අනුර රට බාරගන්නවා කියා ගෝඨාභයට ලිපියක් එවා නැහැ - සුගීෂ්වර බණ්ඩාර කියයි
රටේ පාලනය ඉල්ලා පසුගිය 2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨානය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කර ඇති ප්‍රකාශය පදනම් විරහිත බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අවධාරණය කරයි.
ජාතික ජන බලවේගයේ නායකයා පවසන ආකාරයේ ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත 2022 වසරේ මැයි මස 12 වැනි දින ලැබී නැති බව 7 වැනි විධායක ජනාධිපතිවරයාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලෙස ඒ මහතා පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම පදනම් විරහිත ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව පවසන සුගීෂ්වර බණ්ඩාර මහතා හැකි නම් එම ලිපිය ඉදිරිපත් කරන ලෙසත් එය භාර දුන්නේ කොහටදැයි පවසන ලෙස අභියෝග කරන බව ද කියා සිටී.
පැවැති අර්බුදය විසඳීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බවත් ඒ වෙනුවෙන් බලය ලබාදෙන්නැයි ඉල්ලා මැයි මස 12 වැනිදා හිටපු ජනාධිපති ගෝඨා- භය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කළ නමුත් එවැනි ලිපියක් ලැබුණු බවට හෝ පිළිතුරක් නොලැබුණේ යැයි ද අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..