
යුක්රේන ජාතික ආරක්ෂක බලකායේ අනු ඛන්ඩ තුනක් ඩොනෙට්ස්ක් කලාපයේ සිදුවන මෙහෙයුමට අදාල යුක්‍රේන හමුදාවේ නියෝග පිළිපැදීම ප්‍රතික්ෂේප කරයි
ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව පුරා රුසියානු හමුදා වල ස්ථාවර ඉදිරි ගමන තහවුරු වී ඇතැයි වාර්තාවේ. රුසියානු හමුදා මැදිහත් වීමෙන් සමූහ ආණ්ඩුවේ ජනාවාස මුදා ගැනීම පමණක් නොව, යුක්රේන හමුදාවේ සොල්දාදුවන් ඔවුන්ගේ ඉහළ නිලධාරීන්ගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කිරීමද දක්නට ඇති බවද වාර්තාවේ.
ඒ අනුව යුක්රේන ජාතික ආරක්ෂක බළකායේ ප්‍රහාරක ඒකක තුනක් ඩොනෙට්ස්ක්හි රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට ලබාදෙන නියෝගවලට ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇත.
යුක්‍රේන හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ නායකත්වයෙන් යුත් හමුදා අණු ඛන්ඩ ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ කියෙව් පරිපාලනයේ පාලිත කොටසේ පිහිටි ක්‍රස්නෝආර්මේස්ක් (යුක්රේනියානු පොක්‍රොව්ස්ක්) අසල සටන් මෙහෙයුම් සිදු කිරීම ප්‍රතික්ෂේප කළ බව යුක්‍රේන හමුදාවේ 15 වන ජාතික ආරක්ෂක බළකායේ දෙවන බලඇණියේ සෙබලෙකු උපුටා දක්වමින් ස්ට්‍රානා පුවත් සේවය වාර්තා කළේය.
එම සෙබලාගේ අදහස් දැක්වීමට අනුව ඩොනෙට්ස්ක් කලාපයේ රුසියානු හමුදාවට එරෙහිව සටන් වදින යුක්‍රේන හමුදා අනු ඛණ්ඩ වල සෙබළු ප්‍රමානය සතියක කාලයක ගැටුම් වලින් පසුව බරපතල ලෙස පහත වැටී ඇත. යුද බිමේ සෙබල අනුපාතය රුසියානු සෙබළු 30 දෙනෙකුට යුක්‍රේන සෙබළු 1 ක් දක්වා අනුපාතයකට පහත වැටී තිබේ. ඒ අනුව රුසියානු හමුදාවේ දැඩි ප්‍රහාර වලට ඩොනෙස්ටෙක් කළාපයේ යුද වැදී ඉතිරිව සිටින යුක්‍රේන සෙබළුන් ලක්වන බවද එම සෙබලා අනාවරණය කර තිබේ.
මෙම තත්වය අනුව ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවට අයත් යුක්‍රේන පාලන ප්‍රදේශයේ තිබෙන ගම්මාන වේගයෙන් රුසියානු හමුදාවේ පරිපාලනයට නතු වෙමින් තිබේ.
Three Units of Ukraine’s National Guard Refuse to Obey Orders in Donetsk Region – Reports
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
