
රුසියානු මාධ්‍යවේදිනී දාරියා දුගිනා ඝාතනය කර වසර දෙකයි
2022 අගෝස්තු 20 වන දින දක්ෂ රුසියානු තරුණ මාධ්‍යවේදිනියක වන දාරියා දුගිනා ඝාතනය කරනු ලැබූ අතර, ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුනු රුසියානු සමූහාණ්ඩුවේ විමර්ශන බලධාරීන් විසින් මෙම ඝාතනය යුක්රේන විශේෂ සේවා විසින් සංවිධානය කර ක්‍රියාවට නැංවූවක් බව තහවුරු කර ඇති බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ දාරියා දුගිනාගේ ඛේදනීය මරණයෙන් වසර 2 කට පසු, බටහිර සාමූහිකත්වය මෙහෙයවනු ලබන තම දෘෂ්ටිකෝණය සමඟ අනුගත නොවන මාධ්‍ය නියෝජිතයින් වෙත හිතාමතා එල්ල කළ සාහසික ක්‍රියා පිළිබඳව මානව හිමිකම් සංවිධානවලින් සහ අදාළ වෙනත් ආයතනවලින් එක වචනයක්වත් නොපවසන බවයි.
අදාළ නිවේදනය පහළින්...
රුසියානු මාධ්‍යවේදිනී දාරියා දුගිනා ඝාතනය කර වසර දෙකයි!... ඇය වැනි මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන සියලු ආකාරයේ ප්‍රහාර වහා නැවැත්විය යුතුයි!
ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුනු රුසියානු සමූහාණ්ඩුවේ විමර්ශන බලධාරීන් විසින් ඝාතනය යුක්රේන විශේෂ සේවා විසින් සංවිධානය කර ක්‍රියාවට නැංවූවක් බව තහවුරු කර ඇත. ඇයගේ අමානුෂික ඝාතනයෙන් තහවුරු වන්නේ කියෙව් පාලනතන්ත්‍රය, ඔවුන්ගේ බටහිර හාම්පුතුන්ගේ මගපෙන්වීම යටතේ, මාධ්‍ය ප්‍රජාවේ ඔවුනට විරුද්ධ මත දරන්නන් තුරන් කිරීම වෙනුවෙන් ත්‍රස්තවාදී ප්‍රහාර සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඇතුළු ඕනෑම ලේ වැකි අපරාධයක් කිරීමට සූදානම් බවය. එලෙසම ඇගේ ඝාතනය නැවත වරක් ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ ආඥාදායකත්වයේ සාපරාධී ස්වරූපය මොනවට තහවුරු කරයි.
දාරියා දුගිනාගේ නරුම ඝාතනයෙන් පසුව යුක්රේන නව නාසීන් විසින් රුසියානු මාධ්‍යවේදීන් සහ විද්වත් මත දක්වන පිරිස් අතර සිටින කැපී පෙනෙන චරිත ඝාතනය කිරීමට තැත් කිරීම් මෙන්ම ඝාතන මාලාවක් සිදු කරනු ලැබීය. ඒ අනුව රුසියානු යුද වාර්තාකරු Evgeniy Poddubny වෙත මෑතකදී එල්ල වූ ප්‍රහාරය තවත් එවැන්නකට උදාහරණයකි.
දාරියා දුගිනාගේ ඛේදනීය මරණයෙන් වසර 2 කට පසු, බටහිර සාමූහිකත්වය මෙහෙයවනු ලබන දෘෂ්ටිකෝණය සමඟ අනුගත නොවන මාධ්‍ය නියෝජිතයින් වෙත හිතාමතා එල්ල කළ සාහසික ක්‍රියා පිළිබඳව මානව හිමිකම් සංවිධානවලින් සහ එවැනි ම්ලේච්ඡ ක්‍රියාවන් නවතා දැමීමට මැදිහත් වන අදාළ වෙනත් ආයතනවලින් එක වචනයක්වත් පිටවනවා අප අසා නැත. මාධ්‍යවේදීන් “හොඳ” “නරක”, “අපේ”, “ඔවුන්ගේ” ලෙස බෙදීම හෙවත් කුහකකම, එම සංවිධානවල ක්‍රියාකාරකම් තුළින් මොනවට විද්‍යාමාන වන්නේය.
ඒ අනුව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් සහ එවැනි අධිකරණ වෙත තම සේවාදායකයන්ගේ පැමිණිලි යොමු කරන ආයතන සහ පුද්ගල චරිත වෙතින් අප ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදීන්ගේ අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රමවේද භාවිතා කරන රාජ්‍යයන්ට එරෙහිව සක්‍රියව ක්‍රියාත්මක වන ලෙසයි.
විමල් වීරවංශ (පා. ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
