News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාවේ කර්ස්ක් කළාපයේ යුක්‍රේන හමුදා ආක්‍රමණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය නිවැරැදි වාර්තාකරණයක යෙදී නැහැ- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

Aug 19, 2024 at 10:31 PM
|

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යය වල රුසියාවේ කර්ස්ක් කලාපය ඉලක්ක කර යුක්‍රේන හමුදා එල්ල කරන ආක්‍රමණික ප්‍රහාර සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු වාර්තා කර නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අද (19) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.  ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ප්‍රවෘත්ති උපුටාගත් මාධ්‍යවල කතුවරුන්ගේ මතය අනුව රුසියානු සමූහාණ්ඩුවේ භූමිය තුළ යුක්‍රේන හමුදා කළ ආක්‍රමණය "කියෙව් පාලන තන්ත්‍රයේ සටන්කාමීන්ගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා මෙන්ම සාර්ථකව සිදුවෙමින් පවතී". කෙසේ වුවද සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බව පවසන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සහ ප්‍රකාශ උපුටා දක්වන බවද පවසයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...

                                                                                                             මාධ්‍යය  නිවේදනයයි

                                                                                               කොළඹ රුසියානු තානාපති කාර්යාලය

                                                                                                                       2024 අගෝස්තු 19

                                                කර්ස්ක් කලාපය අවට යුක්රේන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්  පිළිබඳව වන නිවේදනයයි !

යුක්රේන හමුදා මෙහෙයුම් සාධාරණීකරණය කිරීමට මෙන්ම කර්ස්ක් කලාපයේ තත්ත්වය වැරදි ලෙස සමාජගත  කරන ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යවල මෑත කාලීන හැසිරීම් කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධානය යොමු කරණු ලැබීය. ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ප්‍රවෘත්ති උපුටාගත් මාධ්‍යවල කතුවරුන්ගේ මතය අනුව රුසියානු සමූහාණ්ඩුවේ භූමිය තුළ යුක්‍රේන හමුදා කළ ආක්‍රමණය "කියෙව් පාලන තන්ත්‍රයේ සටන්කාමීන්ගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා මෙන්ම සාර්ථකව සිදුවෙමින් පවතී". කෙසේ වුවද සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බැවින්, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සහ ප්‍රකාශ පහතින් උපුටා දක්වමු.

ඒ අනුව රුසියානු දේශසීමාවේ ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවතින දේ සහ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ නවතම ලේ වැකි අනර්ථ ක්‍රියාවේ සැබෑ ඉලක්ක මොනවාද යන්න පිළිබඳව ශ්‍රී ලාංකික මහජනයාගේ අවධානය යොමු කිරීම වෙනුවෙන් ඒ වෙත ආලෝකය යොමු කරමු.

“සාපරාධී සහ නීත්‍යානුකූල නොවන සෙලෙන්ස්කිගේ පාලන තන්ත්‍රය එහි පිරිසිදු නවනාසි ස්වභාවය ලොවට හෙළිදරව් කරනු ලබයි. යුක්රේන සන්නද්ධ හමුදාවන් තම අසාර්ථක වූ ඩොන්බාස් හි සිදු කළ මෙහෙයුම් වල  තත්ත්වය සැලකිල්ලට ගනිමින්, යුක්රේන බලධාරීන් කර්ස්ක් කලාපයේ දේශසීමා ආශ්‍රිතව ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කර ඇත. අගෝස්තු 8 වන දින යුක්රේන ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියාගේ උපදේශක මිහායිල් පොඩොල්යාක් විසින් නිර්ලජ්ජිතව පිළිගත් පරිදි, මෙම ප්‍රහාරය දිගුකාලීනව ඔවුන්  සාකච්ඡා වලට එළඹීමට ගන්නා පදනමේ තත්ත්වය වැඩිදියුණු කිරීමට අදහස් කරන්නේ යැයි කියෙව් පරිපාලනය විවෘතව ප්‍රකාශ කළේය."

“ලැබෙමින් තිබෙන වාර්තාවලට අනුව, කියෙව් පාලන තන්ත්‍රය කර්ස්ක් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ප්‍රහාරයක් සඳහා සූදානම් කිරීමක් දියත් කර ඇත.

 විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු  ජාත්‍යන්තර සංවිධානවලින් සහ ජාත්‍යන්තර පරමානු බලශක්ති අධිකාරිය වෙතින් රුසියාව ඉල්ලා සිටින්නේ, කියෙව් පාලන තන්ත්‍රයේ ප්‍රකෝපකාරි ක්‍රියාවන් වහා හෙළා දකින ලෙසත්, කර්ස්ක් න්‍යෂ්ඨික බලාගාරයෙ හි න්‍යෂ්ටික නිරුපද්‍රිතතාව සහ එහි ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම තර්ජනයක් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ය. එම බලාගාරයට යම් විදියකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය මිනිසා විසින් යුරෝපයේ නිර්මානය කරන ලද විශාලතම ව්‍යසනයට තුඩු දිය හැකිය."

යුක්රේනය පවසා සිටින පලායාමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපත් කරන දත්ත කෙරෙහි අවධානය යොමු කළ යුතුය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන වලට අනුව, අගෝස්තු 18 වන විට කියෙව් හමුදාවන්ට කර්ස්ක් මෙහෙයුමේදී පුද්ගලයින් 3460 ක්, යුද ටැංකි 50 ක්, පාබල සටන් වාහන 25 ක් අහිමි වි තිබේ.

සන්නද්ධ පිරිස් ප්‍රවාහනය කරන වාහන 45 ක්, සන්නද්ධ වාහන 262 ක් සහ සාමාන්‍ය වාහන 115 ක් ගුවන් යානා නාශක මිසයිල පද්ධති කිහිපයක් සහ රොකට් ප්‍රහාර දියත් කරන පද්ධති කිහිපයක් ද විනාශ වී තිබේ.

යුද ගැටුම් මෙන්ම යුද ආතතිය තවමත් පවතී. පසුගිය පැය 24 තුළ රුසියානු හමුදාව යුක්රේන බලසේනා 4 ක ප්‍රහාර මැඩපවත්වා තිබේ. කෙසේ වෙතත්, යුද බිමේ තත්වය කියෙව් හමුදාවන්ට වාසි සහගත යැයි පැවසීම සත්‍ය තත්වයෙන් බොහෝ සේ දුරස් ය. සතුරන්ගේ අපේක්ෂාවන් කුමක් වුවත්, රුසියානු ජනතාවගේ  ආත්ම විශ්වාසය හා එකමුතුකම අඩපණ වෙනවා වෙනුවට මේ වන විට වඩා ශක්තිමත් වී තිබේ. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අගෝස්තු 12 වැනි දින ප්‍රකාශ කළ පරිදි,  සාමකාමී ජනතාවට සහ සිවිල් වැසියන්ගේ දේපල වලට තෝරා බේරා ගැනීමකින් තොරව පහර දෙන සහ න්‍යෂ්ටික බලාගාර වල නිරුපද්‍රිතතාවයට තර්ජනය කරන අය සමඟ රුසියාව කිසිදු සාකච්ඡාවක් පවත්වන්නේ නැත.

-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය


On events around the Ukrainian terrorist actions in the Kursk region

සම්බන්ධිත පුවත් | Related News

පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්ඒ විමලරත්න රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දී තිබෙන බවයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස 2017 - 2019 කාලයේ සේවය කළ තුසිත හල්ලොලුව යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොටුව පොලීසියට නියම කර තිබේ.

ප්‍රධාන පුවත්

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.