News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරුවන් පාවා දෙන, "සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත" වහා හකුළා ගනු! - "සර්වජන බලය" පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක

Aug 21, 2024 at 03:36 PM
|

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන "සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත" හෙවත් "ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත" වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව අද(21) පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතාවක නිරත විය.

මෙම විරෝධතාවට සර්වජන බලය විධායක සභිකයෝ වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, යුතුකම සංවාද කවය ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සර්වජන බලය විධායක සභිකයෝ පෙන්වා දෙන්නේ, දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල උපාය මාර්ගයක සැලසුම්වලට අනුව සහ බලපෑම්වලට යටත් වී සත්‍ය සෙවීමේ නාමයෙන් ආණ්ඩුව විසින් සම්මත කිරීමට උත්සාහ කරන "ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව" පනත් කෙටුම්පතෙහි ආරක්ෂක හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා  එල්ල කිරීමට සහ ඔවුන් අපකීර්තියට පත් කිරීමට මෙන්ම මානසිකව බිඳවැට්ටවීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් බව ය.

එම චෝදනා මත පදනම්ව රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමට සහ විදේශීය රටවලදී නඩු පැවරීමට අදාළ ප්‍රතිපාදන ද මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත බව සර්වජන බලය  නායකත්වය මෙහිදී පෙන්වා දුන්හ.

දේශීයව, අපරාධ නීතිය සහ අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත යටතේ නඩු පැවරීමටත් දැනට සේවයේ නියුක්ත නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණ පැවැත්වීම මගින් දඬුවම් කිරීමටත් ඉහත පනත් කෙටුම්පත සම්මත වුවහොත් අවකාශය නිර්මාණය වන බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එපමණක් නොව මෙරට ආරක්ෂක හමුදාවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් 2015 දී සම්මත කළ 30/1 යෝජනාවට අනුව මේ වන විට සම්මත කර ඇති නීතිමය රාමු 07 (ඇමුණුම 01 බලන්න) ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට අදාළව උපදෙස් ලබාදීම, සහාය ලබාදීම, එකඟතාව ඇතිකර ගැනීම ආදී වශයෙන් සමස්තය හැසිරවීම සඳහා වන බලවත් ප‍්‍රතිපාදන ඉහත කී පනත් කෙටුම්පතෙහි අන්තර්ගතව ඇති හෙයින් කෘතගුණ දත් සියලුම ජනතාව මෙම විනාශකාරී පනත් කෙටුම්පත  සම්මත වීම වැළැක්වීම සඳහා පෙරට ආ යුතු බව ද සර්වජන බලය නායකත්වය මෙහිදී අවධාරණය කළහ.

මාධ්‍ය අංශය,
සර්වජන බලය

ඇමුණුම 01

එම නීතිමය රාමු 07 සහ ඒවායේ අරමුණු මෙසේ සාරාංශ ලෙස දැක්විය හැක.

1. අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාල පනත - 2016:

එම නීතිය මඟින් සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස ඊනියා අතුරුදහන්වීම් පිළිබඳව ආරක්ෂක හමුදාවලට එරෙහිව චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ දේශීය යාන්ත‍්‍රණය ආරම්භ විය. ඒ මගින් අණදීමේ වගකීමට අදාළව චෝදනා ගොනුකිරීමට ප‍්‍රතිපාදන සැලසුණු අතර ඒ අනුව එම යාන්ත‍්‍රණය එක්තරා ආකාරයක චෝදනා කර්මාන්ත ශාලාවක් බවට පත්විය. නමුත් එවකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික බලවේගවල ප‍්‍රබල ඉල්ලීම පරිදි එම කාර්යාලය තමා යටතට ගැසට් කර ගැනීම මගින් ප‍්‍රායෝගිකව එම ක‍්‍රියාවලියට තිරිංග දමනු ලැබීය. එම හේතුව මත පසුකාලීනව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනුකිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් පිහිටුවනු ලැබීය.

2. පිටුවහල් කිරීමේ (සංශෝධන) පනත - 2017:

එම පනත මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව විසින් යෝජනා කළ පරිදි ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම සඳහා යුද අපරාධ චෝදනාවන්ට ලක්වන ආරක්ෂක හමුදා නිලධාරීන් පිටුවහල් කිරීමට පහසුකම් සැලසීය. එම සංශෝධනය මගින් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර පැවති එකඟතාව තවදුරටත් පුළුල් කරනු ලැබීය.

3. වන්දි ගෙවීම පිළිබඳ කාර්යාල පනත - 2018:

එම පනත මගින් යුද අපරාධවලට ගොදුරු වූ බවට සැලකෙන අතුරුදහන් වූවන් ඇතුළු සෙසු වින්දිතයන්ට සහන ලබාදීම සඳහා නීතිමය ප‍්‍රතිපාදන පනවනු ලැබීය.

4. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වැළැක්වීමේ අන්තර්ජාතික ප‍්‍රඥප්ති පනත - 2018: 

එම නීතිය මඟින් අතුරුදහන් කිරීම වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තරය ප‍්‍රඥප්තියේ අන්තර්ගත ප‍්‍රතිපාදන දේශීය නීතියට ඇතුළත් කරනු ලැබූ අතර ඊට අමතරව දේශියව යුද අපරාධ මහාධිකරණයක් ද පිහිටුවනු ලැබීය.

5. අපරාධ කටයුතු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා පනත - 2018:

මෙම නීතිය මඟින් යුද අපරාධ චෝදනාවට ලක් වූ ආරක්ෂක හමුදා නිලධාරීන්ට අදාළ චෝදනා සහ සාක්ෂි විදේශීය රටවල අභිචෝදකයින්ට ලබාදීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට බැඳීමක් ඇති වන අතර වැරදිකරුවන්ට අදාළව පැනවෙන දඩුවම් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට බැඳීමක් ඇතිවේ.

6. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සහ සහාය ලබාදීමේ පනත - 2023:

මෙම පනත මගින් 2016 පනත තවදුරටත් ශක්තිමත් වේ. ඒ මගින් අධිකරණයකදී හෝ අනාගතයේදී පිහිටුවන ලබන සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන කොමිසම වැනි කොමිසකමදී සාක්ෂි ලබාදෙන අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ වද බන්ධනයන්ට ලක්වූ බවට පිළිගන්නා පුද්ගලයින්ට විශේෂිත ආරක්ෂාවක් ලැබෙන අතර අදාළ සාක්ෂි ඉලෙක්ට්‍රොනික් ශ‍්‍රව්‍ය - දෘෂ්‍ය මාධ්‍ය මගින් ලබාදීමට නීත්‍යනුකූලව ඉඩ සැලසේ. ඒ අනුව විදේශවල සිටින පුද්ගලයින්ට හරස් ප‍්‍රශ්න ඇසීමට ලක් නොවී ගොතන ලද සාක්ෂි ඉදිරිපත් කරමින් චෝදනා එල්ල කිරීමට හැකියාව ලැබේ. නමුත් චෝදනාවලට පාත‍්‍ර වන ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඊට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැක.

7. ජාතික සමගිය සහ සංහිඳියාව කාර්යාල පනත - 2023













සම්බන්ධිත පුවත් | Related News

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයින්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, ඉන්දියාවේ හමුදා ආක්‍රමණයක් ආසන්න බව පාකිස්ථාන ආරක්ෂක ඇමති ඛවාජා මුහම්මද් අසීෆ් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දී තිබෙන බවයි.

ප්‍රධාන පුවත්

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.