
ඉන්දියාව ලංකාව යාකරන පාලම මෙරට ආරක්ෂාවට තර්ජනයක් - මල්වතු මහ නාහිමියෝ ඉන්දීය මහ කොමසාරිස්ට කියති
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමෙන් මෙරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ පැවසූහ.
මේ වන විට ද ඉන්දියාවේ සිට කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය උතුරට ගෙන එන බවත් පාලමක් තැනීමෙන් එය වඩාත් පහසුවෙන්ම සිදු කිරීමට පසුබිම සැකසෙනු ඇතැයි තමන් වහන්සේ විශ්වාස කරන බවත් මහනායක හිමියෝ පැවසූහ.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පෙරේදා (20 දා) පැමිණි අවස්ථාවේ මහ නාහිමියෝ මේ බව විමසූහ.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බව පැවසුවේය. මෙම පාලම ඉදිකිරීමෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ කටයුතුවල වර්ධනයක් ඇතිවන අතරම උතුරු ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩි දියුණු වන බවද හෙතෙම පැවසුවේය.
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ විහාරස්ථාන හා පිරිවෙන් 5000 කට ආසන්න සංඛ්‍යාවක සූර්ය පැනල සවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් එම ව්‍යාපෘති විවෘත කිරීම තරමක් පමා වන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසීය.
මේ වනවිට බෞද්ධ විහාරස්ථාන 4000 ක සහ පිරිවෙන් 800 ක සූර්ය පැනල සවි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් තවත් විහාරස්ථාන 3000 කට ඉදිරියේදී සූර්ය පැනල ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා කීය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
