
ජනාධිපතිවරණයේ දී අනිවාර්යෙන් 50%කට වඩා ගන්නවා... 60%ක්, 70%ක් පන්නන්න වුනත් බැරි නෑ - අනුර කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අතර එය ඇතැම්විට සියයට හැට හැත්තෑව දක්වා වුවත් ඉහළ යා හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹදී ඊයේ/ (19) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු එම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,
"රනිල් දැන් කියනවා ආණ්ඩුව ගන්න ආරාධනා කළා ඒ වෙලාවේ අපි හැංගුණා කියලා. රනිල්ගේ තරමට ඔය වගේ දේවල් කිව්වට කමන්නේ නැහැ. හැබැයි ජනාධිපති නිසා ඔය වගේ දේවල් කියන්න එපා. අපි බලය ඉල්ලලා ගෝඨාභයට ලිපියක් යැවුවා. ඒ ලියුම හම්බුණා කියලාවත් පිළිතුරු එව්වේ නැහැ. පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරපු වෙලාවේ ඉතිං මාව ජනාධිපති කරන්න තිබුණානේ. එයාලා අපිට එහෙම බලය දෙන්නේ නැහැ. අපි කිසිසේත්ම පැනලා ගියේ නැහැ. අපි ලෑස්තියි රට භාරගන්න.
දැන් සමාජය තුළ බියක් මවමින් තිබෙනවා. NPP ආණ්ඩුවක් ආවොත් මෙහෙම වෙයි කියලා. ඉතිහාසයේ ඇතැම් ඝාතන ගැන රනිල් වික්‍රමසිංහ ප්‍රචාරක මෙහෙයුමක් හදලා. අපි ඉතාමත් පැහැදිලිව කියනවා. NPP ජයග්‍රහණයකින් පසු ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන්ට නිය තුඩකින්වත් හානිවෙන්න දෙන්නේ නැහැ. ඒ වගකීම අපි භාරගන්නවා. කුරුණෑගල සජබ රැස්වීමේදී එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපි බලයට ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහැර නවත්වනවා කියලා. ඒ ප්‍රකාශ කරපු මන්ත්‍රීවරයා අපේ පස්සෙන් ආවා තිස් හතලිස් වතාවක් අපිට එකට ගන්න කියලා. මේ අවලාද සහ අසත්‍ය තොරතුරු සහිත මැතිවරණය ව්‍යාපාරය දියත් කරලා තියෙන්නේ."
මාධ්‍යවේදියා - දැන් සමාජයට මතයක් යවලා තියෙනවා ලක්ෂ 70ක් ගන්නවා කියලා. ලක්ෂ 70ට යන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා?
"ගෝඨාභයගේ ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණු පාක්ෂිකයා නොවෙයි. සජිත්ට ලැබුණ ලක්ෂ 55 සජිත්ගේම ඡන්ද නොවෙයි එතන තිබ්බේ ගෝඨාභයට එරෙහි ඡන්ද. පක්ෂවලට ලියවිලා නැති ඡන්ද ලක්ෂ 80කට වඩා තියෙනවා. ලක්ෂ 12ක් අලුත් ඡන්ද තියෙනවා. ඒ නිසා NPP එකට ලක්ෂ 70 ඉක්මවන්න පුළුවන්. NPP 51% ඉක්මනවා. දේශපාලනිකව බලද්දි 60% - 70% ට කිට්ටු වෙන්නත් පුළුවන්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
