LNG සැපයීමට සහ කෙරවලපිටියේ බලාගාරයක් සෑදීමට ඉන්දියාවත් සමග ගිවිසුමක් අස්සන් කරයි
ශ්‍රී ලංකාවට ස්වභාවික වායු(LNG) සැපැයීමට සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ LTL Holdings Limited සමාගම සහ ඉන්දියාවේ Petronet LNG Limited ඒකාබද්ධව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.
සමාගම් දෙකම එක්ව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් ඇගයීමට ලක්කිරීමෙන් පසු කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඔස්සේ පිරිසිදු සහ වඩා තිරසාර බලශක්ති උත්පාදනයක් කරා යන ශ්‍රී ලංකාවේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ එක්ව ඇත.
නුදුරේදීම ආරම්භ කෙරෙන කෙරවලපිටියේ සෝබධනවි බලාගාරය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ LNG සැපයීම සඳහා LTL සහ PLL ඒකාබද්ධ සංවර්ධනයක් සඳහා මෙම අවබෝධතා ගිවිසුම ඔස්සේ කටයුතු කෙරෙන බවයි වාර්තා වන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..