
ජනාධිපතිවරණ අස්සේ සිදුකළ ව්‍යවස්ථා සංශෝධන මගින් රටට සිදුවූ විනාශය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යාපනයට ගොස් සුළු ජාතික ඡන්ද ලබාගැනීමේ අටියෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දී ඇති බවත්, එයින් රටට වන විනාශය පිලිබඳව ඔවුන් කිසිඳු තැකීමක් නොකරන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
1988 වසරේ මාස 6ක් ඇතුළත විනාශකාරී සංශෝධන 3ක් ගෙන ඒමට රණසිංහ ප්‍රේමදාස මහතා කටයුතු කළ බවද, එමගින් 14 වැනි සංශෝධන ක්‍රියාත්මක කරමින් එවකට පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් ප්‍රමාණය 196 සිට 225 දක්වා 29කින් ඉහළ දැමූ බවද, එය සිදුකරන ලද්දේ සුළු ජාතික ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට බවද තිරාණගම මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
එසේම ජාතික ලැයිස්තුව ගෙන ආ බවත්, තිදෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ජනතාවට ලබාදී අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කළ බවත් පවසන ඒ මහතා, 1988 ජනාධිපතිවරණයේ දී 15 වැනි සංශෝධනය හා 16 වැනි සංශෝධනය එකම දිනක් තුළ සිදුකර ආසනයක නියෝජනයක් ලබාගැනීම සඳහා වූ 12.5%ක ඡන්ද ප්‍රතිශතය 5% දක්වා අඩු කළ බවත්, 16 වැනි සංශෝධනය හරහා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කළ බවත් එමගින් සුළු ජාතික පක්ෂ වලට හොඳ ඉල්ලමක් පෑදුන බවත් පෙන්වාදෙන ලදී.
2019 දී දෙමළ ඡන්ද ලබාදීමට නම් ඉල්ලීම් 13ක් ඉටුකළ යුතු බවට පුවත්පත් දැන්වීමක් පවා දෙමළ පක්ෂ පළ කළ බවද, එයට එකඟවීම නිසා සජිත් ප්‍රේමදාස මහතාට උතුරු හා නැගෙනහිර 88%ක් දෙමළ ඡන්ද ලැබෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුනේ ඡන්ද 7%ක පමණ ප්‍රතිශතයක් පමණක් බවද පෙන්වාදුන් ඒ මහතා, මෙම ජනාධිපතිවරණයේ දී ද මෙවැනි ගිවිසුම් ක්‍රියාත්මක විය හැකි බවද අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
