ජනාධිපතිවරණයේ දී අනිවාර්යෙන් 50%කට වඩා ගන්නවා... 60%ක්, 70%ක් පන්නන්න වුනත් බැරි නෑ - අනුර කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අතර එය ඇතැම්විට සියයට හැට හැත්තෑව දක්වා වුවත් ඉහළ යා හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹදී ඊයේ/ (19) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු එම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,
"රනිල් දැන් කියනවා ආණ්ඩුව ගන්න ආරාධනා කළා ඒ වෙලාවේ අපි හැංගුණා කියලා. රනිල්ගේ තරමට ඔය වගේ දේවල් කිව්වට කමන්නේ නැහැ. හැබැයි ජනාධිපති නිසා ඔය වගේ දේවල් කියන්න එපා. අපි බලය ඉල්ලලා ගෝඨාභයට ලිපියක් යැවුවා. ඒ ලියුම හම්බුණා කියලාවත් පිළිතුරු එව්වේ නැහැ. පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරපු වෙලාවේ ඉතිං මාව ජනාධිපති කරන්න තිබුණානේ. එයාලා අපිට එහෙම බලය දෙන්නේ නැහැ. අපි කිසිසේත්ම පැනලා ගියේ නැහැ. අපි ලෑස්තියි රට භාරගන්න.
දැන් සමාජය තුළ බියක් මවමින් තිබෙනවා. NPP ආණ්ඩුවක් ආවොත් මෙහෙම වෙයි කියලා. ඉතිහාසයේ ඇතැම් ඝාතන ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රචාරක මෙහෙයුමක් හදලා. අපි ඉතාමත් පැහැදිලිව කියනවා. NPP ජයග්‍රහණයකින් පසු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට නිය තුඩකින්වත් හානිවෙන්න දෙන්නේ නැහැ. ඒ වගකීම අපි භාරගන්නවා. කුරුණෑගල සජබ රැස්වීමේදී එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපි බලයට ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහැර නවත්වනවා කියලා. ඒ ප්‍රකාශ කරපු මන්ත්‍රීවරයා අපේ පස්සෙන් ආවා තිස් හතලිස් වතාවක් අපිට එකට ගන්න කියලා. මේ අවලාද සහ අසත්‍ය තොරතුරු සහිත මැතිවරණය ව්‍යාපාරය දියත් කරලා තියෙන්නේ."
මාධ්‍යවේදියා - දැන් සමාජයට මතයක් යවලා තියෙනවා ලක්ෂ 70ක් ගන්නවා කියලා. ලක්ෂ 70ට යන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා?
"ගෝඨාභයගේ ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණු පාක්ෂිකයා නොවෙයි. සජිත්ට ලැබුණ ලක්ෂ 55 සජිත්ගේම ඡන්ද නොවෙයි එතන තිබ්බේ ගෝඨාභයට එරෙහි ඡන්ද. පක්ෂවලට ලියවිලා නැති ඡන්ද ලක්ෂ 80කට වඩා තියෙනවා. ලක්ෂ 12ක් අලුත් ඡන්ද තියෙනවා. ඒ නිසා NPP එකට ලක්ෂ 70 ඉක්මවන්න පුළුවන්. NPP 51% ඉක්මනවා. දේශපාලනිකව බලද්දි 60% - 70% ට කිට්ටු වෙන්නත් පුළුවන්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..