
ජනපති අපේක්ෂක වත්කම් එළියට
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 39දෙනා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.
දූෂණ විරෝධී පනතේ 88 (1) උප වගන්තියට අනුව අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව සංස්කරණය කරන ලද පිටපත් කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
එම තොරතුරු අනුව ප්‍රධාන අපේක්ෂකයන් කිහිපදෙනකුගේ වත්කම් කිහිපයක් මෙසේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැටුප ලෙස රුපියල් අනූ හත් දහස් පන්සියයක් (97,500)ක්ද පරිහරණය කරන වාහන ලෙස බෙන්ස් රථ දෙකක් සහ ජීප් රථයක් සඳහන් කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දීමනා ලෙස රුපියල් දෙලක්‍ෂ අනූපන්දහස් හයසිය අසූ එකයි ශත දාහතරක් (295,681.14ක්) සඳහන් කර ඇත. පරිහරණය කරන වාහන ලෙස ඩබල් කැබ් රථ දෙකක් ප්‍රාඩෝ ජීප් රථයක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් සඳහන් කර තිබේ.
ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාගේ මාසික වැටුප සහ දීමනාවල එකතුව රුපියල් 202,517.34ක් සඳහන් කර ඇත.
භාවිත කරන වාහනය ලෙස ටොයොටා හයිලැක්ස් ඩබල් කැබ් රථයක් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් හාර ලක්‍ෂ පනස් හතර දහස් දෙසිය අසූ පහක් (454,285)ක් සඳහන් කර ඇත.
පරිහරණය කරන මෝටර් රථ ලෙස ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් දක්වා තිබේ. හිටපු ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගේ මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් දෙලක්‍ෂ අසූදහස් (280,000) දක්වා ඇත. ලෝටස් හෝල්ඩිං සමාගම් අධ්‍යක්ෂ ලෙස මාසික දීමනාවල එකතුව ලෙස රුපියල් දහතුන් ලක්‍ෂ හතළිස් පන් දහසය (1,345,000ක්) සඳහන් කර ඇත. භාවිත කරන වාහන ලෙස ටොයොටා වී8 එකක් ලෙස දක්වා තිබේ.
ජනක රත්නායක මහතාගේ මාසික වැටුප ලෙස රුපියල් දෙලක්‍ෂ පනස් දහස් 2,50,000ක් ද භාවිත කරන වාහන ලෙස පෝර්ඩ් ජීප් රථයක් සහ බෙන්ස් මෝටර් රථයක් සඳහන් කර ඇත.
සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ලෙස රුපියල් පනස් හතර දහස් දෙසිය අසූ පහක් (54,285) සහ දීමනා ලෙස රුපියල් දෙලක්‍ෂ හැට තුන් දහස් පන්සියයක් (263,500) සඳහන් කර තිබේ. පරිහරණය කරන වාහනය ලෙස ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථය දක්වා ඇත.
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මන්ත්‍රී වැටුප ලෙස රුපියල් හැට පන්දහසක්ද, දීමනා ලෙස රුපියල් තුන් ලක්‍ෂ හතළිස් දහසක්ද ව්‍යාපාරික වැටුප ලෙස රුපියල් ලක්‍ෂ පහක් ද (500,000), ජපානයේ විදේශ වැටුප ලෙස රුපියල් ලක්‍ෂ තිහක්ද සඳහන් කර ඇත. භාවිත කරන වාහනය ලෙස මස්ට්ටෑන්ග් මෝටර් රථය දක්වා ඇත.
දිලිත් ජයවීර මහතාගේ මාසික දීමනා ලෙස රුපියල් එක් කෝටි හැට පන් ලක්‍ෂයක් (16,500,000) ලෙස සඳහන් කර ඇත.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
