතම න්‍යෂ්ඨික බලාගාරය වන සෆරෝසි හි තිබෙන න්‍යෂ්ඨික බලාගාර IAEA නිළධාරින් නිරීක්ෂකයින් ලෙස කටයුතු කරයි. යුක්රේන හමුදා 2023 ගිම්හානයේදී බලාගාරය අත්පත් කර ගැනීමට උත්සාහ කළ බැවින් IAEA නිළධාරින් මෙලෙස නිරීක්ෂණ මෙහෙයුමෙහි යොදවා තිබුණි. මෙම මස මුලදී, යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් බලාගාරයේ එක් සිසිලන කුළුණක් ගිනිබත් විය.
ර්‍ඔසටොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සි ලිඛචෙව් IAEA අධ්‍යක්ෂ රෆායෙල් ග්‍රොස්සි සමඟ බලාගාර දෙකෙහිම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, තත්වය පෞද්ගලිකව තක්සේරු කිරීම සඳහා කර්ස්ක් වෙත පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කර ඇති බව රුසියානු මාධ්‍ය පවසයි.
ග්‍රොස්සි එම ආරාධනය පිළිගෙන ඇති අතර ලබන සතියේ කර්ස්ක් වෙත යාමට සැලසුම් කරමින් සිටින බව IAEA ප්‍රකාශකයෙකු ඒ එෆ් පී පුවත් සේවය වෙත පවසා තිබේ. ඉන් අනතුරුව, ඔහු කියෙව් වෙත ගොස් යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා කරනු ඇත.
ග්‍රෝසිට අනුව, කුප්‍රකට චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරය හා සමාන ප්‍රතික්‍රියාකාරක ක්‍රියාත්මක කරන බැවින්, කර්ස්ක් න්‍යෂ්ඨික බලාගාරය අසල ඕනෑම සටන් මෙහෙයුම් සම්බන්ධයෙන් IAEA දැඩි සැලකිල්ලක් දක්වනු ලබයි.
“බලාගාරය වටා ආරක්ෂිත ගෝලාකාරයක් නැහැ. තිබෙන්නේ සාමාන්‍ය වහලයක් පමණයි. එයින් අදහස් කරන්නේ ප්‍රතික්‍රියාකාරකයේ හරය ඉතා හොඳින් නිරාවරණය වී ඇති බවයි.” ග්‍රෝසි පැවසීය. කාලතුවක්කු ප්‍රහාරක පරාසය තුළ ස්ථානගතව භට පිරිස් සිටීම “මගේ සහ නියෝජිතායතනයේ ඉමහත් සැලකිල්ලට ලක්වෙනවා” යැයි ඔහු පැවසූවේ කුමන භට පිරිස්ද යන්න සඳහන් නොකරමිනි.
කර්ස්ක් න්‍යෂ්ඨික බලාගාරයට පහර දීම සම්බන්ධයෙන් කියෙව් පරිපාලනයට දොස් පැවරිය යුතු බව IAEA කාර්ය මණ්ඩලය හොඳින්ම දැන සිටියද, න්‍යෂ්ටික බලාගාරවලට එල්ල කළ ප්‍රහාරවල අපරාධකරු කිසි විටෙකත් හඳුනා නොගැනීම සම්බන්ධයෙන් මොස්කව් පරිපාලනය IAEA වෙත නැවත නැවතත් විවේචන එල්ල කළේය.
පසුගිය සතියේ රුසියානු හමුදා මාධ්‍යවේදියෙකු වන මරත් ඛයිරුල්ලින් වාර්තා කළේ යුක්රේනය කර්ස්ක් හෝ හෝ සෆරෝසි න්‍යෂ්ඨික බලාගාර වෙත ප්‍රහාරකයා හඳුනා ගැනීමට නොහැකි ආකාරයේ ප්‍රහාරයක් සඳහා “අපිරිසිදු බෝම්බයක්” සූදානම් කරමින් සිටින බවයි. මොස්කව් පරිපාලනය කියා සිටියේ තමන් මරත් ගේ වාර්තාව බැරෑරුම් ලෙස සලකන බවත් එවැනි ඕනෑම ප්‍රහාරයකට “දැඩි මිලිටරි හා මිලිටරි-තාක්ෂණික ප්‍රතිප්‍රහාර” මගින් වහාම මුහුණ දෙන බවත් අවධාරණය කළේය.
Ukraine tried to attack Russian nuclear plant – Putin
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
