ඉන්දියාව ලංකාව යාකරන පාලම මෙරට ආරක්ෂාවට තර්ජනයක් - මල්වතු මහ නාහිමියෝ ඉන්දීය මහ කොමසාරිස්ට කියති
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීමෙන් මෙරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ පැවසූහ.
මේ වන විට ද ඉන්දියාවේ සිට කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය උතුරට ගෙන එන බවත් පාලමක් තැනීමෙන් එය වඩාත් පහසුවෙන්ම සිදු කිරීමට පසුබිම සැකසෙනු ඇතැයි තමන් වහන්සේ විශ්වාස කරන බවත් මහනායක හිමියෝ පැවසූහ.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පෙරේදා (20 දා) පැමිණි අවස්ථාවේ මහ නාහිමියෝ මේ බව විමසූහ.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන බව පැවසුවේය. මෙම පාලම ඉදිකිරීමෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ කටයුතුවල වර්ධනයක් ඇතිවන අතරම උතුරු ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩි දියුණු වන බවද හෙතෙම පැවසුවේය.
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ විහාරස්ථාන හා පිරිවෙන් 5000 කට ආසන්න සංඛ්‍යාවක සූර්ය පැනල සවි කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් එම ව්‍යාපෘති විවෘත කිරීම තරමක් පමා වන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසීය.
මේ වනවිට බෞද්ධ විහාරස්ථාන 4000 ක සහ පිරිවෙන් 800 ක සූර්ය පැනල සවි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් තවත් විහාරස්ථාන 3000 කට ඉදිරියේදී සූර්ය පැනල ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා කීය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..