News Category
From Date
To Date
Maximum Number of Result

විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස්, ගුරු අධ්‍යාපන‍ය වළපල්ලට යවලා - විද්‍යා පීඨ කථිකාචාර්ය සංගමයෙන් චෝදනා

Aug 21, 2024 at 07:34 PM
|

විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස් තනතුර සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති  වත්මන් වැඩ බලන  ප්‍රධාන කොමසාරිස්වරිය  විවිධ බොරු කියමින් බලධාරීන් මුලා කරමින් තමන්ගේ අඩු සුදුසුකම්වලට ගැලපෙන ආකාරයට ගැසට් පත්‍රය පවා පළ කරගෙන ඇති බවත්, ඇය මේ වන විට ගුරු අධ්‍යාපන‍ය වලපල්ලට යෑමට හේතුවන අකටයුතුකම් කිහිපයක්ම  සිදු කර ඇති බවත් විද්‍යා පීඨ  කථිකාචාර්ය සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ශික්ෂණලාභීන්  බදවා ගැනීමේදි ඇය විසින් විනිවිදභාවය සහ විධිමත්භාවය තුට්ටුවකටවත් මායිම් කර නැති බව හා බදවා ගැනීමට නියමිත ප්‍රමාණයෙන් 40% ක්වත් විද්‍යාපීඨ සදහා බදවාගෙන නොමැති බවත් ය.

අදාළ නිවේදනය පහළින්...

විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස් ගුරු අධ්‍යාපන‍ය වළපල්ලට යවයි 

ප්‍රධාන කොමසාරිස් තනතුර සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති  වත්මන් වැඩ බලන ප්‍රධාන කොමසාරිස්වරිය  විවිධ බොරු කියමින් බලධාරීන් මුලා කරමින් තමන්ගේ අඩු සුදුසුකම්වලට ගැලපෙන ආකාරයට ගැසට් පත්‍රය පවා පළ කරගෙන ඇත.

ඇය මේ වන විට ගුරු අධ්‍යාපන‍ය වලපල්ලට යෑමට හේතුවන අකටයුතුකම් කිහිපයක්  සිදු කර ඇත.

2021/22 ශික්ෂණලාභීන්  බදවා ගැනීමේදි විනිවිදභාවය සහ විධිමත්භාවය තුට්ටුවකටවත් මායිම් කර නැත. 

මේ තත්ත්වය තුළ බදවා ගැනීමට නියමිත ප්‍රමාණයෙන් 40%වත් විද්‍යාපීඨ සදහා බදවාගෙන නැත.

කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ රුපියල් 8000 දීමනාව සිසුන් වෙත ලබා දීමට ක්‍රියාමාර්ග නොගෙන තිබූ අතර ශික්ෂණලාභීන්ගේ වාසනාවකට ඇමතිතුමා ඊට මැදිහත් වී අගෝස්තු මස සිට එම දීමනාව ගෙවීමට  කටයුතු කරන ලෙස මැයට නියෝග කර ඇත.

විෂමාචාර හා දූෂණ චෝදනාවලට ලක්වූ පීඨාධිපතිවරුන් කිහිප දෙනෙකු රැකගෙන ඔවුන් ලවා තමන්ට අවශ්‍ය කටයුතු කරවා ගැනීම මෙම කොමසාරිස්ගේ පරිපාලන ක්‍රමවේදයයි.

විද්‍යාපීඨ ශාඛාවේ අලස බව නිසා වසර ගනනාවක් ප්‍රමාද වූ කොරියන් තාක්ෂණික විද්‍යාපීඨය ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් 2025 ,ආරම්භ කිරීමට නියමිතය. 

ඒ සදහා එම විද්‍යාපීඨ පාලනය කිරීමට නියමිත පීඨාධිපති ඇතුලු  කළමනාකරණයට අදාළ නිලධාරීන්  කොරියානූ විදේශ පුහුණුවක් ලබාගැනීමට ට විදේශ ගත විය යුතු බව සදහන් වේ. නමුත් මේ වනවිට තමන්ගේ හිතවතුන්ට එම පුහුණුව වරප්‍රසාදයන් ලෙස ලබා දීමට ප්‍රධාන කොමසාරිස් ලහි ලහියේ  කටයුතු කරන බව කීපදෙනෙකු  විසින් දැනුම් දී ඇත. 

මෙය වහාම නිවැරදි කළ යුතුය .රජයේ සම්පත් නිසි ලෙස සුදුසුකම්වලටලට ගැලපෙන ආකාරයකට  බෙදා හැරිය යුතුය.

 එසේම ලබන වසරේ විශ්‍රාම යෑමට නියමිත  ප්‍රධාන කොමසාරිස් කොරියානූ පුහුණුවට යෑමට සූදානම් වේ . 

නුදුරේදී  ස්ථාන මාරු ලැබ යන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ද මෙම පුහුණුවට යවන්නේ ඇයි යන ප්‍රශ්නය මතු වේ.

සැබෑ අවශ්‍යතාවය විය යුත්තේ පීඨ  පාලනය කරන නිලධාරින් මෙවැනි විදේශ පුහුණුවක් ලබා දීම නොවේද? පීඨාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් දක්වනේ ඇල්මැරුණු ප්‍රතිපත්තියකි .

විද්‍යාපීඨය මැනවින් කළමනාකරණය සදහා පුහුණුව ලැබිය යුත්තේ එයට ඉදිරියේදී සම්මුඛ පරික්ෂණ මගින් තෝරා ගැනීමට නියමිත ගුරු අධ්‍යාපන‍ඥයන් පිරිසයි. නමුත් සිදුව ඇත්තෙ ප්‍රධාන කොමසාරිස් ඇතුලු ඇයගේ එහෙයියන් පිරිසක් සහ අදාළ නොවන පිරිසක් මේ පුහුණුවට නම්කර ගෙන තිබීමයි.

ගොඩනැගිල්ල හැදූ ඉංජිනේරුවා ,ජාතික අධ්‍යාපන‍ ආයතනයේ පිරිසක් මේ පුහුණුවට යෑමට නම් කිරීම තුලින්ම ප්‍රධාන කොමසාරිස්ගේ වැඩ පිළිවෙළ තේරුම් ගැනීමට හැකි වේ.

මෙම කොමසාරිස්වරියට විද්‍යාපීඨ සම්බන්ධයෙන් කිසිම සාධනීය කටයුත්තක් සිදුකිරීමට හැකියාවක් නැත. ඇය බලධාරීන්ට  කේලම් කියමින් තමන්ට සුදුසුකම් නැති වුවත් ප්‍රධාන කොමසාරිස් පත්වීම ස්ථිර කර ගැනිමට දැඩි උත්සාහයක් ගනිමින් සිටියි.

විද්‍යාපීඨ සම්බන්ධයෙන් සහ ගුරු අධ්‍යාපන‍ඥ සේවය සම්බන්ධයෙන් වසර 5ක සිට කරනු ලැබූ ඉල්ලීම් කිසිවකට මෙම කොමසාරිස්ගේ අවධානය යොමු වී නැත.

ඇය තමන්ට ආවඩන පීඨාධිපතිවරුන් ට සහ  ගුරු අධ්‍යාපන‍ඥයන්ට පමණක් ඕනෑම වරප්‍රසාදයක් ලබා දෙන බව  පද්ධතියේ සියලු දෙනාගේ මතයයි. 

- විද්‍යා පීඨ  කථිකාචාර්ය සංගමය

සම්බන්ධිත පුවත් | Related News

ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දී තිබෙන බවයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස 2017 - 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොටුව පොලීසියට නියම කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ලොව බිහිසුණු ම කොටි ත්‍රස්තවාදය පැවැති යුගයේ එනම් 1991, 1994, 2005 සහ 2009 වසරවල දළදා ප්‍රදර්ශන පැවැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) අවසර ලබාන්නාය.

ප්‍රධාන පුවත්

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ

යුක්රේන හමුදා අත්පත් කරගෙන සිටි රුසියාවට අයත් භූමි ප්‍රදේශයේ ජීවත් වන ජනයා ඉලක්ක කර රසායනික අවි භාවිත කර ඇති බවට රුසියානු ආරක්ෂක අංශ පවසයි.

මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.