IMF සහ විදෙස් රටවල් එක්ක සාකච්ඡා කරල ආර්ථිකය ගොඩගන්න බෙහෙතක් දුන්නා... පළාත් පාලන ඡන්දය පවත්වන්නේ පස්සේ - ජනපති රනිල් කියයි
ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය ද ඉන්පසු පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බව ද ඉන් පසු පළාත් පාලන හා නගර සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ඊයේ(22) පැවති නව ජනතා පෙරමුණේ ජාතික මහා සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය නොහැකි බවත් එය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවත් කීවේය.
මීට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් අද රට පවතින තත්ත්වය කෙසේ විය හැකි දැයි විමසන බව පැවසූ ජනාධිපතිවරයා තමා රට භාරගන්නා විට රටේ දළ දේශීය නිෂ්පාදන ආදායම පැවතියේ ඩොලර් බිලියන 76ක් බවත් එය ඩොලර් බිලියන 84 දක්වා ඉහළ නැංවූ බවත් පැවසීය.
ඒ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් මෙලෙස ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි වන බව ද කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විදෙස් රටවල් සමග සාකච්ඡා කර ආර්ථිකය ගොඩනැගීමට බේතක් දුන් බවත් ඒ සඳහා මාස ,සති,දින සහ පැය ගණන පවා වැදගත් වූ බව සදහන් කළේය.
විපක්ෂය කළේ මැතිවරණ පවත්වන ලෙස නඩු දැමීම යැයිද නඩු දැමිය යුතුව තිබුණේ වැටුණු ආර්ථිකය යළි ගොඩ නංවන ලෙස ඉල්ලා යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අධිකරණය අද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇති තීන්දුව වන්නේ එම මැතිවරණය සුදුසු කල්හි පැවත්වීමට කටයුතු කරන ලෙස බව කී ජනාධිපතිවරයා එම මැතිවරණය පැවැත්වීමට පෙර ඡන්ද නාම ලේඛනය ද වෙනස් කළ යුතු බව කීවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..