
IMF සහ විදෙස් රටවල් එක්ක සාකච්ඡා කරල ආර්ථිකය ගොඩගන්න බෙහෙතක් දුන්නා... පළාත් පාලන ඡන්දය පවත්වන්නේ පස්සේ - ජනපති රනිල් කියයි
ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය ද ඉන්පසු පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බව ද ඉන් පසු පළාත් පාලන හා නගර සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ඊයේ(22) පැවති නව ජනතා පෙරමුණේ ජාතික මහා සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය නොහැකි බවත් එය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවත් කීවේය.
මීට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් අද රට පවතින තත්ත්වය කෙසේ විය හැකි දැයි විමසන බව පැවසූ ජනාධිපතිවරයා තමා රට භාරගන්නා විට රටේ දළ දේශීය නිෂ්පාදන ආදායම පැවතියේ ඩොලර් බිලියන 76ක් බවත් එය ඩොලර් බිලියන 84 දක්වා ඉහළ නැංවූ බවත් පැවසීය.
ඒ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් මෙලෙස ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි වන බව ද කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විදෙස් රටවල් සමග සාකච්ඡා කර ආර්ථිකය ගොඩනැගීමට බේතක් දුන් බවත් ඒ සඳහා මාස ,සති,දින සහ පැය ගණන පවා වැදගත් වූ බව සදහන් කළේය.
විපක්ෂය කළේ මැතිවරණ පවත්වන ලෙස නඩු දැමීම යැයිද නඩු දැමිය යුතුව තිබුණේ වැටුණු ආර්ථිකය යළි ගොඩ නංවන ලෙස ඉල්ලා යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අධිකරණය අද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇති තීන්දුව වන්නේ එම මැතිවරණය සුදුසු කල්හි පැවත්වීමට කටයුතු කරන ලෙස බව කී ජනාධිපතිවරයා එම මැතිවරණය පැවැත්වීමට පෙර ඡන්ද නාම ලේඛනය ද වෙනස් කළ යුතු බව කීවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
