උතුරු, නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ නෑ... ඉඩම්, පොලිස් බලතල දෙන්නෙත් නෑ - නාමල් පොහොට්ටුවේ මංගල ජන රැලියේ දී කියයි
ඡන්ද කාලයේ දී උතුරු නැගෙනහිර ජනතාවට බොරු පොරොන්දු දී රවට්ටා පලක් නැති බවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත් පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල ලබාදීමත් තමන් කිසිසේත් නොකරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (21දා) පැවසීය.
නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල රැලිය අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ ඊයේ පැවැති අවස්ථාවේදී ඔහු මේ බව කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,
"අපේ පක්ෂය මේ රටේ දේශපාලන සිතියම වෙනස් කරපු බලවේගයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මායිම් ගම්මාන කියන වචනය ශබ්දකෝෂයෙන් අයින් කළා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළා. 2015 අපි පැරදුණා. ගෝඨාභය මැතිතුමාට ලැබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා භාර දීපු රට නෙවෙයි. කොවිඩ් වසංගතය වෙලාවෙදි අපේ ජනාධිපතිවරයා තීරණය කළේ ආර්ථිකය වෙනුවට රටේ ජනතාවගේ ජීවිත සුරකින්න. එදා අපි එන්නත් ගෙනත් දුන්නා. නිරෝධායන වෙන ජනතාවට රුපියල් 15000 බැගින් දුන්නා. එදා යම් කුමන්ත්‍රණ වැඩපිළිවෙළක් නිසා ආණ්ඩුව වැටුණා.
ආණ්ඩුව වැටුණත් අපි රාජ්‍ය වැටෙන්න දෙන්න බැරි නිසයි රනිල් වික්‍රමසිංහ මහත්තයට සහයෝගය දුන්නෙ. කෙටි කාලීන වරදාන වරප්‍රසාද අපිට අවශ්‍ය නෑ. ඒ නිසා අපේ පක්ෂය විශ්වාස කරන දේශීය චින්තන වැඩපිළිවෙළ සහ දේශීය ආර්ථිකය සුරකින වැඩපිළිවෙළ ඔස්සේ අපි යනවා. මම අභියෝගවලට ආදරේ කරනවා. ඒක ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන්. අපි ප්‍රතිපත්ති ආරක්ෂා කරන බල කඳවුරක්. 2005- 2015 කාලයේදී තිබුණු කෘෂිකර්ම ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් එය නවීකරණය කරමින් අරගෙන යන්න මම ඔබට පොරොන්දු වෙනවා. තරුණ පරම්පරාවට තාක්ෂණය අපි දෙනවා. ඒ හරහා පොහොසත් පුරවැසියෙක් බිහි කිරීමේ වගකීම මම භාරගන්නවා.
මහින්ද රාජපක්ෂ යුගයේදී සමෘද්ධියෙන් ගෘහස්ථ ආර්ථිකය ගොඩනැගුවා. දැන් කරන්නේ පිටින් ගෙන්නලා මෙහෙ විකුණන එක. දැන් සමෘද්ධිය කප්පාදු කරලා. පැහැදිලිවම පොදු ජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ අපි සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරලා දැවැන්ත වැඩපිළිවෙළක් කරනවා. අපේ රට ඒකීය රටක්. අපි දේශපාලනයේ ඉන්නකම් යළිත් මේ රට තුළ මායිම් ගම්මාන ඇති වෙන්න ඉඩ තියන්නේ නෑ. මේ බෞද්ධ රට තුළ සියලු ආගම්වලට ගරුත්වය දෙන්න අපි සූදානම්. පළාත් සභා තුළ ඉඩම්, පොලිස් බලතල නම් අපි දෙන්නේ නෑ. උතුරේ දමිළ අම්මා තාත්තව, සහෝදර සහෝදරියන් අපි ඡන්දෙ කාලෙකට රවට්ටල වැඩක් නෑ. අපි භාෂාව රැකලා දෙන්නම්. හැබැයි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න බෑ.
ඒ වගේම මේ රටේ අසීමිත බදු බරින් රටේ ජනතාව මුදාගන්න වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. වක්‍ර බදු වෙනුවට සෘජු බදුවලට යමු. දේශීය ව්‍යාපාරිකයා ව්‍යවසායකයා සුරකිමු. එතකොට තමයි ගමේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..